Home » සෙනසුරු අපලයෙන් ගැලවෙන්නේ මෙහෙමයි

සෙනසුරු අපලයෙන් ගැලවෙන්නේ මෙහෙමයි

by gayana
September 21, 2024 12:29 am 0 comment

ශනෛශ්චරස්‍ය වාරෙණ තදවර්ගාදො ශුභා ශුභම්

පච්‍යතෙ වර්ෂග ඃ තතතනමාසෂටෙ කන වා ප්‍රනඃ

ශනි ග්‍රහයාගේ වාරයෙන් ඔහුගේ වර්ගාදිය විෂයෙහි වර්ෂයකින් හෝ ශුභා ශුභ පල ගෙනදේ. රටේ ලග්නය කුම්භයයි. එම ලග්නය තුළ මූල ත්‍රිකෝණව වැජඹෙමින් මේ ගෙවනුයේ යම් විටෙක විපත්ති කර කාලයක්ද වගේම ස්වභාව ධර්මයෙන් හොඳ වැඩ කරන අයට යහපතක් වන වකවානුවක් ද වන්නේය. සෙනසුරු මහ දශාව වසර 19කි. අන්තර් දශා කාලය වසර 03 යි, දින 03කි.

 

ජන්මියාගේ පෙර පින් පව් පල දෙන මේ දශා තුළදී සෙනසුරු සතුරු හෝ නීච අයුරින් නම් ඔහු හෝ ඇයට පීඩා ඇති කරයි.

සෙනසුරු ග්‍රහයාගෙන් එන දරුණුම ඒරාෂ්ටකය ජන්ම ඒරාෂ්ඨකයයි.

ලග්න ඒරාෂ්ටකය ද වසර 7 1/2 පමණ ඉතා දුක්ගැහැට දෙමින් ජන්මියාට සියල්ල නැති කරයි. ජීවිතය යනු ගෙන ආ පෙර භවයේ පව් සහ පින් පොතයි.

ජනතාවට මින් ගැලවීමට කළ යුතු පින් දහම් කටයුතු මාලාවක් ඇත. ව්‍යාපාර, රැකියා පමණක් නොව තම අත් පා ද අහිමිව දුක්ඛිතව ගෙවන ජන්මීන් සමීක්ෂණය කළ විට හෙළිවන්නේ ඒ අය සෙනසුරු මහ දශාව ගෙවන බවයි.

නැතහොත් අන්තර් දශාව, දරුණු ඒරාෂ්ටකය ගෙවනු ලබයි. පොදුවේ කිවහොත් කේන්ද්‍රය පිළිබඳව විශ්වාසයක් නොමැති බොහෝ අයට ද මෙවන් විපත්ති හමුවේ කළ යුතු වත්පිළිවෙත් ගැන මා පවසා ඇත්තෙමි. එහෙත් ශනි ග්‍රහයා තරම් වටින අයෙකු තවත් නැත.

 

සෙනසුරු ග්‍රහයා නැමදීම.

පින්දීම

හ්‍රීං නිලාංඡන සමාභාසං

රවී පුත්‍රං යමාග්‍රජං

ඡායා මාර්තණ්ඩ සම්භූතං

තං නමාමි ගනේෂ්වරම්

ඔබ මුළු ජීවිත කාලය තුළම කුමන දශා ගත කළත් ඔබ නිතරම උත්සාහ කරන්න පහත සඳහන් කරන වැදගත්ම වන්දනාමය කටයුතු නිතර කරන්නට සහ ස්වභාව ධර්මයට අනුව ජීවත්වීමට. මේ සියල්ල මගේ අත්දැකීම්. මේවා පිළිපදින්න. ඉතාම නිවැරිදිව ඔබ දිනන මඟ විෂ්ණු දෙවිඳුන් ඔබට දායාද කරන බව නම් සත්තයි.

 

ඔබේ නිවස, වතුපිටි නිතරම ඉතාම පවිත්‍රව තබා සුවඳ දුම් අල්ලා, උදය සවස බුදුන්ට මල් පහන් පැන් පූජා කර විෂ්ණු දෙවියන් ඇතුළු දේව මණ්ඩලවලට නවග්‍රහයන්ට පින් පෙත් පමුණුවන්න.

 

පාන්දර සයනයෙන් බැසීමට පෙර මිනිත්තු 10ක් මෛත්‍රී භාවනාව වඩන්න. සියලු දෙවියෝ සතුටට පත්ව ඔබට ආශිර්වාද කරාවි.

 

නිවසේ බටහිර පැත්තෙන් රඳවනයක් සකස් කර කුරුල්ලන් ආදි සතුනට දිනපතා ආහාර, ජලය දෙන්න. විශේෂයෙන් සෙනසුරාදා පාන්දර අවදිව කපුටන් වෙනත් කෑම ගන්නට පෙර එළඟිතෙල් මිශ්‍ර කිරිබත් ඇති තරම් දී කපුටන්ගේ බඩගින්නට පිහිට වෙන්න.

 

“ඕම් ශනි ශනේස්වරාය නමහඃ

ඕම් ශාන් ශ්‍රින් ශෝරොන් සායි ශනේස්වරාය නමහඃ

සහ ඉහත “හ්‍රිං නිලාංඡන….”

ගාථාව 7 වරක් කියා පින් දෙන්න.

සෙනසුරු ග්‍රහ රාජෝත්තමයාණන්

වහන්ස මා කළ මෙපින් ඔබ

වහන්සේට අනුමෝදන් කරමි.

මෙපින් බලෙන් මාගේ සෙනසුරු

අපල/ඒරාෂ්ටක අපල දුරින්ම

දුරු වේවා!

 

 

අත් පා අහිමි යාචකයෙකුට සෙනසුරාදාට කැකුළු බත්, ව්‍යංජන දෙක තුනක් සමඟ දිවා ආහාරය දෙන්න.

 

ජ්‍යොතිෂ්‍ය උපදෙස් මත නීල මණ්ඩලය, ශනි මෘතංජය, විෂ්ණු ආඝෝරය යන යන්ත්‍රයක් නිවැරැදිව ජීවම් කර ගොඩක් අපල තියෙන අයට පලඳන්න.

 

n නිල් මානෙල්, නිල් කටරොඩු මල් වර්ග සහිතව සෙනසුරාදා දිනවල අෂ්ට ඵල බෝධීන්ට උසස් බෝධි පූජා තබා විෂ්ණු දෙවිඳුනට, ශනි ග්‍රහයාට පින් දෙන්න.

 

සෑම දිනකම එක හොඳ වැඩක් වශයෙන් පින් පොත ලියන්න. මෙය දෙවියන්ගේ ආශීර්වාදය හිමිවන පින්කමකි.

 

උතුම් පිරිත් සූත්‍ර උදය සවස ගායනා කරන්න, රාත්‍රියේ නිවසේ පටිගත කිරීමේ යන්ත්‍රයෙන් සජ්ඣා­යනාවට සලස්වන්න.

 

විෂ්ණු දෙවිඳු වැඩ සිටින දෙවොලකට ඔබ යනවා නම් ඔබට එය විශාල ආශීර්වාදයක් වේවි. අලුත්ගම කන්දේ විහාරය, මාතර දෙවිනුවර යන ප්‍රධාන දෙවොලකට පා නඟා ගිතෙල් මිශ්‍ර කිරිබත්, පලතුරු, බුලත් පඬුරු සහිතව විශේෂිත විෂ්ණු පූජාවක් තබා උතුම් විෂ්ණු දෙවිඳුට සෙනසුරු ග්‍රහයාට පින්දී පිහිට ඉල්ලන්න. (විශේෂයෙන් නීල වර්ණ මල් යොදාගන්න.)

ජ්‍යොතිෂ්‍ය උපදෙස් මත නිල් මැණිකක්, කාක නිලක් පැලඳීමෙන් ද අපල දුරුවේ.

ජීවිතේ ආලෝමත්ම කාලය ශනි මහ දශා කාලය බවට පත්කර ගැනුමට ඔබට හැකිය. මේ සියලු පුද පූජා තබමින් ජීවිතේ හැඩ ගසාගන්න.

ප්‍රවීණ ජ්‍යොතීර්වේදිනී දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division