ඔබ මෙලොව ජන්මය ලබන විට උදාවී තිබු ලග්නය සහ නැකත් පාදය ඔබේ ලග්නය සහ ජන්ම නැකතයි. ලග්නවලට අධිපති ග්‍රහයන් හත් දෙනෙකි.
ඔකුජ ග්‍රහයා මේෂ සහ වෘශ්චික ලග්නවලට ද වෘෂභ සහ තුලා ලග්නවලට, සිකුරු ග්‍රහයා ද බුධ ග්‍රහයා මිථුන සහ කන්‍යා ලග්නවලට ද, සඳු ග්‍රහයා කටක ලග්නයට ද, රවි ග්‍රහයා සිංහ ලග්නයට ද, ගුරු ග්‍රහයා ධනු සහ මීන ලග්නවලට ද, මකර සහ කුම්භ ලග්නවලට, ශනි ග්‍රහයා ද ලග්නාධිපතීන් වෙයි.
සෑම ග්‍රහයෙක්ම ජන්මීන්ට විවිධ අයුරින් බලපෑම් කරයි. රවි ග්‍රහයාගෙන් සත්‍යය, යසස, ජය, ගෞරවය නිවේදනය වන අතර රවි බලවත් වූ විට ජන්මියා උද්ධච්ච සහ අහංකාර තත්ත්වයට පත්වේ. ආත්මාර්ථකාමී බව සහ පීඩාවන්ට පත්වීම රවි දුර්වල වූ විට සිදුවෙයි.
සනීපාරක්ෂාව, ගොවිතැන සහ මාතෘත්වය සඳුගෙන් නිවේදනය වේ. ජන්මියා සිය මවට දක්වන ඇල්ම සඳු බලවත් වන විට වර්ධනය වේ. සඳු දුබල වීමේදී මානසික අවුල් වියවුල් ජන්මියාට හිමිවෙයි. ඉවසීම, මිත්‍රත්වය, මුදල්, ආත්ම ශක්තිය කුජ ග්‍රහයාගෙන් නිවේදනය වෙයි. සිතේ අධිෂ්ඨානය කුජ ප්‍රබල විමේදී වර්ධනය වෙයි. කුජ දුබල වීම පවිටු ගති ගුණ ප්‍රදර්ශනයට හේතු වෙයි.
ද්වි ස්වභාවයෙන් හෙබි ග්‍රහයෙක් ලෙස බුධ ග්‍රහයා හැඳින්වෙයි. බුධ ප්‍රබල වීමේදී නුවණ දියුණු වන්නේ අහංකාරය, අධ්‍යාපනය සහ නුවණ බුධගෙන් නිවේදනය වන නිසාය. අහංකාර ස්වභාවය කෝපය ඉස්මතු වන්නේ බුධ දුර්වල වූ විටදීය. ගුරු ග්‍රහයාගෙන් නිවේදනය වන්නේ වාසනාව, කීර්තිය සහ දේශපාලනයයි. නීරෝගී බව ධනවත් බව ගුරු බලවත් විමේදී ජන්මියාට හිමි වෙයි. රෝගී වීම, බහුල ලෙස මුදල් වැය වීම ගුරු දුබල වීමේදී සිදුවේ.
ආදරය, විවාහය, සැප සම්පත, කලාව, සංගීතය සිකුරු ග්‍රහයාගෙන් නිවේදනය වෙයි. විවාහය, ජනප්‍රියත්වයට සිකුරු ප්රබලවීම හේතුවෙයි. වයසට පත්වීම, විවාහය බිඳී යාම සිකුරු දුබල වීම නිසා සිදුවෙයි. නපුරුකම, දිළිඳුකම, තණ්හාව, රෝග පීඩාදිය නිවේදනය කරන්නේ ශනි ග්‍රහයාය. ශනි බලවත් වීම ඉහළ තනතුරු ලැබීම මෙන්ම යස ඉසුරු ලැබීමට ද හේතුවෙයි.
ජීවිතයට අපල උවදුරු බොහෝ ලෙස ළඟා වීම ශනි දුබලවීමේදී සිදු වෙයි.
මිසදිටුභාවය, පවිටු ඇසුර, දූෂිත ක්‍රියා, වැන්දඹු බව නිවේදනය වන්නේ රාහු ග්රහයාගෙනි. රාහු සමඟ සුබ ග්රහයෙකු තැන්පත්ව සිටින්නේ නම් සුබ පල බහුලව ලැබේ. රාහු සමඟ අසුබ ග්‍රහයෙක් තැන්පත් වී සිටියි නම් අසුබ පල බහුලව ලැබෙයි. මසුරු බව, දිළිඳු බව, යන්ත්‍ර මන්ත්‍ර ආදිය නිවේදනය වන්නේ කේතු ග්රහයාගෙනි.
කේතුගේ මහ දශාවේ අවසන් භාගයේදී යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ලැබෙන්නේ කේතු ප්‍රබල විම සහ දුබල වීම මතය. වසර එකසිය විස්සක් ග්රහයින්ගේ මහ දශා කාලයට අයත් වේ. ජීවිතයේ දෙවරක් එකම මහ දශාව හිමිවන්නේ කලාතුරකිනි. රවිගේ මහ දශා කාලය වසර 06කි. වසර දහයක් සඳුගේ මහ දශා කාලයයි. කුජගේ මහ දශා කාලය වසර හතකි. රාහුගේ මහ දශා කාලය වසර දහඅටක් වන අතර ගුරුගේ මහ දශා කාලය වසර දහ නවයකි. බුධගේ මහ දශා කාලය වසර දහහතකි. වසර හතක් කේතුගේ මහ දශා කාලයයි. වසර විස්සක් සිකුරු මහ දශා කාලයයි.
කැති, උත්‍රපල්, උත්‍රසල නැකත් රවිට හිමි නැකත් වන අතර රෙහෙණ, හත, සුවන නැකැත් සඳුට හිමිය. කුජට මුව සිරස, සිත දෙනට නැකත් හිමිය. රාහුට අද, සා, සියාවස නැකත් හිමිය. පුනාවස, විසා, පුවපුටුප නැකත් ගුරුට හිමිය.
ශනිට පුෂ, අනුර, උත්‍රපුටුප නැකත් ද බුධට දෙට, අස්ලිස, රේවතී නැකත් ද හිමිය. කේතුට අස්විද මා, මුල නැකත් ද බෙරණ, පුවපල්, පුවසල, නැකත් සිකුරුට ද හිමිය.
නව ග්‍රහයින් ලග්න රාශිවලට සුබ අසුබ ලෙසින් හැසිරෙන අයුරු ද මේ සමඟ ඇති වගුවෙන් පැහැදිලි වෙයි. එමෙන්ම නව ග්රහයින්ගේ අපල උදා වූ විට එම අපල දුරු කර ගැනීම සඳහා පැලඳීමට සම්මත මැණික් හා ලෝහ, පිදිය යුතු මල් සහ ස්පර්ශ කිරීම හා සාත්තු කිරීමට යෝග්‍ය වන ගස් පිළිබඳ වගුවක් ද මේ සමඟ ඇත.
නව ග්රහයින්ගේ අයහපතක් සිදුවන විට අනුගමනය කරන සිරිත් විරිත්, පුද පූජා සමාජගත වී ඇත. විෂ්ණු, කතරගම, ශිව දෙවිවරුන්ට සහ බ්‍රහ්මාදීන්ට පුද පූජා පැවැත්වීම, සෙත් ශාන්ති කිරීම අපල උවදුරු දුරු වීමට හේතු වෙයි.