වෙනත් පක්ෂවලට ඡන්දය දීපු ජනතාව ගම් පිටින් තමන්ට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී ඇති බවත් අවස්ථා ගණනාවකදී පරාද වූ නායකයන් මෙන් නොව තමන් වටා අවංක දූෂණයෙන් තොර පිරිසක් සිටින බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
‘‘අනෙක් තැන්වල අපට දකින්න තිබෙන්නේ එක්කෝ අශුද්ධ සන්ධාන නැත්නම් ඒකාධිපති සන්ධාන. ඒ වගේම ජනතාවට විශ්වාසය තැබිය හැකි පැහැදිලි, නිරවුල්, ප්‍රායෝගික ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සහ ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කර තිබෙන්නෙත් අපේ සන්ධානය පමණයි. මේ සියලු කරුණු අනුව ජයග්‍රහණයේ අවස්ථාව දැනටමත් අප වෙනුවෙන් වෙන් වෙලා තිබෙනවා. අපේ රට ගැන උනන්දු ජාත්‍යන්තර ප්රජාවත් බලා සිටින්නේ අන්තවාදය හා දූෂිත දේශපාලනයේ ගොදුරු බවට පත් නොවන රට සංහිදියාවක් , සාමයත් , ප්රජාතන්ත්රවාදයත් සහතික කළ හැකි නායකයෙක්. මේ සියලු කරුණු අනුව අපගේ විශ්වාසය වැඩි වී තිබෙනවා.
රසික කොටුදුරගේ