Home » පැල්වත්ත කිරි­ව­ලට 150 45001 ගෝලීය ප්‍රමිති සහ­ති­කය

පැල්වත්ත කිරි­ව­ලට 150 45001 ගෝලීය ප්‍රමිති සහ­ති­කය

by gayana
September 22, 2024 1:11 am 0 comment

පැල්වත්ත කිරි කර්මා­න්තා­ය­ත­නය, සිය පරි­පූර්ණ ආර­ක්ෂක උපා­ය­මා­ර්ගයේ කොට­සක් ලෙසින්, සේවක සෞඛ්‍යය සහ ආර­ක්ෂාව (OH&S) සඳහා වූ ගෝලීය ප්‍රමිති සහ­ති­කය වන 150 45001 හිමි­ක­ර­ගෙන සිටියි. මෙම සහ­ති­කය, සේවා පරි­ස­රයේ වන අව­දා­නම් අවම කිරීම මෙන්ම වඩාත් උසස් ආර­ක්ෂිත සේවා තත්ත්ව­යන් නිර්මා­ණය කිරීම පිණිස වන රාමු­වක් ස්ථාප­නය කර­න්නකි. FSSC හෙවත් ‘ආහාර සුර­ක්ෂි­තතා පද්ධති සහ­ති­කය ‘ යනු පැල්වත්ත කිරි කර්මා­න්තා­ය­ත­නය අනු­ග­තව සිටින තවත් සුවි­ශේෂී රාමු­වක් වන අතර එම­ඟින් සිය නිෂ්පා­දන සියල්ල ගෝලීය ආහාර සුර­ක්ෂි­තතා ප්‍රමි­තීන්ට අනු­කූ­ලව සිදු­වන බව සහ­තික කරයි. ” ආර­ක්ෂාව යනු සිය­ල්ලන්ගේ වග­කීම බව පැල්වත්ත ආය­ත­නය තුළ අපගේ විශ්වා­ස­යයි. නාය­ක­ත්වය දිරි­ගැ­න්වීම, සේවක සහ­භා­ගී­ත්වය නැංවීම සහ නිර­න්තර වැඩි දියුණු කිරීම් ඔස්සේ අපගේ මෙහෙ­යුම් හර පද්ධ­තිය තුළට ආර­ක්ෂාව අන්ත­ර්ගත කිරීම අපගේ අර­මු­ණයි… ” යනු­වෙන් පැල්වත්ත කිරි සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍ර­ම­නා­යක මහතා පැව­සීය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division