හමුදා භාෂාව සාමන්‍ය ජනයාට නුහුරුය. එහි එන ඇතැම් වදන් සහ යෙදුම් යුද සමයේ සිවිල් සමාජයට යම් තරමකට කාන්දු වූවත් අද වන විට එය මුළුමනින්ම පාහේ නතරව තිබේ . එහෙත් ජනාධිපතිවරණ උණුසුම ඉහළ යාමත් සමඟ ”සයි ඔප්” ලෙසින් යුද සෙබළුන් අතර ව්‍යවහාර වන වදනක් සමාජයේ කනින් කොනින් අසන්නට ලැබේ.
සයි ඔප් යනු psychological operation (මනෝ විද්‍යාත්මක මෙහෙයුම්) යන වචනයේ කෙටි යෙදුමය. හමුදා මෙහෙයුම්වලදී උපක්‍රමයක් ලෙස මෙකී ”සයි ඔප්” භාවිත කරනු ලබයි . ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හතරෙන් එකක් වන ජාතික ජන බලවේගය විසින් ව්‍යාජ ජන මතයක් නිර්මාණය කරමින් රටේම මොළ ශෝධනය සඳහා ගෙන යමින් පවතින කූඨ ව්‍යාපාරය මේ වනවිට දේශපාලන දැනුමැත්තෝ කියවා ගනිමින් සිටිනුයේ ”සයි ඔප්” නැතහොත් මනෝ විද්‍යාත්මක මෙහෙයුමක් ලෙසය.
ජාතික ජන බලවේගය විසින් ක්‍රියාවට නංවමින් සිටිනා මෙකී ”සයි ඔප්” මෙහෙයුම බොහෝවිට සමාජගත කරමින් සිටිනුයේ සමාජ මාධ්‍ය හරහාය. මැතිවරණ සමයේ මාධ්‍ය නියාමනයට මැතිවරණ කොමිසමට ඇති බලයට ඔච්චම් කරනා සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් සිය ”සයි ඔප්” මෙහෙයුම් දෙආකාරයකින් සමාජ ගත කරමින් සිටී. පළමු ක්‍රමය ව්‍යාජ සමීක්ෂණ වාර්තා සමාජගත කිරීමය. තම අපේක්ෂකයාට 70%, 80% 90% ආදී වශයෙන් ඡන්ද ලැබෙනා බවට සමීක්ෂණ වාර්තා තහවුරු කළ බවට පුවත් නිර්මාණය කර, ඊට අදාළ ග්‍රැෆික් සටහන් සමඟ සමාජ මාධ්‍යයෙහි උඩුගත කිරීම පළමු ක්‍රමයයි. දෙවෙනි ක්‍රමය වනුයේ රටේ හතර දිග්භාගයේම සිටිනා තම ආධාරකරුවන් බස් යොදවා රැස්වීම් කරා ගෙන ඒමය. කැස්බෑවෙන් බස් 25 ක් පුරවා ගාල්ලට සෙනඟ ගෙන ඒම ඊට උදහරණයකි. එසේ කර බහුතර ජන කොටසක් තමන් සමඟ බව පෙන්වා එමඟින් ජනමතය සූක්ෂ්ම ලෙස වෙනස් කර පාවෙන ඡන්ද දායකයා තමා වෙත නම්මා ගැනීම ඔවුන්ගේ අරමුණයි.
ව්‍යාජ සමීක්ෂණ වාර්තා නිර්මාණය කර ප්‍රචාරය කළාට ඒ ප්‍රමාණයට පෙට්ටිවලට ඡන්ද වැටෙන්නෙ නැත. එක ආධාරකරුවෙක් දිස්ත්‍රික්ක හතරක, පහක රැස්වීම් සහ ප්රචාරක කටයුතු සඳහා ගෙන ගිය හැකිය. එහෙත් ඔහුට ඇත්තේ එක ඡන්දයක් වන බැවින්, ඔහුට අනුර කුමාර දිසානායක වෙනුවෙන් ලබාදිය හැක්කේ එකම එක ඡන්දයකි. ඒ අනුව බලන කල මාලිමාවේ ”සයි ඔප්” එකෙන් අපිට ගැටලුවක් නැතැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් එය නිවැරදි නොවේ. මන්දයත් සිය දේශපාලන තීන්දුව අවසාන දින කිහිපය තෙක් කල් දමනා ඡන්ද දායකයන්ගේ මනසට මෙවැනි ක්‍රියා මඟින් සැලකිය යුතු බලපෑමක් කළ හැකි බැවිනි. එහෙත් මේ මනෝ විද්‍යාත්මක මෙහෙයුමේ ඇති බරපතළ හානිය එය නොවේ.
ව්‍යාජ සමීක්ෂණ වාර්තා සහ රැස්විම්වල සාමාජිකයන්ගේ ඔළුගෙඩි ගණන පෙන්වා මැතිවරණ ජයගත නොහැකිය. එහෙත් එකී කරුණු මඟින් රැල්ල ඇත්තේ තමන්ට බවත්, නිසැකවම තමන් ජයගන්නා බවත් පක්ෂ සාමාජිකත්වයට ඒත්තු ගැන්විය හැකිය. එකී සිතුවිල්ල මැතිවරණ පරාජයකදී පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවන්ට උත්තේජනයක් සපයයි. ඒ අනුව මැතිවරණය හෝ ජනාධිපතිවරණය පරාජය වූ පසු එය පිළිගනු වෙනුවට වෛරී තර්ක ගෙන එමින් ජනතාව නොමග යවා ප්‍රචණ්ඩත්වයට තල්ලු කිරීමත් මෙකී ”සයි ඔප්” එකේ අවසාන අංගය විය හැකිය. එය හුදු උපකල්පනයක් නොව මේවන විටත් ජාතික ජන බලවේගයේ ඉදිරිපෙළ සාමාජිකයන්ගේ හැසිරීම් තුළින් සනාථ වෙමින් පවතින කරුණකි. අප දැන් තබා තේරුම් ගත යුත්තේ එකී අවධානමය.
නඩු ඇසීමේ බලය ගමට දෙන බවට ජාතික ජන බලවේගයේ විධායක සභිකයෙක් වන කේ. ඩී. ලාල්කාන්ත කරන ප්‍රකාශය සිය කාඩරයන් මඟින් ප්රචණ්ඩත්වය ගම් මට්ටමින් ව්‍යාප්ත කිරීමට සහතික කිරීමක් පමණක් නොවේ. එය විරුද්ධවාදීන් මර්දනය සහ අධිකරණයට බලපෑම් කරනා බව කල් තබා පැවසීමකි. මේරියන්ස් ගායක කණ්ඩායම ගායනා කරන ලද ගීතයකට එරෙහිවීම, දි අයිලන්ඩ් මාධ්‍යවේදී ගාමිණී ලියූ ජනප්‍රිය පොතක් ගැන උරණවී ඔහුට මරණ තර්ජන කිරීම සහ රැකියාවෙන් නෙරපීමට උපාලි පුවත්පත් සමාගමට තර්ජනය කිරීම ද මාධ්‍ය මර්ධනය පිළිබඳව ජ.වි.පෙට ඇති සහජ උනන්දුව පෙන්වයි. නැතහොත් අතීතයේ සාගරිකා ගෝමස්, ප්‍රේමකීර්ති වැනි මාධ්‍යවේදීන් ඝාතනය කළ සහ ලේක්හවුස් පුවත්පත් විකිණීමේ වරදට අහිංසකයන්ගේ බෙල්ල කපා වැටේ ගැසූ ජ.වි.පෙ සතු මිනීමරු මානසිකත්වය ජාතික ජන බලවේගය ලෙසින් නම මාරු කළාට වෙනස් නොවනා බවට සාක්ෂියකි . ඒ අනුව මෙකී ”සයි ඔප්” එක මඟින්ද තහවුරු වනුයේ ප්‍රචණ්ඩත්වයට ජ.වි.පෙ. තුළ ඇති බැඳීම තව දුරටත් නොවෙනස්ව ඇති බව මිස අනෙකක් නොවනා බව පැහැදිලිය.
ජාතික ජන බලවේගය ”විශ්‍රාමික රණවිරු බලකාය” නමින් අටවාගෙන සිටිනා සංවිධානයේ මේජර්වරයෙක්, සිය දේශපාලන විරුද්ධවාදීන් වන එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගයේ සාමාජිකයන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කරනා වීඩියෝවක් මේ වන විටත් සමාජ මාධ්‍ය කලඹමින් සිටී. ඔහු එම වීඩියෝවේදී විශ්‍රාමික හමුදාපතිවරුනට පවා තර්ජනය කරයි. බිහිසුණු යුද්ධයකට සහභාගි වූ යුද සෙබළුන් සිවිල් සමාජ ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වරදක් නොවේ. එහෙත් එය විධිමත් පුනරුත්ථාපනයකින් පසු ඉතා සංයමයකින් කළ යුතු කාර්යයකි. නමුත් ජාතික ජන බලවේගය කරනුයේ පක්ෂ ටී ෂර්ට් අන්දවා හමුදා හැප් එකට සමාන හිස් වැසුමක් පළඳා ලයිෂන් චණ්ඩි ලෙස ඔවුන් සමාජගත කර එමඟින් සමාජය බිය ගැන්වීමටය. මේ බව එම පක්ෂය පමණක් නොව සේවා මුක්ත යුද සෙබළුන්ට සමජයේ ඇති ගෞරවය ඡන්ද බවට පත්කරන්නට උත්සහ ගන්නා සෙසු පක්ෂ ද අවබෝධ කරගත යුතුය.