සාමාජික රටවල් 192ක සහභාගීත්වයෙන් විශ්ව තැපැල් සංගමය විසින් සංවිධානය කරනු ලබන 150 වැනි ලෝක තැපැල් දින සැමරුම ඔක්තෝබර් 9 දිනට යෙදී ඇති අතර ඊට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව විසින් පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන ‘ලියුම් ලිවීමේ‘ තරගය සඳහා අයදුම්පත් කැඳවේ.
භාෂා ත්‍රිත්වයෙන්ම පැවැත්වෙන මෙම තරගය සඳහා වයස අවුරුදු 9-15ත් අතර ලංකාවේ ඕනෑම පාසල් සිසු දරු දැරියකට සහභාගි විය හැකි අතර ‘ලියුමක් ලියමු ලෝකය දකිමු‘ යන මැයෙන් අනාගත ලෝකයේ තැපෑල කෙසේ විය යුතු ද යන්න අන්තර්ගතව වචන 800කට නොවැඩි වන සේ පුල්ස්කැප් කොළවල එක් පැත්තක පමණක් ලියූ ලිපිය පාසලේ විදුහල්පතිතුමා හෝ පන්තිභාර ගුරුතුමා විසින් සහතික කරන ලද ඇතුළත්වීමේ අයදුම්පතක් සහිතව ප්‍රධාන උපදේශක, තැපැල් අභ්‍යාස ආයතනය, කොළඹ 6 ලිපිනයට සැප්තැම්බර් 25 දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ජයග්‍රාහකයන්ට වටිනා තෑගි, පදක්කම් සහ සහතික පත් හිමි වේ. පෝරමය https://shorturl.at/8zQWb මඟින්ද බාගත කරගත හැකිය. වැඩිදුර විස්තර https://shorturl.at/hN12D මගින්ද 0112 582010 අංකය ඇමතීමෙන් ද ලබාගත හැකිය.