ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) වෙතින් ආයතනික මූල්‍ය උපදේශකයකු (CFA) ලෙස ක්‍රියා කිරීමට බලපත්‍රයක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ.CFA බලපත්‍රයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 188 වගන්තිය යටතේ ලැයිස්තුගත කර ඇති උපදේශන සේවා සැපයීමටත් එවැනි සේවා සඳහා ගාස්තු සහ කොමිස් අය කිරීමටත් කොමර්ෂල් බැංකුවට හැකියාව ලැබෙනු ඇත.” අපගේම ණයකර හා හිමිකම් නිකුතු තුළින් වාර්තා බිඳ දැමීමට අමතරව ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ වැදගත් ප්‍රාග්ධන රැස් කිරීම් ක්‍රියාකාරකම්වල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග මහතා පැවසීය.
කොමර්ෂල් බැංකුව SEC වෙතින් CFA බලපත්‍රය ලබා ගනී
628
previous post