මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර හෝ පසු නිල නොවන ප්‍රතිඵල සකසා සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරනු ලබන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.
මැතිවරණ උපමාන අනුව කටයුතු කිරීම මාධ්‍යයේ වගකීමක් වන්නා සේම සමාජ මාධ්‍ය හසුරුවන්නන්ද එම වගකීමට අනුව කටයුතු කළ යුතු යැයි පෙන්වා දුන් සභාපතිවරයා පැවසුවේ එම නිරීක්ෂණ කටයුතු විශේෂිත කණ්ඩායමක් මඟින් සිදු කරනු ලබන බවයි.
සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම තුළින් යම් පාර්ශ්වයක් අගතියට පත්වීමට ඉඩ ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා එවැනි මත පතුරුවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අංශ කීපයක් යටතේ සිදු වනු ඇතැයිද පැවසුවේය.
තාරක වික්‍රමසේකර