Home » මංගර දේව ආකර්ෂණය ලැබෙන සාම්බ්‍රානි ජීවම් මන්ත්‍රය

මංගර දේව ආකර්ෂණය ලැබෙන සාම්බ්‍රානි ජීවම් මන්ත්‍රය

by gayana
September 21, 2024 12:30 am 0 comment
හොරොව්පතාන, මොරකෑව පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර ජ්‍යොතිෂ විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

මංගර දෙවියන්ගේ පූර්ණ ආකර්ෂණය ලබා ගන්නා තවත් විරල, එහෙත් සංකීර්ණ ක්‍රමවේදයක් පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමට සිතුවෙමි. මෙම ක්‍රමවේදය ද පෙර ලිපිවල සඳහන් කළ ක්‍රමවේද මෙන් ඉතා බලසම්පන්න ප්‍රතිඵල ලබාදෙන අත්දුටු ක්‍රමවේදයකි. නූතන සමාජය තුළ මංගර දෙවියන් පිළිබඳව වැඩි අවධානයක් නොතිබුණද අතීතයේ නම් මෙම ක්‍රමවේද ඉතා සුලභව පැවති බව පෙනී යන කරුණකි.

 

එදා කට්ටඩි මහත්වරු ඉතා ඕනෑ කමින් යුතුව මංගර දෙවියන්ගෙන් උදව් උපකාර ලබාගත් බවට ඕනෑ තරම් නිදසුන් ඇත.

සමාජයක ජීවත්වන ඕනෑම අයකුට තම ජීවිත කාලය තුළ යම් යම් අවස්ථාවල විවිධ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බව ඔබත් මමත් හොඳින්ම දන්නා කරුණකි.

අප මුහුණ පාන ප්‍රශ්න පෙනෙන ලෝකය තුළින් විසඳාගත හැකි වුවත් සමහරක් ප්‍රශ්න සඳහා උත්තර සපයා ගැනීමට නම් තමන්ගේ මානසික මට්ටම මත නොපෙනෙන ලෝකයේ පිහිට ආධාරය පැතීමට ඕනෑම අයකු තමා නොදැනුවත්වම ඉබේ තල්ලු වන බව නොරහසකි.

එහෙත් වඳින්නට ගිය දේවාලය හිසේ කඩා වැටුනාක්මෙන් තමන්ගේ ප්‍රශ්න ගැටලුවලට එවැනි අවස්ථාවල පිළිතුරු ලබා ගන්නේ කීයෙන් කී දෙනා ද? ඊට හේතුව නිසි දැනුම සහ අවබෝධය දෙවියන් කෙරෙහි මඳ බවයි. විශ්වාසය සහ භක්තිය පමණක් තිබුණාට දෙවිවරුන්ගෙන් පිහිට ලබා ගත නොහැකියි. අදාළ ක්‍රමවේදය පිළිබඳව ඔබට යම් අවබෝධයක් තිබිය යුතුමයි.

ඒ නිසාම මෙම මා අත්විඳි සාර්ථක ප්‍රතිඵල ලබාගත් සුවිශේෂි ක්‍රමවේද කිසිම ගුරු මුෂ්ටියකින් තොරව ඔබට ඉදිරිපත් කරමි.

මෙයින් ඔබට පූර්ණ යහපතක් ලැබෙන බව මාගේ විශ්වාසයයි.

මංගර දෙවියන්ගෙන් උදව් ලබා ගත හැකි මේ පුංචි ක්‍රමවේදය ද ඔබට අත්හදා බැලිය හැකියි.

මෙහි ක්‍රමවේදය වන්නේ සාම්බ්‍රානි ජීවම් කර මංගර දෙවි යහනට උදේ හවස දුම් ඇල්ලීමයි ඒ අතරතුරදීම තම වස්ත්‍රවලට සහ මූණට දුම් අල්ලා ගැනීමයි.

සාම්බ්‍රානි ජීවම් මන්ත්‍රය
(ජප වාර ගණන 108) යි.

ඕං ඔප්පු රාජ මංගර වඃ
ඕං ලං රාජ මංගල වඃ
ඕං රාජ මංගර වඃ
ඒස්වාහඃ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division