යුනියන් ඇෂුවරන්ස් සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සුවිශේෂී බෑන්ක් ඇෂුවරන්ස් සහකරු විසින් බැංකුවේ බෑන්ක් ඇෂුවරන්ස් කණ්ඩායමේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සහ ශාඛා ජාලයේ විශිෂ්ට කාර්යසාධනය අගයමින් විශේෂ සංවර්ධන වැඩසටහන් පෙළක් සංවිධානය කරනු ලැබිණි. මේ පිළිබඳ යුනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන සහකාරිත්ව බෙදාහැරීම් නිලධාරිනි වත්සලා අලුත්ගෙදර මෙසේ පැවසුවාය: ” නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ දිගු කලක් පුරා පවත්වාගෙන යනු ලබන අපගේ සහයෝගීතාව දිවයින පුරා විහිදී සිටින පාරිභෝගිකයින් වෙත පරිපූර්ණ මූල්‍ය රැකවරණය සැලසීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට ප්‍රමුඛතම බෑන්ක් ඇෂුවරන්ස් සේවා සපයන්නා ලෙස අපගේ ස්ථාවරය වඩාත් සවිමත් කිරීමට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබෙනවා.”