සන්ෂයින් කන්සියුමර් ලංකා සමාගමට අයත් තේ සන්නාමයක් වන ”සෙස්ටා තේ’ හි මීළඟ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් නිර්මාණය කිරීම සඳහා සෙස්ටා පාරිභෝගිකයන් සහභාගී කර ගැනීමේ අරමුණ ඇතිව පවත්වන ලද “My Zesta Story” තරගයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්රදානය කිරීම පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. සෙස්ටා පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත් මෙම තරගය Video, Audio Scripts, Storyboard සහ Animations යන ආකෘති 5ක් යටතේ සංකල්ප ඉදිරිපත් කිරීමට හැකියාව ලබාදී තිබුණි. තරගයේ විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා ලෙසින් Mullen Lowe Group Sri Lanka ආයතනයේ ප්‍රධාන නිර්මාණ නිලධාරී දිල්හාර ජයමාන්න කටයුතු කළ අතර, සෙසු සාමාජිකයන් ලෙස රූපවාහිනී / ටෙලිනාට්‍ය අධ්යක්ෂ ලක්මාල් ධර්මරත්න, ටෙලිනාට්‍ය නිළි දුලීකා මාරපන, Mullen Lowe Group Sri Lanka ආයතනයේ නිර්මාණ අධ්යක්ෂ ජූඩ් ජයප්රකාශ සහභාගි වූහ.