Home » IMF ප්‍රතිව්‍යුහගතකරණයෙන් ජෝර්ජියාව ගොඩගිය හැටි

IMF ප්‍රතිව්‍යුහගතකරණයෙන් ජෝර්ජියාව ගොඩගිය හැටි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment

ජෝර්ජියා යනු යුරේසියාවේ කෝකසස් ප්‍රදේශයෙහි පිහිටි ස්වෛරී රාජ්‍යයකි. මෙය බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතර පිහිටා ඇති රටකි. සෝවියට් සමූහාණ්ඩුව සමඟ කාලයක් සම්බන්ධ වී, සිටි රටක් වන අතර පසුකාලීනව වෙන්වන ලදි. ජෝර්ජියාවෙහි අග නගරය ටිබිලිසි වෙයි. මෙරටට අයත් භූමි ප්‍රමාණය කි.මී. 69,700ක් වන අතර එහි ජනගහණය මිලියන 4.7 පමණ වෙයි.

ජෝර්ජියාව යනු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ජනරජයකි; ජනාධිපතිවරයා බොහෝ දුරට චාරිත්‍රානුකූල රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අතර, අගමැතිවරයා රජයේ ප්‍රධානියා වේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද; අමාත්‍යවරුන්ගෙන් සමන්විත ජෝර්ජියාවේ කැබිනට් මණ්ඩලයට විධායක බලය පැවරී ඇත. ඒ රටේ ඉතිහාසයේ සිටම බොහෝ ඉඩම් සහ අධිරාජ්‍යයන් සමඟ වාණිජ කටයුතුවල නිරත වී ඇති රටකි, එයට හේතුව බොහෝදුරට කළු මුහුදේ සහ පසුව ඓතිහාසික සේද මාවතේ පිහිටීම නිසා ය. කොකේසස් කඳුකරයේ රන්, රිදී, තඹ සහ යකඩ කැණීම් වෙයි. ජෝර්ජියානු වයින් සෑදීම ඉතා පැරණි සම්ප්‍රදායක් වන අතර රටේ ආර්ථිකයේ ප්‍රධාන අංගයකි. එහි සැලකිය යුතු ජල විදුලි සම්පත් ඇත. ජෝර්ජියාවේ නූතන ඉතිහාසය පුරාම කෘෂිකර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරය ප්‍රධාන ආර්ථික අංශ වී ඇත.

1991 දී සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව, ජෝර්ජියාව නිදහස් වෙළඳපොළ ආර්ථිකයකට පරිවර්තනය විය. එහිදී ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් ආරම්භ කළේය. පසුකාලීනව අනෙකුත් සියලුම සෝවියට් රාජ්‍යයන් මෙන් ජෝර්ජියාව ද දරුණු ආර්ථික කඩා වැටීමකට මුහුණ දුන්නේය. 1994 වන විට දළ දේශීය නිෂ්පාදිතය 1989 වසරෙන් හතරෙන් පංගුවකට අඩු විය. මේ රට කෘෂිකාර්මික අංශයේ සහ වෙනත් භාණ්ඩ අපනයනය කරමින් විදෙස් විනිමය උපයන ලද රටකි. ඒ සඳහා බලපාන ලද ප්‍රධානතම හේතු සාධක නම් සිවිල් යුද්ධය සහ මිලිටරි ගැටුම් අර්බුදය උග්‍ර වීමයි. එසේම සෝවියට් සමූහාණ්ඩුවෙන් ඉවත්ව වී වෙළෙඳපොළ ආර්ථික ක්‍රමවේදයක් සමඟ පරිවර්තනය වීමේදී රට තුළ සිදු විය. එහිදී අර්බුදයක් රැසකට මුහුණ දීමට සිදු විය. එමෙන්ම එවක පැවැති ගෝලිය ආර්ථික අර්බුදයන්ද ජෝජියාවේ ආර්ථික අර්බුදයට ද බලපාන ලදී.

1997- 1998 කාලවලදී පැවැති ආර්ථික අර්බුදයත්, එය පැතිර යාමත් මෙ රටෙහි ද මූල්‍ය අර්බුදයට හේතු සාධක විය. මේ රට භාණ්ඩ අපනයනය කරමින් විදෙස් විනිමය උපයන ලද රටකි. ගෝලීය ආර්ථික අර්බුදයත් සමඟ ඉල්ලුම අඩුවීමත් සමඟ රට තුළට ගලා එන විදෙස් විනිමය අඩු විය. ඒ අනුව ජෝජියානු විදෙස් ප්‍රේෂණ ද අඩු විය. එසේ ම සාමාන්‍යයෙන් ආර්ථික අර්බුදයක සේයාවක් හෝ ඇති වූ විට ආයෝජකයන් අවධානමක් ගැනීමට ඇති අකමැත්ත නිසා ආයෝජන විකුණා දැමීමක් බොහෝ විට සිදු වෙයි. එය ජෝජියාවේද සිදු විය. එහිදී තවත් අර්බුදය උග්‍රවීම සිදු විය.

මේ සංසිද්ධීන් සහ අර්බුදයට තවත් ආසන්න හේතුවක් වන්නේ අනූව දශකයේ අගභාගයේදී දෙදාහේ දශකයේ මුල් කාලයේ නිතරම දේශපාලන නායකත්වය වෙනස් වීම්, එනම් දේශපාලන අස්ථාවරත්වය සහ ධ්‍රැවීකරණයක් සිදු වීමයි. මේ වාතාවරණය අර්බුදයට ප්‍රබල ලෙස හේතු විය. වංචා දූෂණය සහ ඥාති සංග්‍රහ වැනි දේත් සිදු විය. මේ සංසිද්ධි නිසා මේ ආර්ථික අර්බුදය නිසා ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකුවට යොමු විය. ඒ හරහා රටේ විවිධ වෙනස්කම් කරමින් රට නැවත ගොඩනැඟීමේ කාර්යයකට මුල පුරන ලදී. ජෝර්ජියා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරවල යෙදෙන නිසි පරිසරයක් ගොඩනඟන ලදී.

දූෂණය අවම කර විදෙස් ආයෝජන රට තුළට ආකර්ෂණය කර ගැනීමට ඔවුන් කටයුතු කරන ලදී. එසේම රාජ්‍ය සේවය කාර්යක්ෂමතාව ඇති කරමින් ව්‍යාපාර පරිසරයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන ලදී.

විදෙස් ආයෝජන වැඩි දියුණු කිරීම, එසේම ආයෝජකයන් ඇදගැනීමට ප්‍රවර්ධන වැඩසටහනක් කරන ලදී. විදේශීය ආයොජනයක් හරහා නව රැකියා අවස්ථා උදා කරගත හැකි විය. නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කරන ලද අතර ඒ අයගේ තාර්කිකයන් ද ගොඩනඟා ගන්නා ලදී. එසේම ආර්ථික විවිධාංගීකරණය කිරීම, සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම විදෙස් සංචාරකයන් රට තුළට ඇඳ ගැනීමට කටයුතු කිරීම සිදු කරන ලදී. එසේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, තාක්ෂණික කෘෂි කර්මාන්තය නඟා සිටුවීම සිදුකරන ලදී. එසේම තොරතුරු තාක්ෂණය දියුණු කිරීම හා ඩිජිටල්කරණයට අවශ්‍ය කටයුතු සම්පාදනය ලදී. නිෂ්පාදන දිරිමත් කිරීම සිදුකරන ලදී. කුසලතා පිරුණු ශ්‍රම බලකායක් ඇති කිරීමටත් කටයුතු කරන ලදී.

එසේම යුරෝපා රටක් වුවත් තෙල් භාවිතය අවම කිරීමට සඳහා පුනර්ජනනීය බලශක්තිවලට වෙත යොමු වීම සිදු විය. මේ සංවර්ධන වැඩපිළිවෙළත් සමඟ ජෝජියාවට නැවත මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාව ලැබිණි.

කෙසේ වුවත් 2018 වසර වන විට ජෝර්ජියානු ජනාධිපතිවරණයෙන් 59.52% ක් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් සලෝමි සූරාබිෂ්විලි ජෝර්ජියාවේ ජනාධිපතිනිය විය. 2021 පෙබරවාරියේ සිට ඉරාක්ලි ගරිබෂ්විලි ජෝර්ජියාවේ අගමැති විය. ව්‍යවස්ථාදායක අධිකාරිය ජෝර්ජියා පාර්ලිමේන්තුවට පවරා තිබිණි. එය ඒක මණ්ඩල වන අතර නියෝජිතයන් ලෙස හඳුන්වනු ලබන සාමාජිකයන් 150 දෙනකුගෙන් සමන්විත වෙයි. ඔවුන්ගෙන් 30 දෙනකු තනි මන්ත්‍රී දිස්ත්‍රික්ක නියෝජනය කිරීම සඳහා බහුතරයෙන් තේරී පත් වන අතර, 120 දෙනකු සමානුපාතික නියෝජනයෙන් පක්ෂ නියෝජනය කිරීමට තෝරා ගනු ලැබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර හතරකට තේරී පත් වේ. ජෝර්ජියාවේ දේශපාලන නිදහස පිළිබඳ විවිධ මත පවතී. එරට 2012-2013 වනවිට ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මාර්ගයක් හඳුනාගනු ලැබිණි.

ඉන් අනතුරුව 21 වන සියවසේ මුල් භාගයේ සිට ජෝර්ජියාවේ ආර්ථිකයේ පැහැදිලි ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. 2007 දී, ජෝර්ජියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 12% දක්වා ළඟා වූ අතර, ජෝර්ජියාව නැඟෙනහිර යුරෝපයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් බවට පත් කළේය. මෙරට ගෝලීය වෙළඳ ජාලයට වඩාත් ඒකාබද්ධ වී ඇත, එහි 2015 ආනයන සහ අපනයන පිළිවෙළින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 50% සහ 21% වෙයි.

ඒ රටේ ප්‍රධාන අපනයන වන්නේ ලෝපස්, ෆෙරෝ මිශ්‍ර ලෝහ, වාහන, වයින්, ඛනිජ ජලය සහ පොහොරය. ලෝක බැංකුව ජෝර්ජියාව “ලෝකයේ අංක එකේ ආර්ථික ප්‍රතිසංස්කරණය කරන්නා” ලෙස නම් කළේ එය ව්‍යාපාර කිරීමේ පහසුව අනුව වසරක් තුළ 112 වැනි ස්ථානයේ සිට 18වැනි ස්ථානය දක්වා දියුණු වී නිසාය. 2020 වන විට එහි තත්ත්වය තවදුරටත් ලෝකයේ 6 වැනි ස්ථානය දක්වා වැඩි දියුණු විය. 2021 වන විට එය ආර්ථික නිදහස සඳහා ලෝකයේ 12 වන ස්ථානයට පත් විය. 2019 දී ජෝර්ජියාව මානව සංවර්ධන දර්ශකයේ (HDI) 61 වන ස්ථානයට පත්විය. 2000 සහ 2019 අතර, ජෝර්ජියාවේ HDI ලකුණු 17.7% කින් වැඩි දියුණු විය. HDI සඳහා දායක වන සාධක අතුරින්, අධ්‍යාපනයට වඩාත්ම ධනාත්මක බලපෑමක් ඇති විය.

ජෝර්ජියාවේ 2001 වන විට ජනගහනයෙන් 54% ක් ජාතික දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වූ නමුත් 2015 වන විට සියයට 10.1 දක්වා අඩු විය. 2015 ගණනය කිරීම් ජෝර්ජියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 13.98 ක් විය. ජෝර්ජියාවේ ආර්ථිකය සේවා සඳහා වඩාත් කැපවෙමින් පවතින බවක් දක්නට ලැබිණි. 2016 වන විට, දළ දේශීය නිෂ්පාදිතයෙන් 59.4%ක් නියෝජනය කරමින්, කෘෂිකාර්මික අංශයෙන් 6.1% ඈත් විය. 2014 සිට, සෑම වසරකම විරැකියාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින නමුත්, COVID-19 වසංගතය අතරතුර එය ඉලක්කම් දෙකකින් පැවති අතර එය පශ්චාත් කොවිඩ් සමයෙන් පසු නරක අතට නැවත හැරිණි. ආර්ථික ඒකාකාරී වීම නිසා 2019 සමීක්ෂණයක අනුව විරැකියාව මෙන්ම රටේ 73ක සැලකිය යුතු ගැටලුවක් වූයේ 49%කගේ ආදායම පෙර වසරට වඩා අඩු වී ඇති බවයි. ජෝර්ජියාව 2016 NRI ශ්‍රේණිගත කිරීම්වල සමස්තය අතුරින් 58 වන ස්ථානයට පත්ව ඇත. එය 2019 හි 48 වන ස්ථානයට වඩා පහත වැටුණි.

කෙසේ වුවත් මූල්‍ය අර්බුදයට පත්වීමෙන් අනතුරුව IMF විධායක මණ්ඩලය ජෝර්ජියාව සඳහා 2022 දී ඇමරිකානු ඩොලර් මිලියන 280 ක ස්ථාවර විධිවිධාන අනුමත කරයි.

කෙසේවුවත් නැවත ජෝර්ජියාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක තුන් අවුරුදු ස්ථාවර විධිවිධානයක් IMF විසින් අනුමත කරන ලදී.

මූල්‍ය අර්බුදය නැවත ගොඩනැංවීම, රාජ්‍ය මූල්‍ය රාමු ශක්තිමත් කිරීම, බාහිර අවදානම් සහ උද්ධමනය අඩු කිරීම, මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීම සහ ශක්තිමත් සහ වඩාත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කර ඇත. මෙම විධිවිධානය එරටෙහි පූර්ව ආරක්ෂාව ලෙස සැලකීමට බලධාරීන් අදහස් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය අමෙරිකානු ඩොලර් මිලියන 280ක් කෝටාවෙන් 100% ක් සහ ජාත්‍යන්තර වත්කම් සංචිත SDR වන මිලියන 210.4 ක් ජෝර්ජියාව සඳහා අනුමත කරන ලද අතර එමඟින් ඉදිරි වසර තුන තුළ එරට ආර්ථික ප්‍රතිපත්ති සඳහා විශාල දායකත්වයක් ලබාදෙනු ලැබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය යටතේ, COVID-19 වසංගතයෙන් මතු වූ අර්බුදය සහ යුද වාතාවරණය නිසා මතු වූ අර්බුද තත්ත්වය මගහරවා ගෙන, සාර්ව ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට, ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැඟීමට සහ මධ්‍ය කාලීන වර්ධනය ශක්තිමත් කිරීමට එරටට හැකි විය.

ඒ සඳහා අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග මූල්‍ය තත්ත්වය නැවත ගොඩනැංවීම, ණය අඩු කිරීම සහ අවදානම් තත්ත්වයෙන් ආරක්ෂා වීම සහ රාජ්‍ය මූල්‍ය රීතිය පිළිපැදීමේ වැදගත්කම බලධාරීන් හඳුනාගෙන ඇති අතර, 2023 වන විට රාජ්‍ය මූල්‍ය රීතිවලට පූර්ණ අනුකූල වීම සහ ඉලක්ක පූර්ණය කිරීම, ආදායම් වැඩි කිරීම, ඉතිරි කිරීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම, බදු වියදම් විධිමත් කිරීම සහ සංවර්ධනය කිරීම වැනි වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබිණි. මධ්‍යකාලීන ආදායම් මූල්‍ය උපාය මාර්ගය නැවත ගොඩනැංවීමේදී ප්‍රමුඛතා වියදම් සඳහා පහසුකම් සැලසීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සහ රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම මූල්‍ය අවදානම් අවම කිරීම රට නැවත ස්ථාවර කිරීමට සාර්ථක උපාය මාර්ග විය. එසේම මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවර කිරීම, ඉහළ උද්ධමනය පහත හෙළීම කෙරෙහි නිසි අවධානයක් යොමු කර ඇත. විනිමය අනුපාතික නම්‍යශීලීභාවය පවත්වා ගැනීම, සංචිත ශක්තිමත් කිරීම සහ එරට මහ බැංකුව පැවැති උපාය මාර්ග තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා බලධාරීන්ගේ විශේෂ කැපවීමක් සිදු විය. විදෙස් විනිමය අර්බුදය සම්බන්ධයෙන් ඇති අවදානම් ක්‍රියාපිළිවෙත් සහිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරට මහ බැංකුව විසින් බැංකුවලට අවධානම පැහැදිලි කිරීමත් සමඟ ඔවුන් නිසි කළමනාකාරීත්වයකින් කටයුතු කිරීම මේ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් නැවත ඔරොත්තුදීමට හැකිවන ලෙස මූල්‍ය අංශයේ නියාමනය සහ අධීක්ෂණය ඉහළ නැංවීම සම්බන්ධයෙන් බලධාරීන් ප්‍රශංසනීය ප්‍රගතියක් අත්පත් කර ගන්නා ලදී.

එසේම ඊළඟ පියවර සම්බන්ධයෙන් අවධානය යොමු කළ හොත් මූල්‍ය ආරක්ෂණ දැල ශක්තිමත් කර වැඩි දියුණු කිරීම, ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සහ AML/CFT රාමුව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. ශක්තිමත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් සමඟ ශක්තිමත් මූල්‍ය අංශයක් ඩොලරීකරණය සහ ඒ ආශ්‍රිත අවදානම් අවම කිරීමට උපකාරී විය.

ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම වර්ධනයට සහාය වනු ඇත. ව්‍යාපාරික පරිසරය ශක්තිමත් කිරීම සහ පාලනය වැඩි දියුණු කිරීම සඳහා වන ක්‍රියාමාර්ග තරගකාරීත්වය වැඩි දියුණු කිරීමට උපකාරී විය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම සහ ක්‍රියාකාරී ශ්‍රම වෙළඳපොළ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම මඟින් ඉහළ විරැකියාව සම්බන්ධ ගැටලුව විසඳීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත. තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සඳහා ආයෝජන වැඩි කිරීමට සහ ඩිජිටල්කරණය වේගවත් කිරීම, වැනි ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත.

මෙරට 2023 දී ගෝලීය නවෝත්පාදන දර්ශකයේ 65 වන ස්ථානයට පත් විය. කෙසේ වෙතත් නිසි කළමනාකාරීත්වයකින් රාජ්‍ය මූල්‍ය පවත්වා ගැනීම සහ නව බදු ප්‍රතිපත්ති නිසාත් ඉතා කෙටිකලක් තුළ ජෝර්ජියාවට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාව ලැබිණි.

සුභද්‍ර දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division