සිනමන් හෝටල් සහ රිසෝට් ආයතනය, ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (Swiss Hotel Management Academy – SHMA) හා එක්ව පසුගියදා සිනමන් හොස්පිටැලිටි ඇකඩමි (Cinnamon Hospitality Academy) ආයතනය ආරම්භ කළේය. මාස 18ක පූර්ණ වෘත්තීය ඩිප්ලෝමාවක් සහ වසරක වෘත්තීය පුහුණු කාල සීමාවක් ඇතුළත් මෙම පාඨමාලාවේ සම්පුර්ණ කාලය වසර දෙකහමාරකි. මෙම පාඨමාලාවට සංචාරක සේවා කර්මාන්තයේ ප්‍රායෝගික අත්දැකීම්, කළමනාකරණ විධි ක්‍රම සහ අධ්‍යාපනික මූලිකාංග ඇතුළත් අතර, සූපවේදී, ආහාරපාන සේවා සහ හෝටල් මෙහෙයුම් යන විශේෂවේදි ධාරා තුනකින් සමන්විතය. මෙම නව ආයතනය මඟින් පිරිනමන Ecole hôtelière de Lausanne (EHL) වෘත්තීය ඩිප්ලෝමාව තුළින් ගෝලීය මට්ටමේ ස්විස් සංචාරක සේවා අධ්‍යාපනයක් සහ වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට අවකාශ උදා වේ. බවර් සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය සහ සිනමන් හෝටෙල් සහ රිසෝට් සමාගම අතර මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ සංචාරක සේවා කර්මාන්තයේ සන්ධිස්ථානයකි. “සිනමන් හෝටල් සහ රිසෝට් සමඟ එක්ව EHL සරසවිය මඟින් පිරිනමන වෘත්තීය පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකාවේ සංචාරක සේවා අධ්‍යාපන ක්ෂේත්රය තුළ විශාල මඟ සලකුණක් ලෙස හැඳින්විය හැකියි…” යනුවෙන් බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා පැවසීය.
a