ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් එම කාල සීමාව තුළ ඒ අනුව මැතිවරණ පැවැත්වෙන කාලසීමාව තුළ බාධා අවම කිරීම වෙනුවෙන් හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණයට යම් බාධාකාරී තත්ත්වයක් ඇති වී නම් එම බාධා වළක්වාගැනීම සඳහා මෙම සැලැස්ම අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සහ පාර්ශ්වකාර ආයතන දැනුවත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථා නය, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු මේ හා සම්බන්ධ සියලු ආයතන සම්බන්ධීකරණයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි ස්ථාපිත කර ඇති මෙම විශේෂ මැතිවරණ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකය 2024.09.22 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මැතිවරණ කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණ රාජකාරී සඳහා හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි ස්ථාපිත කර ඇති විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක 0113 668032/ 0113 668087 දැනුම් දෙන්න.
රසික කොටුදුරගේ