Home » සතියේ කලදවස

සතියේ කලදවස

සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 6 දක්වා

by gayan
September 28, 2024 12:30 am 0 comment

මේෂ – දරුවන්ගේ ප්‍රාර්ථනා ඉටුවෙයි

සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. දරුවන්ගේ ඉගෙනීම වෙනත් යහපත් බලාපෙරොත්තුවලට සුබඵල ගෙන දෙයි. වෙළෙඳ ව්‍යාපාර, රැකී රක්ෂා දියුණුව සහ ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. පුණ්‍ය කටයුතු සඳහා දායකත්වය ලබාදෙන ගෘහ ජීවිතය සැනසීමෙන් ගෙවිය හැකි සතියකි. සෙම් රෝග ඇතිවේ. අපල අවම වීමට අක්ෂි රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක – 6, 8, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – අඟහරුවාදා, බදාදා

වෘෂභ – ගෘහ ජීවිතය සැනසිලිදායකය

සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ඇවිදිලි වැඩි, පදිංචි ස්ථානයේ දියුණුවක් සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කරන දින කීපයකි. දරුවන්ගේ ඉගෙනුම් අංශවල ප්‍රගතියක් සහ ඔවුන් පිළිබඳ යහපත් බලාපොරොත්තු ඇති කරයි. සතුරු කරදර අඩුවේ. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජනගත හැකිවේ. අපල අවම වීමට පසුතැවීම් ඇති නොවන ආකාරයට බුද්ධිමත්ව වැඩ කටයුතු කරන්න.

සුබ අංක – 6, 8, සුබ වර්ණ – කොළ, සුදු, සුබ දවස් – සෙනසුරාදා, බදාදා

මිථුන – යහපත් සතියකි

සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. සතුට සැනසීම ඇති දරුවන්ගේ ජයග්‍රහණ පිළිබඳව අභිමානයක් දනවන සතියකි. සහජ හැකියාවන් තුළින් ජයග්‍රහණ අත්වේ. මා පිය දූ දරු සබඳතා වැඩි දියුණුවේ. ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. පුණ්‍ය කටයුතුවලට නිරායාසයෙන් යොමුවේ. අපල අවම වීමට වස් පින්කම් වලට සහභාගි වන්න.

සුබ අංක – 3, 5, සුබ වර්ණ – කොළ, කහ, සුබ දවස් – සිකුරාදා, බදාදා

කටක – අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. සතිය ආරම්භයේ ඔබට ලැබෙන්නට තිබූ යම් සුළු හෝ මුදලක් ලැබීමට ඉඩකඩ ඇත. ස්වයංරැකියා දියුණුව සමඟ උත්සාහය වීර්ය ඇති කරයි. ගෘහ ජීවිතය තුළ ගැටලු අවම වේ. පවුලේ අයගේ බැඳීම් වැඩිදියුණු වන පුණ්‍ය කටයුතුවලට එකට එක්වී සහභාගී වන බවක් පෙනෙන්නට ඇත. අපල අවම වීමට සඳුදා බෝධි පූජා තබන්න.

සුබ අංක – 2, 7, සුබ වර්ණ – සුදු, සුබ දවස් – සඳුදා, බ්‍රහස්පතින්දා

සිංහ – පොදු වැඩ කටයුතුවලදී මුල් තැන

සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 යන භාවයන් මතිනි. පොදු වැඩ සාමාජීය සුබසාධන කටයුතුවලදී මුල් තැනක් හිමිවෙයි. අතමිට මිල මුදල් ගැවසෙන තමා කරගෙන යන ව්‍යාපාර කටයුතුවලින් ලාභ ඉපයීම් කරන්නට හැකි සතියකි. වචනයේ බලයෙන් හිතවතුන්ගේ උදව් උපකාර ලැබේ. පුණ්‍ය කටයුතු සිදු කෙරෙයි. අපල අවම වීමට දුර්වල අයට උදව් කරන්න.

සුබ අංක – 1, 4, සුබ වර්ණ – රතු, තැඹිලි, සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා

කන්‍යා – සමාජයේ වැඩි පිළිගැනීමක්

සඳු ගමන් ගන්නේ 12, 1, 2, යන භාවයන් හරහාය. ආරම්භයේ දුර ගමනක් යෙදිය හැකි අතර වියදම් වැඩිවේ. ඉන්පසු කාලය යහපත්ය. සමාජයේ වැඩි පිළිගැනීමක් ලැබෙන අතර ආත්මාර්ථයට වඩා පරාර්ථය මුල්කරගෙන කැපකිරීම් කරයි. වචනයේ සුහදත්වය සතුරන් වුවද ළංකර ගැනීමට ප්‍රබල වේ. වාසනාවන්ත දින කීපයක් වන අතර යම් අවස්ථාවල සිතෙහි කලබල ස්වරූපයක් ඇතිවේ. අපල අවම වීමට ඉවසීමෙන් කටයුතු කරන්න.

සුබ අංක – 2, 3, සුබ වර්ණ – සුදු, කොළ, සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා

තුලා – ලැබීම් සහිතයි

. සඳු ගමන් කරන්නේ 11, 12 සහ ලග්න භාවය හරහාය. ආර්ථිකය ශක්තිමත් වන ලැබීම් සහිත දින කීපයකි. සමහරවිට යම් සිද්ධීන් නිසා ගැටලුකාරී බවක් හෝ කලකිරීමක් ඇතිවිය හැකිය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් දැක්වේ. සාමාජීය පොදු කටයුතු මෙන්ම රාජකාරි ස්ථානයේදී ද උපායශීලීව හැසිරීමට දක්ෂ වෙයි. අපල අවම වීමට අවංක වන්න.

සුබ අංක – 4, 7, සුබ වර්ණය – තැඹිලි, සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා

 වෘශ්චික – රැකියා, ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජනගත හැකි වුවත් ඇවිදිලි වැඩිවේ. ගෙදර දොර වැඩ කටයුතු පිළිබඳ උනන්දුවක් උද්යෝගිමත් බවක් දක්නට ලැබෙයි. දරුවන්ගේ යහපත් බලාපොරොත්තුවලට සුබ පල හිමිවෙයි. ජයග්‍රාහී අයුරින් ජීවිතයට මුහුණ දෙන්නට ශක්තිය ලැබේ. අපල අවම වීමට මෛත්‍රී සහගතවන්න.

සුබ අංක – 7, 9, සුබ වර්ණ – රතු, කහ, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ධනු – පුණ්‍ය කටයුතු සිදුකරයි

සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතියේ ඔබගේ අරමුණු සපල කර ගැනීමට හැකියාව ලැබෙයි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන දුර ගමන් ඇවිදිලි වැඩ යෙදෙයි. දරුවන් පිළිබඳ සතුටුවිය හැකිය. අපල අවම වීමට බෝපත්‍ර අතින් අහුලා දමා බෝධියට පැන් කළයක් දමන්න.

සුබ අංක – 3, 5, 6, සුබ වර්ණ – කොළ, තැඹිලි, සුබ දවස් – බදාදා, සිකුරාදා

මකර – දුර ගමන් බිමන්

සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවතක් අසන්නට ලැබෙයි. ඉන්පසු කාලය අයහපත් නොවේ. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හිමිවේ. දුර ගමන් බිමන් යෙදෙයි. සතුරු කරදර තිබුනේ නම් අවම වී යයි. සහජ දක්ෂතා වැඩි දියුණු වෙයි. ගෘහ ජීවිතයේදී අතපසුව තිබූ යම් වැඩ නැවත ආරම්භ කිරීමේ ශක්තිය ලැබෙයි. අපල අවම වීමට ධර්මය අසන්න.

සුබ අංක – 8, 9, සුබ වර්ණ – නිල්, රතු, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කුම්භ – මිශ්‍රපල ගෙන දෙයි

සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාරවලදී ඒවා හොඳින් පවත්වා ගෙන යාමට හැකි ශක්තියක් ධෛර්යක් උපදී. එහෙත් රාජකාරිය අකුරට ඉටුකිරීමේ උවමනාවක් තිබුණ ද ඒවාට බාධක ද මතුවෙයි. යම් යම් අතපසුවීම් සිදුවේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ලබාදෙයි. පොදු වැඩවලදී ද තමාව සම්බන්ධ කර ගැනීමට අන්‍යයන් වෙහෙසේ. අවිවේකී සතියකි. අපල අවම වීමට කුසගින්නේ සිටින සතෙකුට හෝ ආහාර ජලය දෙන්න.

සුබ අංක – 2, 3, සුබ වර්ණ – සුදු, නිල්, සුබ දවස් – සිකුරාදා, අඟහරුවාදා

මීන – හිතවතුන්ගෙන් උපකාර

සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. ඔබගේ එදිනෙදා කටයුතුවලදී මේ සතිය තුළ යම් යම් බාධක මතුවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් බොහෝ කල්පනාකාරීව බුද්ධිමත්ව වැඩකටයුතු කරන්න. ව්‍යාපාර, ලාභ හිමිවේ. අන්‍යයන්ගෙන් ඇති හැකි අයගෙන් ආධාර උපකාර ලැබීමේ හැකියාවක් ද පෙන්වයි. කෙසේ වුවද සෞඛ්‍ය තත්වය පිළිබඳව ද සැලකිලිමත් වන්න. අපල අවම වීමට ස්වාමීන් වහන්සේලාට ගිලන්පස පිළිගන්වන්න.

සුබ අංක – 1, 3, සුබ වර්ණ – රතු, කහ, සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division