Home » වසරේ විශිෂ්ට මාධ්‍ය පර්යේෂක සම්මානය සරත් කුමාරට

වසරේ විශිෂ්ට මාධ්‍ය පර්යේෂක සම්මානය සරත් කුමාරට

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ප්‍රථම ICONIC AWARDS 2024 Sri Lanka සම්මාන ප්‍රදානයේදී 2024 වසරේ විශිෂ්ටතම මාධ්‍ය පර්යේෂකයා ලෙස වසර 30ක් විද්යුත් මාධ්‍ය පර්යේෂකයකු ලෙස කටයුතු කරන එම්. සරත් කුමාර පෙරේරා ‘The Best Media Researcher of the Year’ සම්මානයෙන් පිදුම් ලැබීය. MTV/MBC සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන පර්යේෂකයා ලෙස විද්යුත් මාධ්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පර්යේෂණ, විධික්‍රම ආකෘති අධ්‍යයනයක නිරත ඔහු නව ගුවන්විදුලි මාධ්‍ය පර්යේෂණ ආකෘතියක් රටට හඳුන්වා දුන්නේය. 1994-2019, සිරස මාධ්‍ය ජාලයෙන් සමු ගන්නා විට ඔහුට මාධ්‍ය පර්යේෂණ උදෙසා වසර 25ක් ඉටු කළ මෙහෙවර අගයමින් රන් සම්මානයක්ද ප්‍රදානය කර ඇත.

සරත් කුමාර මාධ්‍ය පර්යේෂකයකු, විශ්වවිද්‍යාලයීය විෂය බාහිර කථිකාචාර්යවරයකු, සම්පත් දායකයකු ලෙස මාධ්‍ය තුළ පර්යේෂණයේ ගුණාත්මක බව හා කාලීන අවශ්‍යතාව අවධාරණය කරමින් නව මාධ්‍ය සංස්කෘතියක අවශ්‍යතාව සඳහා Media Culture අවධාරණය කළ මාධ්‍ය පර්යේෂකයෙක් විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division