ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා සැප්තැම්බර් 30 වැනිදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කොළඹ 14 ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතන මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය අර්ජුන ද සිල්වා සිය තීරණය එසේ මාධ්‍ය හමුවේ දැනුම් දුන්නේය.
මහාචාර්ය අර්ජුන ද සිල්වා 2011 වසරේ සිට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඉල්ලා අස්වීමේ තීරණය තමන් විසින්ම ගත් තීරණයක් බවත් එය කිසිදු අංශයකින් එල්ල වූ අනවශ්‍ය බලපෑම් නිසා සිදුවූවක් නොවන බවත් සඳහන් කළේය.
ඔහු පැවසුවේ තමන් ජනාධිපතිවරුන් තිදෙනකු හා ක්‍රීඩා ඇමැතිවරුන් අට දෙනෙකු සමඟ කටයුතු කර ඇති බවයි. එසේම තමන් තෘප්තිමත්ව පිටව යන්නේ වෙනත් අයකුට එම කාර්යය පහසුවෙන් සිදු කිරීමට ඉඩ සැලසීමට බවච ඔහු පැවසුවේය.
සේයාරුව – දුෂ්මන්ත මායාදුන්නෙ