Veg Voyages Foundation, Vegan Travel Asia, Animal Climate and Health Save Foundation India, The Save Movement සහ Thrive Philanthropy ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහාම විශේෂයෙන් සැකසූ ශාක මත පදනම් වූ සූපශාස්ත්‍ර වැඩමුළුවක් සංවිධානය කෙරිණි. ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ වඩාත්ම නිර්මාංශ මිත්‍රශීලී රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ඉදිරි පියවරක් ලෙස මෙම වැඩමුළුව සැලසුම් කෙරුණු අතර, “දේශගුණික හදිසි තත්ත්වය හේතුවෙන් තිරසර භාවිතයන් සමඟ ශාක පදනම් වූ ආහාර පද්ධතියකට අවශ්‍ය ගෝලීය පරිවර්තනයක් ලබා දීම මෙහි මූලික අරමුණය. The (Bio) Diversity Project, Clean Ocean Force Lanka සහ Earth Lanka Youth Network හි නියෝජිතයකු මෙම පරිවර්තනීය මුලපිරීමට සහභාගී විය.