Intellect Design Arena මූල්‍ය තාක්ෂණ සමාගම ශ්‍රී ලාංකික මූල්‍ය ක්ෂේත්රය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන eMACH.ai දියත් කිරීම නිවේදනය කරයි. Microservices 329ක්, events 535ක් සහ 1757කට වැඩි APIs සමඟින් මෙම මූලධර්ම චින්තනය පදනම් කරගත් පළමු වේදිකාව ඔස්සේ මෙරට මූල්‍ය ආයතනවලට ගෝලීය තරඟකාරීත්වයක් සපයමින් අනාගතයට සූදානම් විසඳුම් ගොඩනඟා ගැනීමට මෙමඟින් හැකි වේ. eMACH.ai මඟින් බැංකුවේ පාරිභෝගිකයන් Retail, HNI, SME, හෝ Corporate සහ ඔවුන්ගේ මූල්‍ය ගමන් මඟෙහි අවස්ථා කෙරෙහි අවධානයෙන් තබයි. eMACH.ai දියත් කිරීම පිළිබඳ Intellect Design Arena Ltd හි ඉන්දියා සහ දකුණු ආසියාවේ ප්‍රධාන විධායක නිලධාරී රමනන් එස්. වී, මෙසේ පැවසීය. “අපි ශ්‍රී ලංකාවේ බැංකුකරණයේ විනිවිදභාවය, ඩිජිටල් ක්‍රමවේද භාවිතය වේගවත් කිරීම, සහ ඔරොත්තු දීමේ හැකියාව පෝෂණය කිරීම තුළින් පළමු මූලධර්ම චින්තනය මත ගොඩනඟා ඇති, eMACH.ai සමස්ත මූල්‍ය පරිසර පද්ධතියම පරිවර්තනය කිරීම සඳහා නිර්මාණය කර තිබෙනවා…”