Home » DIMO Healthcare වෙතින් යාපනය රෝහලට පරිගණක පද්ධතියක්

DIMO Healthcare වෙතින් යාපනය රෝහලට පරිගණක පද්ධතියක්

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMOහි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, යාපනය ශික්ෂණ රෝහලේ Siemens Healthineers 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රය සඳහා අමතර පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් (workstation) පරිත්‍යාග කළේය. එය MRI වාර්තා ලබාගැනීම සහ ඒ තුළින් රෝග විනිශ්චය කටයුතු වේගවත් කිරීමටත් කඩිනමින් ප්‍රතිකාර සැලසුම් කිරීමටත් වෛද්‍යවරුන්ට බෙහෙවින් ඉවහල් වේ.DIMO Healthcare විසින් 2020 වසරේදී Siemens Healthineers 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රය යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපනය කරනු ලැබීය. මෙය යාපනය දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ඇති එකම MRI ස්කෑන් යන්ත්‍රය ලෙස මහඟු සේවාවක් සපයයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division