Home » කොරියාවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට හා පොලීසියට පරිගණක උපාංග

කොරියාවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට හා පොලීසියට පරිගණක උපාංග

by Mahesh Lakehouse
September 21, 2024 12:29 am 0 comment

කොරියානු ජනරජයේ රජය විසින් මෙරට නීතිපති දෙපාර්තමේන්තුවට ‘පරිගණක සර්වර්‘ සහ ‘සර්වර් රාක්ක‘ සහ ශ්‍රී ලංකා පොලීසියට පරිගණක උපකරණ පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරිණි.

කොරියානු ජනරජයේ මෙරට තානාපති මියොන් ලී ශ්‍රී ලංකා නීතිපති ජනාධිපති නීතිඥ කේ. පාරින්ද රණසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට පරිත්‍යාග භාර දෙනු ලැබිණි.

රට තුළ ඵලදායී අපරාධ නඩු පැවරීමේ සේවාවක් සහතික කිරීම සඳහා කොරියානු රජය ලබා දුන් දායකත්වය පිළිබඳව නීතිපතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී සිය කෘතඥතාව පළ කළේය.

සාමාන්‍ය ජනතාවට යුක්තිය ඉටුකිරීමේ කාර්යක්ෂම සේවාවක් පවත්වාගෙන යාමට මෙම පරිත්‍යාගය නීතිපති දෙපාර්තමේන්තුවටද සාමය සහ යුක්තිය ඉටුකිරීමේ කාර්යක්‍ෂම සේවාවක් පවත්වාගෙන යාමට පොලිස් දෙපාර්තමේන්තුවටද උපකාරී වනු ඇතැයි විශ්වාස කරන බව කොරියානු තානාපතිවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division