Home » සතියේ කලදවස

සතියේ කලදවස

සැප්තැම්බර් 16 සිට 22 දක්වා

by gayan
September 14, 2024 12:30 am 0 comment

මේෂ – ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් හරහාය. ආර්ථිකය ශක්තිමත් බව දනවන ඥාති හිතවතුන්ගේ පැමිණීම ආධාර උපකාර ලබන සතියකි. ආරම්භයේදී දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ගෙන දෙයි. ගෘහ ජීවිතය සතුටුදායක වුවත් ආවේගශීලි බව පාලනය කර ගැනීම වැදගත්ය.

අපල අවම වීමට ඉවසීම ප්‍රමාණවත් වේ.

සුබ අංක – 6, 9 / සුබ වර්ණය – නිල් / සුබ දවස – අඟහරුවාදා

වෘෂභ – රැකියා ව්‍යාපාරවලට සුබයි.

සඳු ගමන් ගන්නේ 10, 11, 12 ලග්නය යන භාවයන් මතිනි. ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු මෙන්ම ගෘහ ජීවිතය සාමයෙන් පවත්වාගෙන යා හැකි සතියකි. හිතවතකුගේ ආධාර උපකාර ලැබෙන දුර ගමන් බිමන් ඇති කෙරෙන සතියකි. පාඩුවක් හෝ සිත් රිදීමක් ගෙන දිය හැකි වුවත් ඒ සමඟ සතුටුදායක වාතාවරණයක් උදාවේ. අපල අවම වීමට සෑම දිනකම බුදුන්ට පැන් වීදුරුවක් තබන්න.

සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සිකුරාදා, බදාදා

මිථුන – පුණ්‍ය සිතුවිලි උපදවයි

සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. පුණ්‍ය කටයුතුවලට දායකත්වය සැලසෙන සතියක් වන අතර රැකියා ව්‍යාපාර ආදිය පිළිබඳවද උනන්දුව ගෙන දෙයි. දුවා දරුවන් පිළිබඳ සතුටු විය හැකිය. ලැබීම් සහිතයි. දුවා දරුවන් පිළිබඳ සතුටු විය හැකිය. අපල අවම වීමට කුඩා දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය පිණිස උපකාරී වන්න.

සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස – සිකුරාදා

කටක – උගත් අයගේ ඇසුර

සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවතක් කන වැකෙන්නට ඉඩ තිබේ. ඉන් පසු කාලය යහපත්ය. උසස් උගත් අයගේ ඇසුර පූජ්‍ය පක්ෂයේ අනුශාසනා අසන්නට ලැබෙයි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙන අතර ගෘහ ජීවිතය තුළ උනන්දුවෙන් සියලු කටයුතු කර ගනියි. අපල අවම වීමට ධර්මය අසන්න.

සුබ අංක 7, 9 / සුබ වර්ණය – සුදු, කහ / සුබ දවස – සඳුදා.

සිංහ – සැහැල්ලුවෙන් කාලය ගත වේ

සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. ව්‍යාපාර අංශවල දියුණුවක් පවතින අතර සේවකයන්ගේ පැමිණීම අඩු විය හැකිය. යුග දිවිය තුළ ගැටලු අවම කරයි. නව හිත මිතුරන් මුණ ගැසේ. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය පෙන්නුම් කරයි. සැහැල්ලුවෙන් දින දෙක තුනක් ගත කළ හැකි සතියකි.

අපල අවම වීමට මැදිහත් බවකින් කටයුතු කරන්න.

සුබ අංක – 4, 5 / සුබ වර්ණය – රතු / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා

කන්‍යා – අරමුණු සපල වේ

සඳු ගමන් ගන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. වැඩ අධික ගමන් බිමන් අධික සතියකි. සාමාජීය ඇසුර පොදු වැඩවලට සහභාගිත්වය පෙන්වයි. දිරියෙන් කටයුතු කරයි. අවසානයේ බලාපොරොත්තු අරමුණු සපල වේ. ආගමික නැඹුරුවද ගෙන දෙයි. අපල අවම වීමට ඉවසීම මෛත්‍රීය වැනි ගුණාංග පවත්වා ගන්න.

සුබ අංක – 3, 5 / සුබ වර්ණය – කොළ / සුබ දවස – සිකුරාදා

තුලා – පොදු කටයුතුවලට සහභාගිත්වය

සඳු ගමන් ගන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ බලාපොරොත්තු ඉටුවන පොදු කටයුතුවලට සහභාගිත්වය ඇති කරන දින කීපයකි. සතුරන් මිතුරුවේ. ව්‍යාපාර ලාභ ගෙන දෙයි. අවසාන දිනවල දුක්ඛදායක පුවත් ද කන වැකේ. පුණ්‍ය කටයුතුවලට යොමු වේ. අපල අවම වීමට රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක – 2, 4 / සුබ වර්ණ – රතු, සුදු / සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා

 වෘශ්චික – දරුවන්ගේ දක්ෂතා

සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය සැහැල්ලුවෙන් ගත කරයි. දරුවන් සමඟ කාලය ගතවේ. ඔවුන්ගේ දක්ෂතාවලින් සතුටට පත්වේ. සතුරු කරදර අවම වෙන ස්වයං රැකියාවලින් ලාභ ප්‍රයෝජන ලද හැකි දින කීපයකි. පූර්ව කර්ම බලය අනුව පුණ්‍ය කටයුතුවලට ද සහභාගිත්වයක් ගෙන දෙයි. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 4, 7 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – ඉරිදා, අඟහරුවාද.

ධනු – සහජ දක්ෂතාවලින් ජයග්‍රහණය

සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. මවුපිය සොහොයුරු දූ දරු එකතුව පුණ්‍ය කටයුතුවලට සහභාගිත්වය ඇති කරයි. සහජ දක්ෂතා ඔප් නැංවෙන ඒවායින් ජයග්‍රහණය ගෙන දෙන වාසනාවන්ත සතියකි. වික්‍රමය නිසාම සතුරා පරාජය කළ හැකි තත්ත්වයක් පෙන්වයි.

අපල අවම වීමට නිහතමානීකම වර්ධනය කර ගන්න.

සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, තැඹිලි / සුබ දවස් – බදාදා, සිකුරාදා.

මකර – ආර්ථිකය ශක්තිමත්

සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. වචනයේ ප්‍රබලත්වය සහජ හැකියාව අනුව ගෘහ ජීවිතයේ අභියෝගවලට මුහුණ දී ජයග්‍රහණය කරයි. නිදහස අඩු වැඩ වැඩි සතියකි. එහෙත් පසු නොබසී. ආර්ථිකය ශක්තිමත් විය හැකි වාතාවරණයක් ඇත. දරුවන්ගේ ජයග්‍රහණ නිසා සතුටු විය හැකිය.

අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර, ජලය දෙන්න.

සුබ අංක – 6, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – සෙනසුරාදා, සිකුරාදා

කුම්භ – ධන ලාභ

සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් හරහාය. පොදු සාමාජීය වැඩ හා අන්‍යයන්ට බොහෝ උදව් උපකාර කරන්නට යෙදෙන සතියකි. අවිවේකය බල පවත්වයි. දෙමව්පිය සහෝදරාදීන්ට ද යුතුකම් ඉටු කරයි. දරුවන්ගේ ජයග්‍රහණ නිසා සතුටට පත්වේ. ආර්ථිකය ශක්තිමත් වේ. ඇවිදිලි යෙදේ. අසනීප අනතුරුවලට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

අපල අවම වීමට බෝධී පූජාවලට සහභාගී වන්න.

සුබ අංක – 7, 9 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස – සිකුරාදා

මීන – ස්වයං රැකියා දියුණුව

සඳු ගමන් ගන්නේ 12, 1, 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය ගැටලුකාරී විය හැකිය. ඔබට ලැබෙන්නට තිබූ යම් මුදලක් හෝ ඔබ අතට පත්විය හැකි සතියකි. සහෝදර උපකාර හිමිවේ. ඔබගේ වික්‍රමස්ථානයේ සඳු ගමන් කිරීම නිසා සතියේ අග ස්වයං රැකියා ආදියෙන් ඉපයීම් කළ හැක.

අපල අවම වීමට කුසගින්නේ සිටින අයෙකුට ආහාර වේලක් දෙන්න.

සුබ අංක – 4, 9/ සුබ වර්ණ – කහ, රතු / සුබ දවස් – ඉරිදා, බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division