845
ඩයලොග් ආසියාටා සහ භාරති එයාර්ටෙල් ලංකා පුද්. සමාගම හා ඒකාබද්ධ වීමේ කටයුතු සාර්ථකව අවසන් කර තිබේ. මෙහිදී, එයාර්ටෙල් ලංකා, සමාගම් පනතේ අදාළ විධි විධාන යටතේ ඩයලොග් සමඟ ඒකාබද්ධ කෙරුණු අතර, ඒ අනුව ඩයලොග් සමාගම ඒකාබද්ධ ආයතන ලෙස පවතී. මෙම ඒකාබද්ධ කිරීමත් සමඟ, 2024 අගෝස්තු 30 සිට බලපැවැත්වෙත පරිදි එයාර්ටෙල් ලංකා, පෞද්ගලික සමාගමක් ලෙස වෙනම පවත්වාගෙන යාම නිල වශයෙන් අත්හිටුවීම සහිටුහන් කෙරෙන අතර, මෙහෙයුම් කටයුතු ඩයලොග් හා ඒකාබද්ධ කර එහි මුල්‍ය ප්රකාශනයට ඇතුළත්ව පවත්වාගෙන යනු ලැබේ.