Home » මහානුභාවසම්පන්න ආටානාටිය පිරිත

මහානුභාවසම්පන්න ආටානාටිය පිරිත

by gayana
September 21, 2024 12:30 am 0 comment

සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත මෙවර කලාපය මගින් මම ලබා දෙනුයේ මෙතෙක් ඔබ අතට කිසි කලෙකත් පත්නොවූ ආනුභාව සම්පන්න “ආටානාටිය” පිරිතයි, පිරිත යනුවෙන් අදහස් කරනුයේ හාත්පස ලැබෙන ආරක්ෂාව යන්නයි.

සතරවරම් දෙවිවරුන් විසින් සකස් කරනලද මෙම ආනුභාව සම්පන්න ආටානාටිය පිරිත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ  අනුමැතිය සඳහා ඉදිරිපත් කළ  බැව් පෙනේ. බුදුරජාණන් වහන්සේ මෙම පිරිත ඉතා බලසම්පන්න බව පිළිගෙන අනුමත කළ අතර  දසලක්ෂ සියයක් තරම් වූ ලෝක ධාතුව පුරා මෙම පිරිතේ බලය පවත්වා පවතින අතර, විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් පටන් ගෙන බුදුරජාණන් වහන්සේලා සත් නමක් නමස්කාර කෙරෙන අතර විවිධ දේවි දේවතාවුන්ගේ ද නම්ගොත් සඳහන් කරයි. අප අද ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන ආටානාටිය පිරිත සත් බුදු වන්දනාවෙන් ආරම්භ කරන අතර එය අප්‍රමාණ තෙරුවන් ගුණ සත්‍යයක් ක්‍රියා කරමින් කරනු ලබන බලගතු ආරම්භයකි. තිසරණ පන්සිල්හි පිහිටා තෙරුවන් වන්දනා කර උදේ හෝ සවස දිනකට තෙවරක් මෙම පිරිත කියා දෙවියන්ට පින් දෙන්න. සියලු අමනුෂ්‍ය දෝෂ සහ බිය පහව යයි. මහත් බලසම්පන්න දෙවිවරු ආරක්ෂාව සලසයි. සියලු බන්ධනයන්ට හසු වූ අමනුෂ්‍ය බලවේග නිදහස් වී පිටවී යයි ඔබ නොසිතූ විරූ ලෙස ඉතා බලවත් ප්‍රතිඵල ගෙන දෙන පුරාණ යතිවරුන් භාවිත කළ ඉතා පැරැණි මෙම ආටානාටිය පිරිත ඔබට යහපත පිණිස වේවා.

උග්ගණ්හාථ භික්ඛවේ ආටානාටියා රක්ඛං, පරියාපුණාථ භික්ඛවේ ආටානාටියා රක්ඛං,
ධාරෙථ භික්ඛවෙ ආටානාටියා රක්ඛං, අත්ථසංහිතාය භික්ඛවෙ ආටානාටියං රක්ඛං භික්ඛූනං

භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය,
අවිහිංසාය ඵාසු විහාරායාති.

 

මහණෙනි, ආටානාටිය ආරක්ෂාව ඉගෙනගත යුත්තේ ය, මහණෙනි, ආටානාටිය ආරක්ෂාව පාඩම් කළ යුත්තේ ය, මහණෙනි, ආටානාටිය ආරක්ෂාව මතක තබාගත යුත්තේ ය. මහණෙනි, ආටානාටිය ආරක්ෂාව අර්ථවත් වූ දෙයකි. භික්ෂූන්හට ද භික්ෂුණීන්හට ද උපාසකයන්හට ද උපාසිකාවන්හට ද උවදුරු දුරුවීම පිණිස ද හිංසා පීඩා ඇති නොවීම පිණි ද පහසු විහරණය පිණිස ද පවතින්නේය.

 

ආටානාටිය පිරිත

 

  1. අප්පසන්නේහි නාථස්ස සාසනේ සාධු සම්මතේ

    අමනුස්සේහි චණ්ඩේහී – සදා කිබ්බිස කාරිහි

 

  1. පරිසානං වතස්සන්නං අහිංසාය ච ගුත්තියා

     යං දේසේති මහා වීරෝ පරිත්තං තං භණාමහේ

 

  1. විපස්සිස්ස නමත්ථු වක්ක්ඛුමන්තස්ස සිරිමතෝ

     සිඛිස්සපි නමත්ථූ සබ්බභූතානුකම්පිනෝ

 

  1. වෙස්සභුස්ස නමත්ථු නහාතකස්ස තපස්සිනෝ

    නමත්ථු කකුසන්ධස්ස – මාරසේනා පමද්දිනෝ

 

  1. කෝණාගමනස්ස නමත්ථු බ්‍රාහ්මණස්ස වුසීමතො

     කස්සපස්ස නමත්ථ – විප්පමුත්තස්ස සබ්බධි

 

  1. අංගීරසස්ස නමත්ථු – සක්‍යපුත්තස්ස සිරීමතෝ

   යෝ ඉමං ධම්ම දේසේසී – සබ්බ දුක්ඛාපනූදනං

 

  1. යේ චාපි නිබ්බුතා ලෝකේ – යථාභූතං විපස්සිසුං

     තේ ජනා අපිසුනා – මහන්තා වීතසාරදා

 

  1. හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං

    විජ්ජාචරණ සම්පන්නං – මහතං වීතසාරදං

 

  1. ඒතේ චඤ්ඤච සම්බුද්ධා – අනේක සත කෝටියෝ

     සබ්බේ බුද්ධා සමසමා – සබ්බේ බුද්ධා මහිද්ධිකා

 

  1. සබ්බේ දස බලුපේතා – වේසා රජ්ජේහු පාගතා

      සබ්බේ තේ පටිජානන්ති – ආසභං ඨාන මුත්තමං

 

  1. සීහනාදං නදන්තේ – තේ පරිසාසු විසාරදා

      බ්‍රහ්ම චක්කං පවත්තෙන්ති – ලෝකේ අප්පටි වත්තියං

 

  1. උපේතා බුද්ධ ධම්මේහි – අට්ඨාරසහි නායකා

      ඛත්තිං සලක් ඛණුපේතා – සීතානු ඛ්‍යඤ්ජනාධරා

 

  1. ව්‍යාමප්පහාය සුප්පහා – සබ්බේ තේ මුනි කුංජරා

       බුද්ධා සබ්බඤ්ඤුනෝ – ඒතේ සබ්බේ ඛීණාසවා ජිනා

 

  1. මහාප් පභා මහා තේජා – මහා පඤ්ඤා මහබ්බලා

      මහා කාරුණිකා ධීරා – සබ්බේසානං සුඛාවහා

 

  1. දීපා නාථා පතිට්ඨා ච – තානා ලේන ච පාණිනං

     ගති බන්ධු මහෙස්සාසා – සරණං ච සිතේසිනෝ

  1. සදේවකස්ස ලෝකස්ස – සබ්බේ ඒතේ පරායණා

    තේසාහං සිරසාපාදේ – වන්දාමි පුරිසුත්තමේ

 

  1. වචසා මනසා චේව – වන්ද මේතේ තථාගතේ

     සයනේ ආසනේ ඨානේ – ගමනේ චාපි සබ්බදා

 

  1. සදා සුඛේන රක්ඛන්තු බුද්ධා සන්තිකරා (තුවං)

තේහී (ත්වං ) ක්ඛිතො යන්තෝ මුත්තො සබ්බ භයේහි ච

 

  1. සබ්බ රෝගා විනිම්මුත්තෝ සබ්බ. සන්තාප වජ්ජිතෝ

සබ්බ වේර මතික්කන්තො නිබ්බුතෝ ච (තුවං) භව

 

  1. තේසං සච්චේන සීලේන ඛන්ති මෙත්ත බලේන ච

    තේපි(ත්වං) අනුරක්ඛන්තු – ආරෝග්‍යන සුඛේන ච

 

  1. පුරත්ථිමස්මිං දිසාභාගේ සන්ති භූතා මහිද්ධිකා

     තේපි(ත්වං) අනුරක්ඛන්තු – ආරෝග්‍යන සුඛේන ව

 

  1. දක්ඛිණමිං දිසා භාගේ සන්ති දේවා මහිද්ධිකා

තේපි (ත්වං) අනුරක්ඛන්තු – ආරෝග්‍යන සුඛේන ච

 

  1. පච්ඡිමස්මිං දිසාභාගේ සන්ති නාගා මහිද්ධිකා

තේපි (තත්වං) අනුරක්ඛන්තු ආරෝග්‍යන සුඛේන ච

 

  1. උත්තරසමිං දිසා භාගේ සන්ති යක්ඛා මහිද්ධිකා

තෙපි (තත්වං) අනුරක්ඛන්තු ආරෝග්‍යන සුඛේන ච

 

  1. පුරත්ථිමේන ධතරට්ඨෝ දක්ඛිණේන විරූළ්හකෝ

 පච්ඡිමේන විරූපක් ක්ඛො කුවේරෝ උත්තරං දිසං

 

  1. චත්තාරෝ තේ මහාරාජා ලෝකපාලා යසස්සිනෝ

     තේපි (ත්වං) අනුරක්ඛන්තු ආරෝග්‍යන සුඛේන ව

 

  1. ආකාසට්ඨා ව භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා

    තේපි (ත්ත්වං) අනුරක්ඛන්තු ආරෝය්‍යෙන සුඛේන ච

 

  1. ඉද්ධිමන්තෝ ව යේ දේවා වසන්තා ඉධ සාසනේ

     තේපි (වං) අනුරක්ඛන්තු – ආරෝග්‍යන සුඛේන ව

 

  1. සබ්බිතියෝ විවජ්ජන්තු සොකෝ රෝගෝ විනස්සතු

   මා (තේ) භව වනතරායෝ සුඛී දීඝායුකෝ (භව)

 

30.අභිවාදන සීලිස්ස නිච්චං වුද්ධා පචායිනෝ

     චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති ආයු වණ්ණෝ සුඛං බලං

වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division