මැතිවරණ රාජකාරි පිණිස හා මැතිවරණ රාජකාරීන්ට අදාළ පොලිස් නිලධාරීන් ප්‍රවාහනය පිණිස ලංගම බස් රථ යොදා ගැනීම නිසා මගීන්ට සිදුවන අපහසුතාවන් මඟහැරීම පිණිස පෞද්ගලික බස් රථ අමතරව යොදවන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දී ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම සිළුමිණට පැවසුවේ ජාතික ගමනාගමන කොමිසමෙන් ඍජුව පාලනය වන දුර සේවා බස් රථවලට අමතරව පසුගිය 19 වෙනිදා සිට පළාත් අධිකාරියට අයත් පෞද්්ගලික බස් රථ 100ක් දුර සේවා ධාවනය පිණිස තාවකාලික බලපත්‍ර මත යොදවා ඇති බවයි. දිවයිනම ආවරණය වන පරිදි මේ දුර සේවා බස් රථ යෙදවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
එසේම 21 වැනිදායින් පසුව කොළඹ ඇතුළු ප්‍රධාන නගර කරා එන මගී ජනතාව වෙනුවෙන් ආපසු පැමිණීම සඳහාද එම බස් රථ යොදවා ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.