තෙල් හා ගෑස් පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙකු වන Aydın Özü ඉස්තාන්බුල් හි ශ්‍රී ලංකාවේ කොන්සල්වරයා ලෙස කොමිසම් පත්වීම පිරිනැමීම ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක විසින් පසුගියදා ඉස්තාන්බුල්හිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට Penthol සමාගම් සමූහයේ සභාපති FarukEroc, ශ්‍රී ලංකාවේ පළමු තුර්කි තානාපති IskenderOkyay, තුර්කි විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, කොන්සල්වරු, ව්‍යාපාරික ප්‍රජාව, විද්වතුන් ඇතුළු 100කට අධික අමුත්තන් පිරිසක් සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය, නිදහසින් පසු වර්ධනයන්, විශේෂයෙන් ඔටෝමාන් යුගයේ සිට දෙරට අතර පවතින මිත්‍රත්වයේ ශක්තිමත් බැඳීම් සම්බන්ධයෙන් තානාපතිනිය කරුණු දැක් වුවාය. ඇල්ෆාලයිනර් සඟරාව විසින් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වැඩි වන ජනප්‍රියත්වය මෙන්ම කොළඹ වරාය 2024 පළමු කාර්තුවේ වේගයෙන්ම වර්ධනය වන වරාය ලෙස ශ්‍රේණිගත කර ඇති බවද සඳහන් කළාය.
ලිපිය පිළිගනිමින්, OZU සඳහන් කළේ අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ විවිධ අරමුණු සඳහා තුර්කියේ සංචාරය කරන ලාංකික පුරවැසියන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.