640
ශ්‍රී ලංකාව හා සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍ර ඉහළ නැංවීමත් එම ක්ෂේත්රයේ දී සහයෝගිතාවයෙන් කටයුතු කළහැකි නව ප්‍රවේශ පිළිබඳ සොයාබැලීමත් අරමුණු කරමින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහ SingHealth ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාලයේ අධ්‍යක්ෂිකා විජය රාඕ , කළමණාකාරිණී ඉරේන් අංග් යන මහත්ම මහත්මීන් අතර සාකච්ඡාවක් පසුගිය දා සිදුවිය . මහකොමසාරිස් කාර්යාලයේ චාන්සරි ප්‍රධානී / අමාත්‍ය අහමඩ් රාසි මහතා ද ඊට එක්ව සිටියේය.