Home » වීර­සූ­රිය ඝාත­න­යෙන් මතු වූ විදු­හ­ල්ප­ති­තු­මාගේ දේශ­පා­ල­නය

වීර­සූ­රිය ඝාත­න­යෙන් මතු වූ විදු­හ­ල්ප­ති­තු­මාගේ දේශ­පා­ල­නය

by gayana
September 21, 2024 12:30 am 0 comment

පසු­ගිය අගෝස්තු 29 දා සවස කොළඹ ආන­න්දය ආන­න්ද­නීය වූයේ විද්‍යා­ලයේ නිල ටයි පටි­යෙන් සැර­සුණු ආදි ශිෂ්‍ය­යන් විශාල පිරි­සක් එතැ­නට රැස් වූ නිසාය. ඔවුන් සියලු දෙනා විද්‍යා­ල­යීය කුල­රත්න ශාලාවේ රොද බැන්දේ කීර්ති­මත් ආදි ආන­න්දී­යකු වූ ආචා­ර්ය නුවන් නය­න­ජිත් කුමා­රගේ ‘අග්‍ර­ගණ්‍ය ආන­න්දය’ පොතේ දොරට වැඩු­ම­ටය.

මේ පොත කොළඹ ආනන්ද විද්‍යා­ලයේ අවු­රුදු 137 ක ඉති­හා­සය පිළි­බ­ඳ­වය.එදා ඒ පොත ගැන කතා කළ සහන් රන්ව­ලගේ කතාවේ එක තැනක, මගේ හිත තව­මත් නතර වී තිබේ. ඒ එම ග්‍රන්ථයේ 349 වැනි පිටු­වයි. මම එම සිදු­වීමේ සක්‍රිය කොට­ස්ක­රු­වකු වෙමි.

මෙරට විශ්ව­වි­ද්‍යාල ඉති­හා­සයේ ප්‍රථම ශිෂ්‍ය ඝාත­නය සිදු වූයේ 1976 නොවැ­ම්බර් 11 වැනි­දාය. එදින ඝාත­නය කෙරුණේ, පේරා­දෙ­ණිය විශ්ව විද්‍යා­ලයේ ශිෂ්‍ය රෝහණ වීර­සූ­රි­යයි. පේරා­දෙණිය විශ්ව­වි­ද්‍යා­ලයේ එවක උප­කු­ල­පති පී. එම්. විතා­නගේ මහ­තාට විරු­ද්ධව පැවති උද්ඝෝ­ෂ­ණ­ය­කදී පොලිස් වෙඩි පහ­ර­කින් එම ඝාත­නය සිදු­විය.

අපි එදා විද්‍යා­ලයේ ගේට්ටු බල­හ­ත්කා­ර­යෙන් විවෘත කර ගනි­මින් මර­දාන පාරට පැන මහා කල­බ­ගෑ­නි­යක් ඇති කළෙමු.

මේ කතා­වට නූතන අර්ථ­ක­ථන සප­ය­න්නට මට වුව­ම­නා­වක් නැත. නමුත් එදා අපට මඟ දැක්වූයේ විද්‍යා­ලයේ කෙළ­ව­රක වූ තාප්ප­යක් මත නැඟ­ගත් “අයියා” කෙනෙකි. ඔහුගේ මුහුණ පුරා රැවුල වැවී තිබිණ. ඔහු සමග තවත් කිහි­ප­දෙ­නෙක් සිටි බව මට මත­කය. ඒ කිසි­වෙක් අපේ විද්‍යා­ලයේ අය නොවේ.

වීර­සූ­රිය ඝාත­නය කළ පුව­තත් සමඟ ඔහු කීවේ රජය නිද­හස් අධ්‍යා­ප­නය වළලා දැමී­මට සූදා­නම් වන බවයි. අද මෙන් තොර­තුරු ගලා එන මූලාශ්‍ර කිසි­වක් එදා නැත. ඒ අයියා කියන විදි­හට මහන්සි වී පාඩම් කිරී­මෙන් කිසිම ප්‍රති­ඵ­ල­යක් නොලැ­බෙන්නේ නම් අප කළ යුත්තේ රජය පෙරළා දැමී­මය. ඒ නිසා පාරට පැන සියලු රජයේ වාහ­න­ව­ලට බාධා කළ යුතු යැයි අපි කල්පනා කළෙමු.

අපි විද්‍යා­ලයේ සිය­ලුම ගේට්ටුවලින් පිට­තට ආවෙමු. ඇතැම් අය තාප්පවලින් පැන්නෝය. පාරට එන විට ම කළු තෙල් ද, පාප්ප ද පෝස්ටර් ද අපට ලැබිණි. ඒවා කොහෙන් ලැබුණා දැයි මා දන්නේ නැත. අපි සිය­ලුම රජයේ වාහන නතර කොට ඒවායේ කළු තෙල් ගෑවෙමු. අන­තු­රුව රජ­යට විරු­ද්ධව නිද­හස් අධ්‍යා­ප­නය රැක ගැනීම සඳහා වූ පෝස්ටර් ඇල­වූ­යෙමු. පෝස්ටර් ඉක්ම­නින්ම අව­සන් විය.

මර­දාන පාරේ සෑම පොත් සාප්පු­වක්ම, ඉතා නිර්ලෝ­භීව අපට ඩිමයි කොළ රෝල් පිටින් දුන්නෝය. පාසල ඉදි­රි­පිට වූ ඉන්ධන පිරවුම්හල් දෙකෙන්ම කළු තෙල් ගැලුම් ගණන් ලැබිණ. ලස්ස­නට අකුරු ලිය­න්නට දන්නා ළමුන් හරි අපූ­රු­වට සටන් පාට ඒවායේ ලිවූහ. බල­හ­ත්කා­ර­යෙන් නතර කර­මින් අපි ඒවා වාහන මත දිගින් දිග­ටම ඇල­වීමු.

කවු­රුන් හෝ කෙනෙක් අපූරු පෝස්ට­ර­යක් නිර්මා­ණය කළේය. එහි තිබුණේ ‘ශ්‍රී ලංකාව පිරි­සි­දුව තබා ගමු’ යන ප්‍රකට ප්‍රචා­රක පාඨ­යයි. චිත්‍ර­යට ඇඳ තිබුණේ කුණු කූඩ­යක් තුළ සිටින කිසි­යම් ආග­ම­කට සම්බන්ධ හිස් වැසු­මක් පැලැඳි පුද්ග­ල­යෙකි.

එකල අධ්‍යා­පන ඇමැ­ති­ව­රයා අල්හාජ් බදි‍යු­දීන් මොහො­මඩ් මහ­තාය. අපේ මිතුරෝ හැකි හැකි අයු­රින් එය පිට­පත් කර ලංගම බස් රථ­වල පිටි­පස්සේ ඇලෙ­ව්වෝය.

මගේ මත­කයේ හැටි­යට අපට තිබූ ලොකුම වාසිය පාසල් නිල ඇඳු­මයි. මේනිසා කිසි­වෙ­කුත් අපට විරුද්ධ වන්නට හෝ පහර දෙන්නට ඉදි­රි­පත් වූයේ නැත.

මර­දාන පොලි­සි­යට අම­ත­රව තව තවත් පොලිස් නිල­ධා­රීන් කැඳ­ව­න්නට ඇත. පාරේ පොලි­සිය පිරී සිටි­යේය. මා ඇතුළු කිහිප දෙනෙක් සිටිනා ස්ථාන­යට පැමිණි මහා තේජා­න්විත පොලිස් නිල­ධා­රි­යෙක් පිළි­බඳ මට තව­මත් මත­කය. ඔහු පැමි­ණියේ ඒකාලේ තිබුණු දැවැන්ත මෝටර් සයි­ක­ල­ය­කිනි. අප අතර සිටි කොලු ගැට­යෙක් එක් වරම හෙමි­හිට හූ හඬක් මතු කළේය. සැණෙ­කින් එය මහා හූ හඬක් බවට පත් විය. නිල­ධා­රියා වහා මෝටර් සයි­ක­ලය හර­වා­ගෙන ආපසු ගියේය. මා අසල සිටි මිතු­රෙක් “යකෝ ඒ ඉන්ස්පෙ­ක්ටර් ෂෝ” කියා කීවේය. අප බොහෝ දෙනෙක් ඒ නම අසා තිබිණ. ඉන්ස්පෙ­ක්ටර් ෂෝ යනු ඔහුගේ අන්වර්ථ නාම­යයි. ඔහු අප­රාධ කරු­වන් මෙල්ල කිරී­මට සමත් ප්‍රකට පොලිස් නිල­ධා­රි­යෙකි. “ෂෝ ටත් හූ කිව්වා’ යන්න කාල­යක් තිස්සේ අප අතර පැවැති උදාන පාඨ­යකි.

අප සියලු දෙනා යළි පාසල තුළට යව­න්නට පොලි­සිය සෑහෙන උත්සා­හ­යක් ගත්තේය. නවතා ඇති වාහන අත­රින් අප­හ­සු­වෙන් රිංගා එන දැවැන්ත පොලිස් වාහ­නය මට තව­මත් මැවී පෙනෙයි. බොන­ට්ටුව ඉදි­රි­යට නෙරා ඇති පැරැණි බස් රථ­යක් බඳු එම වාහ­නයේ වහ­ලය මත ලවු­ඩ්ස්පී­ක­ර­යක් සවි­කර තිබිණ. එතුළ සිටි පොලිස් නිල­ධා­රි­යෙක් පාරෙන් ඉවත් වන ලෙස නිවේ­ද­නය කරයි.

කිසි­ව­කුත් එයට සවන් දෙන බවක් නොපෙනේ. ඒ යුගය වන විටත් මට රේඩියෝ සහ ශබ්ද විකා­ශන කෙරෙහි උන­න්දු­වක් තිබිණි.  කොහෙන්දෝ හොයා­ගත් ඇම්ලි­ෆ­ය­ර්ය­ක් එම රථය පිටු­පස සවි­කර තිබිණ. ලවුඩ්ස් පීක­රය දක්වා වය­රය වීදුරු ජනේ­ල­යෙන් පිට­තට ගෙන තිබිණ.

මම උඩ පැන වය­රයේ එල්ලෙ­න්නට උත්සාහ කෙළෙමි. නමුත් උස පැනීමේ දක්ෂ මගේ පාසල් සග­යෙක් ඈත සිට දුව­විත් වය­රයේ එල්ලී එය කඩා දැමු­වේය. පොලිස් විකා­ශ­නය නැව­තිණ. වාහ­නය ආපසු හැරී ගියේය.

මේ වන­විට මේ උද්ඝෝ­ෂ­ණය හෝ විරෝ­ධ­තාව කවර හේතු­වක් නිසා සිදු­වන්නේ ද යන්න පිළි­බ­ඳ­වත් අපගේ මත­කයේ තිබුණේ නැත. එය මා ඇතුළු පාසල් සිසුන්ට විනෝ­ද­යක්ය. වෙනදා වැඩි කතාබහක් නැති ශිෂ්‍යයෝ පවා පාරේ කෑ ගැසු­වෝය. හූ කීවෝය. වාහන වල කළු­තෙල් ගෑවෝය.

එක්ව­රම පාසලේ ප්‍රධාන ගේට්ටුව ඉදි­රි­පස සිටි සිසුන්ගේ කෑකෝ­ගැ­සීම නැව­තිණ. මා හිටියේ පාරෙන් එහා පැත්තේය. විදු­හ­ල්පති ජී. ඩබ්ලිව්. රාජ­පක්ෂ මහ­තාගේ රුව උද්ඝෝ­ෂක ළමුන් අත­රින් පෙනේ. මත­කයේ හැටි­යට එතුමා හිටියේ ගේට්ටු කණු­වක් උඩ නැග­ලාය. එතුමා සියලු ළමුන් ප්‍රධාන ගේට්ටුව අස­ලට කැඳ­වීය. රාජ­පක්ෂ මහ­තාගේ පෞරු­ෂය ඉතා ප්‍රක­ටය. ළමුන් පන්ද­හ­සක් සිටි පාසල ඔහු පාල­නය කළේ වේවැ­ලක් හෝ කෝටු කෑල්ල­ක්වත් අතේ නැති­වය.

“ආන­න්දය මේ වැඩේ දී ඉදි­රි­යෙන්ම ඉන්න ඕනෑ. ඒක හරි. ඒත් මට පුතා­ලට කතා කරන්න දෙයක් තියෙ­නවා ඔක්කොම ඇතු­ළට එන්න.”

එතු­මාගේ කීම අසා අපි සියල්ලෝ විදු­හල ඇතු­ළට ගියෙමු. පුස්ත­කාල ගොඩ­නැ­ගිල්ල ඉදි­රියේ රැස්වී­මක් සඳහා අප පෙළඑගස්වනු ලැබිණි.

විදු­හ­ල්ප­ති­තුමා කිසි­ලෙ­ස­කින් අපට දෝෂා­රෝ­ප­ණය කළේ නැත. එතු­මාගේ කතාව දිගය. එතුමා කීවේ මේ වැඩේ දී පෙර­මුණ ගත යුතු බවත්, තව­දු­ර­ටත් කරුණු සොයා බලා ,සියලු පාසල් සමඟ මෙම කාර්ය­යට පිවි­සිය යුතු බවත්ය. එය අප විසින් කළ යුත්තක් නම් කවුරු නැතත් තමන් ඉදි­රි­පත් වන බව ද එතුමා කීවේය.

ප්‍රින්සි­පල් සර්රුත් අපේ පැත්තට ඉන්නවා නම් අපි කාට­වත් බය විය යුතු නැතැයි අපට සිතිණි. එහෙත් විදු­හ­ල්ප­ති­තු­මාගේ කතාව අව­සන් වන විට විද්‍යා­ලයේ සියලු ගේට්ටු වසා දමා, ඒවාට කව­දා­වත් දැකලා නැති තරමේ ලොකු දම්වැල් සමඟ විශාල ප්‍රමා­ණයේ ඉබ්බෝ දමා තිබිණ. අප සියලු දෙනා පාසල් භූමිය තුළට කොටු­වෙ­ලාය. මට හිතුණේ විදු­හ­ල්ප­ති­තුමා උප­ක්‍ර­ම­ශී­ලීව අප කොටු කළා කියලා.

ආනන්දයේ විදු­හ­ල්ප­ති­තු­මාත් රාජ්‍යවිරෝධී උද්ඝෝ­ෂ­ණ­ය­කට සහාය දැක්වූ බවට විවිධ අය චෝදනා කර­න්නට උත්සාහ කළහ. බාහිර ලෝකය පිළි­බඳ කිසිදු අත්දැ­කී­මක් නැති නොමේරූ සිත්ව­ලට වියරු හැඟීම් ඇතු­ල්කර තම අර­මුණ කරා යොමු කර­ග­න්නට සංවි­ධා­න­ගත පිරිස්වලට හැකිය.

ඒත් එම උද්ඝෝ­ෂ­ණයේ කොට­ස්ක­රු­වෙකු වූ මට හිතුණේ පොලිස් හමු­දා­ව­ක­ට­වත් කරන්න බැරි වූ දේ විදු­හ­ල්ප­ති­තුමා තරුණ හිත් නොතළා උප­ක්‍ර­ම­ශී­ලීව සිදු කළ බවය. එබඳු චරිත තව තව බිහිවන්නට නම් පින් කළ දැයක් වුව­ම­නාය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division