Home » ‘WCIC ප්‍රති­භා­භි­ෂේක කාන්තා ව්‍යව­සා­ය­කත්ව සම්මාන සඳහා අය­දු­ම්පත් භාර ගැනේ

‘WCIC ප්‍රති­භා­භි­ෂේක කාන්තා ව්‍යව­සා­ය­කත්ව සම්මාන සඳහා අය­දු­ම්පත් භාර ගැනේ

by gayana
September 22, 2024 1:10 am 0 comment

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩ­ලය (Women’s Chamber of Industry and Commerce – WCIC) වාර්ෂි­කව සංවි­ධා­නය කරන WCIC ප්‍රති­භා­භි­ෂේක කාන්තා ව්‍යව­සා­ය­කත්ව සම්මාන උලෙළේ 2024 අදි­යර පසු­ගි­යදා නිල වශ­යෙන් නිවේ­ද­නය කෙරිණි. මෙම සම්මාන උළෙ­ලේදී ශ්‍රී ලංකාවේ සහ SAARC කලා­පයේ විශි­ෂ්ට­තම ව්‍යව­සා­යි­කා­වන් ඇග­යී­මට ලක්වනු ඇතැයි…” කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩ­ලයේ සභා­ප­තිනී අනෝජි ද සිල්වා මහ­ත්මිය පැව­සුවා ය.“ ආර­ම්භක, ක්ෂුද්‍ර, සුළු, මධ්‍යම හා මහා පරි­මාණ යන ව්‍යාපාර කාණ්ඩ යටතේ මෙම සම්මාන සඳහා අය­දුම් කිරී­මට පුළු­වන්…” යැයි සම්මාන උලෙළේ සංවි­ධා­යක කමි­ටුව වෙනු­වෙන් එහි සම-සභා­ප­ති­ව­රි­යන් වන නිලානි සෙනෙ­වි­රත්න සහ තුසිතා කුමා­ර­කු­ල­සිං­හම් මහ­ත්මීහු පැව­සූහ. මෙහි අය­දු­ම්පත් www.wcicsl.lk වෙතින් බාගත කළ හැකි අතර, අවශ්‍ය නම් WCIC කාර්යා­ල­යෙන්ද ලබා­ගත හැකිය (ඊමේල් මඟින්). එම අය­දු­ම්පත් ඔක්තෝ­බර් 31 දිනට පෙර ඉදි­රි­පත් කළ යුතු ය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division