Home » උතුරු දුම්රිය 14දා සිට යළි ඇරැඹේ

උතුරු දුම්රිය 14දා සිට යළි ඇරැඹේ

by Mahesh Lakehouse
September 14, 2024 12:41 am 0 comment

ප්‍රතිසංස්කරණයෙන් පසුව මහව හන්දිය හා අනුරාධපුරය අතර දුම්රිය මඟ විවෘත කිරීමත් සමඟ කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය සේවාව 14දා සිට යළි ආරම්භ කර ඇත. ඒ අනුව එහි පළමු දුම්රිය ලෙසින් කොළඹ හා කන්කසන්තුරය දක්වා ධාවනය කෙරෙන අංක 4021 වායුසමනය කළ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ධාවනයට එක් කර ඇත.

එය කොළඹ කොටුවෙන් පෙරවරු 5.35ට ගමන් ආරම්භ කෙරෙන අතර එදිනම පස්වරු 1.20ට කන්කසන්තුරයෙන් කොළඹ බලා ගමන් ආරම්භ කෙරෙනු ඇත.

මාස 9කට අධික කාලයක් උතුරු දුම්රිය මඟේ මහව හන්දිය හා අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නොකළ අතර මාර්ග ප්‍රතිසංස්කරණයෙන් පසුව ක්‍රමයෙන් ධාවනය කෙ‍ෙරන දුම්රිය සංඛ්‍යාව වැඩි කෙරෙන අතර යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියද ඉදිරි සතියේදී ධාවනයට එක් කිරීමට නියමිතය.

කිලෝමීටර් 66.4ක දිගකින් යුත් මහව – අනුරාධපුරය දුම්රිය මාර්ගය නවීකරණය යටතේ අඹන්පොළ, ගල්ගමුව, සෙනරත්ගම, තඹුත්තේගම, තලාව හා ශ්‍රාවස්ත්‍රිපුර දුම්රිය ස්ථාන හා රන්දෙනිගම, අනුරාධපුර නව නගරය යන උප දුම්රිය ස්ථාන දෙකද එම නවීකරණ යටතේ දුම්රිය දෙකක් මාරුවීමේදී පළමුව පැමිණි දුම්රිය පසුපසට ගෙන පාශ මාර්ගයට (ප්‍රධාන දුම්රිය ස්ථානවල වේදිකාවක් නොමැති දුම්රිය නවත්වන මාර්ගය – Loop Line) යොමු කිරීම ඉවත් කර තිබේ. ඒ අනුව මේ දක්වා එක් වේදිකාවක් පමණක් තිබුණු අඹන්පොළ, තඹුත්තේගම හා තලාව දුම්රිය ස්ථානවල දෙවන වේදිකාවක්ද ඉදි කර ඇත. ඒ අනුව දුම්රිය ප්‍රමාදය බොහෝ සෙයින් වළක්වා ගැනීමට හැකිව තිබේ.

ප්‍රධාන දුම්රිය ස්ථානවල දුම්රිය වේදිකා දෙකම දිගින් වැඩි කර මැදිරි 20ක් පමණ දිගකින් යුත් දුම්රියක් වුවද වේදිකාගත කළ හැකි පරිදි ස්ථාපිත කර තිබේ.

මහව සිට අනු­රා­ධ­පු­රය දක්වා දුම්රිය මාර්ගය පූර්ණ වර්ණ සංඥා­ව­ලින් සම්පූර්ණ කෙරෙ­මින් පව­තින අතර එය මෙරට දැනට භාවිත කෙරෙන සිය­ලුම වර්ණ සංඥා පද්ධ­තින්ට වඩා තාක්ෂ­ණ­යෙන් උසස් පද්ධ­ති­යකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division