ලෝක සංචාරක දිනයට සමගාමීව Intrepid Colombo විසින් සංවිධානය කරන ලද “Women in Tourism” හෙවත්, සංචාරක කර්මාන්තයේ කාන්තාවෝ නම් විශේෂ පුහුණු සැසිය පසුගියදා මහනුවරදී සාර්ථක ලෙස පැවැත්වුණි. විවිධ ක්ෂේත්‍ර පුරා තිරසර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක Market Development Facility (MDF) වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කැපවී ක්‍රියාකරන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ද මෙම පුහුණු සැසිය වෙනුවෙන් සිය සහයෝගය ලබා දීම කැපී පෙනිණි.මෙම පුහුණු සැසියට සහභාගි වීම සඳහා අයදුම් කර තිබූ අපේක්ෂකයින් 45 දෙනකු අතුරින් සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කිරීමේ අභිලාෂයෙන් පසුවන දක්ෂ කාන්තාවන් 11 දෙනකු මෙම පුහුණු සැසියට එක්ව සිටියහ.
Intrepid, MDF සහ සංචාරක සංවර්ධන අධිකාරියෙන් පුහුණු සැසියක්
1.1K