සයිබර් අවකාශය තුළ වර්තමානයේ සිදුවන සාවද්‍ය තොරතුරු වාර්තාකරණය,ස්ත්‍රීන් හා බාල වයසකාර දරුදැරියන් වෙනුවෙන් පවතින සයිබර් නැඹුරුතාවය පර්යේෂණය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා හෙක්ටර් කොබ්බෑකඩුව පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.
දෙදිනක් පුරා පැවති වැඩමුළුව සඳහා පලාත් නවයක තෝරාගත් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු පනහක් සහභාගි වූහ.
ජනමාධ්‍ය පර්ෂදය, ජනමාධ්‍යවේදීන්ගේ සමූපකාර සමිතිය සහ අපේ හඬ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතිය මඟින් සංවිධානය කළ වැඩමුළුව සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේ search for common ground ආයතනය, මාධ්‍ය හා නීති සාමූහිකය සහ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය විසිනි.
සුරක්ෂිත මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් නිවැරදි වාර්තාකරණය වෙත යොමු කිරීම උදෙසා ප්‍රවීණ දේශකයන් පිරිසක් මීට සම්පත් දායකත්වය ලබා දුනි.
වර්තමානය වන විට ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකාව තුළ ද ජනමාධ්‍ය අපරාධ හා අනාරක්ෂිතභාවයන් පිළිබඳවත් එමඟින් ස්ත්‍රීන් හා කුඩා දරුදැරියන්ගේ ජීවන පැවැත්මට එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ බරපතළ මට්ටමේ සාකච්ඡාවක අවශ්‍යතාවය දේශකයෝ විසින් අවධාරණය කළහ.
පුහුණු වැඩසටහන සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ද පුහුණු කටයුතු සිදු කළ අතර සහභාගි වූවත් සඳහා වටිනා සහතික පත්‍රයක් ද පිරිනැමිණි.
මෙම අවස්ථාව ට search for common ground ආයතනයේ දේශීය කළමනාකරු නවාස් මොහොමඩ්, නීතීඥ ප්‍රබෝධ රත්නායක, විරංජන හේරත්, රදීකා ගුණරත්න, නයන රංග ගමගේ දුල්මිණි ඒකනායක ජනමාධ්‍ය පර්ෂදයේ සභාපති රෝහණ සිරිවර්ධන අපේ හඬ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ ප්‍රධාන සංවිධායක ජනුර් කිච්ලාන් මහතා ඇතුළු පිරිසක් මීට සහභාගි වූහ.
කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි