Home » බණ්ඩි පොහොර ගිවිසුමට අත්සන් තබයි

බණ්ඩි පොහොර ගිවිසුමට අත්සන් තබයි

by Mahesh Lakehouse
September 21, 2024 12:33 am 0 comment

මෙරට වී වගාවට සහ බඩඉරිඟු වගාවට අත්‍යවශ්‍ය පොහොර වර්ගයක් වන බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර ඉදිරි මහ කන්න 2ක් නොමිලයේ ලබා දීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත. ඒ යටතේ පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් නොමිලේ ලබා දීමට නියමිතය.

පසුගිය කන්න කිහිපයක් ගොවීන් විසින් වී වගාවට එම පොහොර යොදා නොතිබිණි. වෙළදපොළේ MOP පොහොර මිටියක මිල රුපියල් 8000-9000 අතර මිලකට අලෙවි කරනු ලබන අතර එම මිල දරාගත නොහැකි නිසා බොහෝ ගොවීන් MOP පොහොර නොයෙදීම නිසා එමඟින් වී අස්වනුවලට බලපෑම් එල්ල විය.

මෙම කරුණ සැලකිල්ලට ගනිමින් ඉදිරි මහ කන්න 2ක් වී ගොවීන්ට සහ බඩඉරිඟු වගා කරන ගොවීන්ට MOP පොහොර නොමිලයේ ලබා දීම සඳහා රජය ලෝක ආහාර වැඩසටහන සමඟ සාකච්ඡා කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට නොමිලයේ ලබා දීමට ලෝක ආහාර වැඩසටහන තීරණය කළ අතර, එහි අවසන් එකඟතාවයට පසුගිය 20 දින එළඹෙන ලදි.

ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, රාජ්‍ය පොහොර සංස්ථාව සහ ලෝක ආහාර වැඩසටහනට අවබෝධතා ගිවිසුමට අත්සන් කරනු ලැබීය. මෙම පොහොර මෙට්‍රික් ටොන් 55,000ක 2024 මහ කන්නය සහ 2025 මහ කන්නයේ වී වගාව සඳහා ගොවීන්ට නොමිලයේ ලබා දීමට තීරණය කරන ලදී. මෙම පොහොර බෙදා හැරීමේ කටයුතු සහ බදු වෙනුවෙන් වැය කිරීමට සිදුවන මුදල රුපියල් බිලියන 2.5ක් වන අතර, එම මුදල රජය මඟින් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division