Home » ගල්කිස්ස හෝට­ලය පෝය දින නිර්මාංශ කාබ­නික ආහාර මෙනුව එළි­ද­ක්වයි

ගල්කිස්ස හෝට­ලය පෝය දින නිර්මාංශ කාබ­නික ආහාර මෙනුව එළි­ද­ක්වයි

by gayana
September 22, 2024 1:13 am 0 comment

තිරසාරභාවය සහ සෞඛ්‍ය සම්පන්න භෝජන සඳහා වැදගත් පියවරක් ලෙස, ගල්කිස්ස හෝටලය Forest Garden Organics සමඟ එක්ව පෝය දින නිර්මාංශ තොර කාබනික දිවා ආහාර මෙනුව පිරිනැමීම පසුගිය 17 වැනි දින ඇරඹිනි. මෙම ආහාර මෙනුව සම්පූර්ණයෙන්ම කාබනික අමුද්‍රව්‍ය යොදා ගෙන සකස් කෙරේ.

එහිදී කාබනික සහ සත්ත්ව ආහාරවලින් තොර භෝජන සංග්‍රහයේ පැතිකඩ පිළිබඳව සාකච්ඡා කිරීමට ගල්කිස්ස හෝටලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අනුර දේවපුර, මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර, පෝෂණවේදී සහ ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ සභාපති සූපවේදී පබ්ලිස් සිල්වා, ගල්කිස්ස හෝටලයේ සූපශාස්ත්‍ර කටයුතු සහ ප්‍රවර්ධන අධ්‍යක්ෂ කසුමි රණසිංහ, පාරිසරික මනෝවිද්‍යාඥ සහ තිරසාර අධිනීතිඥ, සහ වන උද්‍යාන කාබනික නිර්මාතෘ දම්මික අබේරත්න සහභාගි වූහ. සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ Vegan Sri Lanka හි ප්‍රධානී ටාෂි ජැක්සන් විසිනි.

ගල්කිස්ස හෝටලය Earth Check සහතිකය ලබා ගත් පළමු හෝටල් අතර වන අතර, බලශක්ති සහ ජල සංරක්ෂණය සඳහා කැප වී ඇති බව අනුර දේවපුර සඳහන් කළේය. මෙම නව පූර්ණ කාබනික නිර්මාංශ ආහාර බුෆේ භෝජන සංකල්පනයට අභියෝග කරන පෝෂ්‍යදායී සහ සෞඛ්‍ය සම්පන්න විකල්ප සපයන ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය සඳහා කැපවීම පිළිබිඹු කිරීමක් බවද කීය.

මෙම ආහාර මෙනුව සඳහා කාබනික ඵලදාව සපයන දම්මික අබේරත්න පැවසුවේ කාබනික භාවිතයන් සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කළ හැකි ආකාරය ඉස්මතු කරන බවත්ය.

මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ සියලු නිර්මාංශ ආහාර සහජයෙන්ම සෞඛ්‍ය සම්පන්න නොවන බව මිනිසුන් තේරුම් ගැනීම ඉතා වැදගත් බවය.

කසුමි රණසිංහ මෙම වැඩසටහනේ තිරසාරභාවය සහ පාරිසරික අංශ පිළිබඳව පැහැදිළි කරමින් ආහාර නාස්තිය අවම කිරීම සහ දැනුවත් කිරීම පාරිසරික වගකීමේ හරය බව පැවසුවාය.

සූපවේදී පබ්ලිස් සිල්වා නිර්මාංශ හා කාබනික ආහාරවල රසයේ වැදගත්කම අවධාරණය කරමින් “ආහාරයක් කෙතරම් පෝෂ්‍යදායී හෝ තිරසාර වුවත්, එය සැබවින්ම සාර්ථක වීමට නම් එය රසවත් විය යුතු බව සඳහන් කළේය. “සූපශාස්ත්‍ර විශේෂඥයින් ලෙස අපගේ කාර්යභාරය වනුයේ අපගේ ආහාර සෞඛ්‍ය සහ තිරසාරත්වයේ උසස් ප්‍රමිතීන්ට අනුකූල වීම පමණක් නොව, තෘප්තිමත් කිරීමද සහතික කිරීම බවත් කීය.” ‍කාබනික ආහාර වශයෙන් මෙහිදී කුරුළුතුඩ සහල්, නිල් කටරොළු සහල්, පළා වර්ග ඇතුළු විවිධ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය කෑම වර්ග විවිධාකාර හා රසවත් බුෆේ අත්දැකීමක් සම්පූර්ණ කරන බවත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division