– සරලව ජිවත් වෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් තමයි මගේ බලාපොරොත්තුව
– කලාවත් මගේ වෘත්තියේ කොටසක් විදියට කරගෙන යන්න ආසයි
අද අපේ මේ කතා නායිකාව අපි මුලින්ම දකින්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ 1990 ආදර කතාව තුළින්. එහි මනිෂා වූ ඇය මේ දිනවල අපට මියුසික් වීඩියෝවලින් සහ වෙළඳ දැන්වීම්වලින් දකින්නට ලැබෙනවා. දුලක්ෂි මායාදුන්න නම් වන ඇය සමඟයි මේ කතාබහ.
කලාවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා හිතුනේ කොයි කාලෙද?
පාසලේ අට වසරේ දී වගේ. මම අට වසරේ ඉඳන් පාසලේ වේදිකා නාට්‍යය, නුර්ති, නාඩගම් සහ කෙටි නාට්‍යය සහ දිගු නාට්‍යය වගේ දේවල් කළා. ඒ දේවල් එක්ක ඉන්න කොට කලාවට ආස කළා. මම පාසලේ දී කළේ ඔක්කොම පිරිමි චරිත. 2017 දී මට නුර්තියකින් හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. එතැනින් පස්සේ මම හිතුවා කලාවෙන්ම ඉදිරියට යනවා කියලා. ඔය අතරේ මට අවස්ථාව ලැබුණා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙක් එක්ක පිටපතක් ලියන්න. ඊට පස්සේ මම රඟපාන්න ආවා.
මොකක් ද මුල්ම නාට්‍යය වුණේ?
ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ තනුජා ලුම්බිණි අක්කා ලියපු රනිල් කුලසිංහ අයියා අධ්‍යක්ෂණය කළ 1990 ආදර කතාව. එහි මගේ චරිතය වුණේ මනිෂා.
කොහොමද කැමරාවකට මුහුණ දුන් පළමු අත්දැකීම?
කැමරාවකට මුහුණ දුන් පළමු අත්දැකීම ඒක නෙවෙයි. ඊට කලින් අපි පාසලෙන් කළා කෙටි චිත්‍රපටයක්. එතැනදී තමයි මම මුලින්ම කැමරාවක් ඉස්සරහට ගිහින් ලබන අත්දැකීම ලැබුවේ. හැබැයි ටෙලි නාට්‍යයක් විදියට ගත්තම ඒ ලැබුණු අත්දැකීම ගැන කියනවා නම් ඒක වෙනස්ම දෙයක්. එහි සිදුවෙන සියල්ල වෙනස්. මම අලුතින්ම එතැනට ගියත් ඒ නාට්‍යය හා සම්බන්ධ වෙලා හිටපු හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබුණා. ශෙනායා වැනොෆ්, නිල්මිණි තෙන්නකෝන් වගේ අය එක්ක රඟපාන්න ලැබුණේ. ඒ හැමෝගෙන් මට ලැබුණේ හොඳ සහයෝගයක් ලැබුණා. ඒ නිසා මම මේ ක්ෂේත්‍රයට තව තවත් ආදරය කළා.
ඒ තරම් ආදරය කරලත් ඇයි ඊට පස්සේ ලැබුණු ඇරයුම් භාර නොගත්තේ?
මට හේමලයෝ නාට්‍යයට ඇරයුම් ලැබුණත් ඒ සඳහා යන්න බැරි වුණා. හේතුව මගේ උසස් අධ්‍යාපන කටයුතුවල වැඩත් එක්ක. හැබැයි කලාවෙන් ඈත් වෙලා නැහැ. මියුසික් වීඩියෝ සහ වෙළඳ දැන්වීම් කරගෙන ඉන්නවා.
උසස් අධ්‍යාපන කටයුතු කරන්නේ මොන අංශයෙන් ද?
දැන් මම NSBM green විශ්ව විද්‍යාලයේ පරිඝනක අංශයෙන් ඉගෙන ගන්නවා.
දිගටම රඟපාන්නද කැමැත්ත?
ඔව්. මම කොයි ක්ෂේත්‍රයෙන් අධ්‍යාපනය ලැබුවත්, ඉගෙන ගත්ත ක්ෂේත්‍රය තුළින් රැකියාවක් කරන ගමන් කලාවත් මගේ වෘත්තියේ කොටසක් විදියට කරගෙන යන්න ආසයි.
පාසල් වේදිකාවෙන් ප්‍රසිද්ධ වේදිකාවට එන්න හිතුනෙ නැද්ද?
ඇරයුම් කිහිපයක් ලැබුණා. මම නාට්‍යය ඉගෙන ගත්ත උපුල් සර් මට කිව්වා සරත් චන්ද්‍ර නාට්‍යය කණ්ඩායමට එකතු වෙන්න කියලා. කුරුණෑගල තමයි එයාලා වැඩිපුරම නාට්‍යය කරන්නේ. දුර නිසා මට ඒ අවස්ථාව බැහැර කරන්න වුණා. තව දශම කියලා වේදිකා නාට්‍යයකට ඇරයුම් ලැබුණා. නමුත් වේදිකාව කියන්නේ ඒ වෙනුවෙන්ම ලොකු කාලයක් කැප කරන්න ඕන. ලංකාව පුරා දර්ශන වාර වලට සහභාගී වෙන්න වෙනවා. ඒවට අපේ ගෙදරින් කැමති වුණේ නැහැ.
ගෙදරින් වැඩි කැමැත්තක් නැද්ද?
එහෙම එකක් නෙවෙයි. ගෙදරින් තමයි මට උපරිම සහයෝගය දෙන්නේ. එයාලා කැමතියි මම කලාව කරනවට. මේ කාලයේ අධ්‍යාපන කටයුතු මඟ හැරෙයි කියලා තමයි ඒ දේවල් වලට අකමැති වුණේ.
දැන් ටෙලි නාට්‍යකට ඇරයුමක් ලැබුණොත් භාර ගන්න වෙලාවක් තියෙනවද?
ඔව්. දැන් මට කාලය කළමනාකරණය කර ගන්න පුළුවන්. විශ්වවිද්‍යාලයට ගිය මුල් කාලේ තමයි මට කාලය එක්ක ගැටළුවක් තිබ්බේ.
රඟපාන්න ආවම, රංගනය ගැන හිතන් ඉඳපු විදියම ද දැනුණේ?
රඟපාන්න ආව දවසේ නම් මට හිතුණේ මේ ගැන හදාරන්න ඕනේ කියලා. මට තියෙන දැනුම හොඳටම මදි කියලා. පාසල් වේදිකාවෙන් ගන්න අත්දැකීමට වඩා මෙතන තියෙන්නේ වෙනමම දෙයක්. කැමරාවට මුහුණ දෙන්න ඕනේ විදිය සහ පිටපතේ තියෙන වචන කොච්චර දුරට හැඟීම්බවට පත් කරන්න පුළුවන්ද ඒ දේ කොහොමද කරන්නේ කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ.
ආදරේ දකින්නේ කොහොමද?
ආදරේ ගැන තවම මට අත්දැකීම් නැහැ. මට දැනෙන විදියට සහ මට පේන විදියට ආදරේ කියන්නේ හරිම ලස්සන දෙයක්. ආදරේ කියන දේ හොඳ විදියට ඇත්තම ආදරයක් හමුවුණොත් හොඳ අත්දැකීමක් වේවි. එහෙම නැති වුණොත් නම් පසුතැවීමක් හෝ විඳවීමක් වේවි.
මොන වගේ කෙනෙක් ද හොයන්නේ?
මම සාමන්‍ය විදියට ජිවත් වෙන කෙනෙක්. එනිසා බොහොම සරලව ජිවත් වෙන්න පුළුවන් සාමාන්‍යය කෙනෙක්ම තමයි මගේ බලාපොරොත්තුව.
අනුෂා රණසිංහ