Home » NDB බැංකු­වෙන් බම්බ­ල­පි­ටිය ශුද්ධ වූ පවුලේ කන්‍යා­රා­ම­යට HFC ඇෆි­නිටි ක්‍රෙඩිට් කාඩ්ප­තක්

NDB බැංකු­වෙන් බම්බ­ල­පි­ටිය ශුද්ධ වූ පවුලේ කන්‍යා­රා­ම­යට HFC ඇෆි­නිටි ක්‍රෙඩිට් කාඩ්ප­තක්

by gayana
September 21, 2024 12:29 am 0 comment

බම්බ­ල­පි­ටිය ශුද්ධ වූ පවුලේ කන්‍යා­රා­මයේ ප්‍රජාව සවි­බල ගැන්වීමේ අර­මු­ණින් NDB බැංකුව සුවි­ශේෂී HFC ඇෆි­නිටි ක්‍රෙඩිට් කාඩ්ප­තක් හඳුන්වා දීම සඳහා සහ­යෝ­ගී­තා­ව­ය­කට එළැ­ඹිණි. බම්බ­ල­පි­ටිය ශුද්ධ වූ පවුලේ කන්‍යා­රා­මයේ හරිත ශාලා­වේදී එළි­ද­ක්වන ලද මෙම කාඩ්ප­තෙන් එහි ආදි ශිෂ්‍ය සංග­මයේ (PPA) සාමා­ජි­කා­වන් හට සුවි­ශේෂී ප්‍රති­ලාභ රැසක් පිරි­න­මන ලදි.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ NDB බැංකුවේ කාඩ්පත් අංශ ප්‍රධානී, සහ­කාර උප සභා­පති, අශාන් වික්‍රම­නා­යක මහතා, එය හුදෙක් කාඩ්ප­තක් පම­ණක්ම නොව එම­ඟින් සාමා­ජි­ක­යින් හට මූල්‍ය පහ­සුව අත්වි­ඳි­මින් තමන් අධ්‍යා­ප­නය හැදෑරූ පාසල වෙනු­වෙන් යුතු­කම් ඉටු කිරී­මට තිබෙන අව­ස්ථා­වක් ලෙසද ප්‍රකාශ කර සිටි­යේය. ශුද්ධ වූ පවුලේ කන්‍යා­රා­මය වැනි ආය­ත­න­වල අද්වි­තීය අව­ශ්‍යතා හඳු­නා­ග­නි­මින් ඒ සඳහා ගැළ­පෙන බැංකු විස­ඳුම් අඛ­ණ්ඩව පිරි­නැ­මී­මට බලා­පො­රොත්තු වන බව ඔහුද තවදුර­ටත් සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division