ජනසතු සේවා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනසතු සේවා මලල ක්‍රීඩා උලෙළ 2024 අගෝස්තු මස 01 සහ 02 යන දිනවල කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, එහි සමාප්ති උත්සවයට ජසතු සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (සංවර්ධන බැංකු කටයුතු හා ශාඛා ණය මෙහෙයුම් – කලාප II) ආර්. එම්. එන්. ජීවන්ත, සහකාර මහා කළමනාකරු (අලෙවි) ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය. එහි දී කාන්තා සහ පිරිමි ශූරතා දෙකම ඇතුළුව තරඟාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ලංකා බැංකු මලල ක්‍රීඩා කණ්ඩායම සමත් විය.
ජන සතු සේවා මලල ක්‍රීඩා සංගමය 52 වන වරටත් සංවිධානය කළ මෙවර තරඟාවලිය සඳහා රාජ්‍ය ආයතන 39ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙදහසකට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. එහි දී සමස්ත ලකුණු 329 ක් ලබා ගත් ලංකා බැංකු කණ්ඩායම වසර 17කට පසු සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඊට අමතර ව මෙවර තරඟාවලියේ දී ලංකා බැංකු ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව තරඟ වාර්තා කිහිපයක් පිහිටු වීමට සමත් වීම ද විශේෂත්වයකි