Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment

සරාගී ආත්ම අතරේ…

සෙව­ණැ­ල්ල­ක‍
මං සොයනා නුඹෙ රූප­ය‍
­සි­හි­නෙන් වාගේ මත­කයි මට
හිත අස්සට තුරුලු වෙච්ච
පුද­මෙ­කුත් නෑ හැබැයි
සුඹ එද­ව­සත් හරිම දඟයි
එක බැල්මෙන් මා වශී කෙරුව
නාරි­ලතා මලක් වගෙයි
අඳුර මැදින් හමා ඇදෙන
ප්‍රේමයේ දිය පිපා­ස­යට
වැටෙන වැස්ස වගේ හැඩයි
නුඹ සැරි­ස­රනා මේ පාළු පාර

සචිත්‍රා හේම­මාලි – කුරු­ණෑ­ගල


පිය­කු­ගෙන් ඔව­ද­නක්

තම හිස මතට තම අත සෙව­ණැල්ල සැපක්
සැනෙ­කින් මිය­යාම සැප­තක් නොවිඳ දුකක්
පිස­ගනු පිණිස එක­මුතු වී ගෙදර බතක්
බුදු­බණ නිතර පව­සයි එහි නොමැත දොසක්
සුදු­සුම තැනැත්තා හට හිමි තැන දෙන්න
අත­හිත දෙමින් කල­ගු­ණ­යට සල­කන්න
මාපිය ගුරු­දෙ­ගුරු වැඩි­හිටි පුද දෙන්න
මවු­බිම උපා­ධිය මට ඇත දැන­ගන්න
සැමි­යෙකු වෙමින් හොඳ බිරි­ඳක් ලැබුම පිනක්
බිරිඳ වෙමින් මවු­ප­ද­විය ලැබුම පිනක්
මවු­පිය වෙමින් හොඳ දරු­වන් ලැබුම පිනක්
පියෙ­කුට පුතෙක් ලැබු­ණොත් ඒ පිනට පිනක්

ඒ. වී. කස්තු­රි­රත්න


සැඳෑ­වියේ මගේ හීනය

එක රොත්තට එක පොදි­යට කොඳු නාරටි වකුටු කරන්
සීතල බිම පෙරළි, පෙරළි එකි­නෙ­කාට තුරුලු වෙමින්
එකට හැදුණා එකට වැඩුණා එක අත්තක මල් විල­සින්
අද තැන තැන පිපී දිලෙයි පැතූ පැතුම් ඉටු කර­මින්
ඇළේ දොළේ පැන නැටුවා රණ්ඩු වෙවී යාළු වෙමින්
කවි සී පද වැල් ගෙතුවා රෑ යාමේ එකතු කරන්
මැටි කෝප්පෙ බත් අනලා පුංචි මුවඟ තැබුවා මන්
පැටවු පහයි අපි දෙන්නයි සිටියා නිත­රම සතු­ටින්
අටලෝ දම කැර­කෙ­නවා සංසාරේ තවත් දුරය
පාළු සංකා දැනෙනා හිත පිනට දමට තවත් ළැදිය
ඒ වුණාට ළෙන්ග­තු­කම් පසු­පස හිත දුව­නවා ය
අත්හ­රින්න අත්හ­රින්න කීවට ලොබ බඳි­න­වාය
කැකුළු බතුයි, සම්බෝ­ලෙයි, මාළු ඇඔුල් තියල් හදන්
උණු උණු­වෙන් කටක් කන්න සිංහල උළු හෙවනේ ඉඳන්
සැඳෑ වියේ මන් දකිනා එකම හීනේ හැබෑ කරන්
මහ ගෙද­රට එකතු වෙමුද මැරෙන්න ඩිංග­කට කලින්

නන්දිකා හේමාලි ලිය­න­ග­මගේ, කුරු­ණෑ­ගල


ගෑනු ඉන්නව ඒ විදි­ය­ටම ගෙද­ර ආපු

බඩ­වල් නෙරපු
බුරි­ව­ලට පහ­ළින්
කැපුම් ඉරි ලකුණු
සාරි පට­ව­ල්ව­ලින් වහපු
සොඳුරු කතා
මියුරු කොට දොඩපු
අඳුරු කතා මිටි­කොට
සාරි ගැට­ව­ලින් හංගපු
හොටු කඹ හූරපු
මූණු ලතු­ව­ලින්
කැට­යම් කරපු
හිනා තව­රපු
තොල් සායම් උළපු
පට කඩපු
පට මිටි­කොට
මල් හාරි­ච්චි­ව­ලින්
තද­ක­රපු
පිටේ හැපුම් හීරුම් ලකුණු
හැටේ මෝස්ත­ර­ව­ලින් වහපු
තිහ පැනපු – හත­ළිහ ළඟදි
නෝටි ෆෝටි කියල
පිරිමි ඇස් ඉඟි­ව­ලට
වච­න­ය­ක්වත් පිට­නො­ක­රපු
මල් සාරි ඇදපු
ඒත්
සම­න­ලුන්ට වහ­න්නට
ඉඩ නොදීපු
ගෑනු ඉන්නව
උදේ ගෙද­රින් ගිහින්
හව­සට ඒ විදි­ය­ටම
ගෙද­රට ආපු!!!

රසිකා මුහ­න්දි­රම්ගේ


මධු සඳ

එකෝ­මත් එක දව­සක
හමු­වුණා නොසි­තුව විල­සක
සිහි­න­යක් වගේ මත­ක­යක
ගොළු වුණා මොහො­ත­කට හද­වත….!
ජීවිතේ සුන්දර ම සම­යක
දකි­න්නට ආවෙමි එද­වස
නොදැක හමු නොවී පය­මුදු
ළෙන්ගතු වුණා නුඹ ලේ නෑයො මා වෙත….
දින සති මාස අවු­රුදු
ගත වුණු කාලය කොප­මණ ද?
නුඹ ලේ නෑයා; මගෙ හිත­ව­තිය
සැත­පුනා මිහි මවගෙ ඇකයෙ නිහ­ඬව ම….!
ඉතිං ඊට පස්සේ දව­සක
කාලය කොප­මණ ද අපව පසු­කර,
ආවෙමි, දිනෙක නුඹ මහ­ගෙට…
රාජ­කා­රි­මය වුව­ම­නා­ව­කට….!
“අද නම් ඔන්න ලොකු මල්ලිත්
ඇවි­දින් ඉන්න­වනෙ ගෙදර….”
හඳුන්වා දුනි නුඹව සොයු­රිය
ඒ දින අදත් මත­කය….!
අඩි සෙමෙන් තබ­මින්
පැමිණි’යුරු මා අබි­ය­සට
“අලුත් පර­පුර නම් ඉතිං….
අඳු­නන්නෙ නැහැනෙ අපව…”
කියා හිනැ­හුණු අයුරු නුඹ
අදත් ගිලි­හුණෙ නැහැනෙ ඒ දසුන….!
ආ ගිය තොර­තුරු ද විමසා,
පතිකුල­යට නොගොස් ඉන්නේ ඇයි ද කියා
ඉක්ම­නින් යා යුතුයි, ඒ ගමන,
පැව­සුවා නුඹ හිනැ­හෙ­මින් එද­වස…
පිළි­ව­දන් නොදී නුඹ­හට,
සිනා­සු­වෙමි, මා ද එබ­සට
ඉතිං ඊට පස්සේ….
මගෙන් සමු­ගෙන නුඹ…
ගිය’යුරු අදත් මට මත­කය…!
යළිත් එළ­ඹෙන දින­යක…
හමු­වනු ඇතැයි යන සිතු­වි­ල්ලක…
එන­මුදු, කිසිම කිසි දව­සක
හමු­වන්නෙ අප කෙලෙස ද?
නොදොඩා; නිහ­ඬව ම; සමු­ගෙන ගිහිං නුඹ…
මේ අත්භවෙ කිසි දින, යළි හමු නොවන ලෙස…
‘සරත් සඳ’ බැස ගොස් ය.
මධු රස තෙළි තුඩග සිර­කොට…
හිස් වුණු කැන්ව­සය මත…
තබා උණු කඳු­ළක කැළල…!

සුනිල් ගුණ­ව­ර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division