Home » ත්‍රිකුණාමලයේ හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනාගාරයක්

ත්‍රිකුණාමලයේ හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනාගාරයක්

by Mahesh Lakehouse
September 14, 2024 12:37 am 0 comment

නෞකාවන්ට හරිත හයිඩ්‍රජන් සැපයීමේ හයිඩ්‍රජන් නිෂ්පාදනාගාරයක් ඇරැඹීමට පූර්ණ කටයුතු සකස් කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් මහතා සිළුමිණට කීය.

ලෝක බැංකු ආධාර සහිතව එම නිෂ්පාදනාගාරය ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව පැවසූ ඒ මහතා කියා සිටියේ මේ වන විට නෞකාවන් ඩීසල් වැනි පොසිල ඉන්ධන වෙනුවට ක්‍රමයෙන් හරිත හයිඩ්‍රජන් භාවිතයට යොමුකර ඇති බවයි.

එම නිසා මෙරටට විශාල විදේශ විනිමයක් හරිත හයිඩ්‍රජන් සැපයීමෙන් උපයා ගත හැකි බවද ඔහු කීවේය. එම හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනයට අවශ්‍ය සියලු පහසුකම් ත්‍රිකුණාමලයේ සතු බවත් එය ඉතා පහසුවෙන් ක්‍රියාවට නැංවිය හැකි ව්‍යාපෘතියක් නිසා ලෝක බැංකු ආධාර කඩිනමින් ලබාගත හැකි වූ බවද ඔහු පෙන්වා දුන්නේය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division