‘ස්පා’ හෙවත් සම්බාහන මධ්‍යස්ථාන ගැන අසා නැති කෙනෙක් නැති තරම්ය. රට පුරා එවැනි තැන් දසදහසකට වඩා පිහිටා ඇති බව අසත්‍යයක් නොවේ. එහෙත් මේවා ඇතුළේ සම්බාහනයට වඩා නීති විරෝධි දේවල් සිදුවන බව පොලිසිය හෙළිකර ගෙන ඇත්තේ අද ඊයේක නොවේ.
ඇතැම් ස්පා ආයතනවල සේවය කරන ‘තෙරපිවරියන්’ සම්බාහනයට වඩා ඈතට ගොස් ගණිකා වෘත්තියේ යෙදෙන බව අසත්‍යයක් නොවේ. මත්කුඩු, ගංජා සහ පාතාලය ද මේ ‘ස්පා ජාවාරමට’ බද්ධ වී ඇති බව හෙළිවී ඇත. රට පුරා පිහිටි ස්පා ගණනාවක් යුක්තිය මෙහෙයුම යටතේ ද පරික්ෂා කැරෙන්නේ පසුගිය කාලයේය.
මීගමුවේ නීති විරෝධි ස්පා පනහකට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා පියවර ගනු ලැබුවේ ද යුක්තිය මෙහෙයුම යටතේ මීගමුවේ පුංචි පුංචි ගණිකා මධ්‍යස්ථානවල ගමනට තිත තබමිනි. එක් ස්පා ආයතනයක සිටි වයස අවුරුදු 15ක දැරියක් ද සොයා ගනු ලැබුවේ මීගමුවේ එම ස්පා මෙහෙයුම සිදු කරන ලද නිලධාරින් විසිනි.
පොලිසිය මෙලෙස කොතෙකුත් මෙහෙයුම් කළද ස්පා හෙවත් සම්බාහනය මුවාවෙන් සිදු කෙරෙන ගණිකා ජාවාරම නම් මුළුමනින්ම නැවතී නැත. එහෙත් එවැනි ස්ථාන ගැන පොලිසිය පසුවන්නේ දැඩි සෙවිල්ලෙනි. සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය එවැනි ගණිකා ජාවාරම් හතරකට තිත තැබීමට පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට හැකි වන්නේ පසුගියදාය.
ඒ පාණදුර පොලිස් කොට්ඨාසයට අයත් බල ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන 3ක්, ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට අයත් රත්මලාන ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් සහ කැලණිය පොලිස් කොට්ඨාස බලප්‍රදේශයට අයත් කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වටලා ගණිකා වෘත්තියේ නිරතව සිටි කාන්තාවන් 22ක් ඒවායේ කළමනාකාරියන් සහ කළමනාකරුවන් ද සමඟ අත්අඩංගුවට ගනිමිනි.
පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව අදාළ ස්පා මධ්‍යස්ථාන තුනක් වටලනු ලබන්නේ පසුගියදාය. ආයුර්වේද සම්බාහනය මුවාවෙන් මේවායේ මුදලට ගණිකා ජාවාරම සිදුකරගෙන යන බවට ලැබුණු තොරතුරු මත වැටලීම සිදු කෙරිණි. කතුන් හත්දෙනෙකු සහ කළමනාකරුවන් දෙදෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගනු ලැබිණි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ තරුණ කතුන් අවුරුදු 18 – 32 වයස්වල පසු වූවෝ වෙති. ඔවුහු නුගේගොඩ, රිකිල්ලගස්කඩ, බුත්තල, මහනුවර, වැලිපැන්න, අම්බලන්ගොඩ සහ පාණදුර ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති. සැකපිට අත්අඩංගුවට ගන්නා ලද කළමනාකරුවන් දෙදෙනා වරකාපොළ සහ බක්මීපුර ප්‍රදේශවල පදිංචි අයයි.
අදාළ ස්පා ආයතනවල සම්බාහනය මුවාවෙන් ගණිකා ජාවාරම සිදුවන බවට ලැබුණු තොරතුරු මත පොලිසිය පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මේ වැටලීම සිදුකරන ලද්දේ පොලිස් උපාය දූතයන් මාර්ගයෙනි. ව්‍යාපාරිකයකු ලෙස වෙස් ගත් පොලිස් උපාය දූතයා රුපියල් පන්දාහකට කාන්තාවක් මිලදී ගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කෙරිණි.
මෙහි සේවයේ නිරත ඇතැම් කතුන් සිය නිවෙස්වලට පවසා ඇත්තේ තමන් කොළඹ සහ පාණදුර ප්‍රදේශවල ඇඟලුම් ආයතනවල සේවයේ නිරත වන බවය.
රත්මලාන වෙඩිකන්ද කාෂියා මාවතේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් සිදුකරගෙන යන ලද ගණිකා ජාවාරම වටලන්නේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. ඒ එම නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුවය. එහි කළමනාකාරිය සමඟ කතුන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගැනිණි.
සැකකාර කළමනාකාරිනිය පාණදුර, වත්තල්පොළ පදිංචිකාරියකි. ඇගේ වයස අවුරුදු 27කි. සෙසු කාන්තාවෝ පදවිය, මාතලේ, මඩවලඋල්පත සහ අනුරාධපුර පදිංචිකාරියෝය. ඔවුහු 25, 34, 40 වයස්වල පසුවන්නෝ වෙති.
අදාළ ස්ථානයට වැඩිපුර පැමිණෙන්නේ ව්‍යාපාරිකයන් බවත් මෙහි සිටින කතුන් රුපියල් පන්දහසේ සිට පහළොස් දහස දක්වා අලෙවි වන බවත් පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්ත ජයවර්ධනට ලැබුණු තොරතුරකට අනුව තෙවැනි වැටලීම සිදු කරන්නේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි. අදාළ සම්බාහන මධ්‍යස්ථාන දෙක පවත්වාගෙන ගොස් තිබුණේ කිරිබත්ගොඩ පොලිස් වසමේ ස්ථාන දෙකකය. මේ ස්ථානවල සම්බාහනය මුවාවෙන් ගණිකා ජාවාරම සිදුවන බවට තොරතුරු ලැබී තිබිණි. පොලිස් උපාය දූතයකු මඟින් වැටලීම සිදු කෙරිණි. කතුන් අටදෙනකු මෙහිදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි. එක් සම්බාහන මධ්‍යස්ථානයකින් කතුන් 5 දෙනෙකු ද සෙසු ස්ථානයෙන් කතුන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගන්නා ලදි.
මේ කතුන් අවුරුදු 24 – 45 වයස්වල පසුවන අය වන අතර මීමුරේ, අම්පාර, පොලොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, පදවිය, මට්ටක්කුලිය, වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති.
සැකකාරියන් වැඩිදුර විමර්ශන සඳහා කිරිබත්ගොඩ පොලිසියට භාරදී ඇත.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනානාරත්න යන නිලධාරින්ගේ උපදෙස් මත පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර, පොලිස් පරීක්ෂකවරුන් වන සුරංග රණවීර, චමිල් මධුෂංක තිලකරත්න, සැරයන්වරුන් වන (18397) ලාල්, (55359) කනවිල, කොස්තාපල්වරුන් වන (76003) නාලක, (911718) චාමර, (101755) කුමාර, (80436) කසුන් යන නිලධාරින් පාණදුර සම්බාහන මධ්‍යස්ථාන තුන සම්බන්ධ විමර්ශනය සිදුකරන ලදි.
කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්ත ජයවර්ධනගේ උපදෙස් මත කිරිබත්ගොඩ දි පොලිස් විශේෂ කණ්ඩායමක් සිදුකරන ලද වැටලීම් දෙකේදී අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් සම්බන්ධ විමර්ශනය පැවරුණේ කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාරගේගේ උපදෙස් මත එහි නඩු මෙහෙයුම් අංශයේ නිලධරයන් වන කොස්තාපල්වරුන් වන 10789 කුලසිංහ සහ (90071) රත්නායක යන නිලධරයන්ටය.
රත්මලානේදී සිදු කරන වැටලීම ප්‍රසන්න බ්‍රාහ්මණගේ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේගේ උපදෙස් මත සිදුකරන ලද්දේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න, උප පොලිස් පරීක්ෂක දිසානායක, කොස්තාපල්වරුන් වන (81753), හේමන්ත (99142), ජයතිස්ස (99213), සේනානායක (97397), දෙහිගම (102364), බුද්ධික (102020) බණ්ඩාර, කොස්තාපල් රියදුරු (80965) එදිරිසිංහ, කාන්තා පොලිස් කොස්තාපල් (11329) මධුෂ්කා යන නිලධාරින් සහ නිලධාරිනියන් විසිනි.
දීපාල් සමරසේකර