මන්ත්‍ර ශාස්ත්‍රයහි විශේෂ තැනක් හිමි ‘අංජනම’ අවශ්‍යම වජ්‍රනායක, වජ්‍ර කුණ්ඩ, මහා සේතුකන්ධ ආදි අන්වර්ථ නාම රැසකින් හැඳින්වෙන්නේ මහා බල ඇති හනුමන්තාය. ලංකේශ්වර මහා රාවණා සංහාරයට මොහු මූලිකත්වය ගෙන කටයුතු කළ අයකු බව පුරාණ ඉතිහාසයේ සඳහන්වේ.
ජනනාථපුරය ද සොලීන්ගෙන් මුදා ගැනීමට පළමු විජයබා රජු හනුමාගේ බලමහිමය උපයෝගි කරගෙන ඇති බව පුරාණ මන්ත්‍රවේදයේ සඳහන්වී ඇත. එම බලමහිමය ලබා ඇත්තේ මහා හාස්කම් ඇති මහා බල ‘වජ්රහනුමාන්’ යන්ත්‍රය සහ ඊට අදාළ අඳුන්රාජයාගේ බලයෙන්ය. මෙම මහා බල ‘වජ්‍රහනුමාන්’ අභිමථාර්ථ සාධක යන්ත්‍ර රාජයා සහ අඳුන් රාජයා ඔබේ ශුභ සිද්ධිය සඳහා සකසා ගන්නේ මේ ආකාරයටය.
විශේෂයෙන් මෙම යන්ත්‍රය සකසා ගන්නා විට මන්ත්‍ර විද්‍යාව පිළිබඳ මූලධර්මවලට අදාළ ෂඩ්කර්ම චක්‍රයෙහි දක්වා ඇති දේවතා – දිශා – ඍතු – වර්ණ ශුල විචාරය තිථි චක්‍ර, චන්ද්‍රනාථ, සිද්ධියෝග, මෘත්‍යදු යෝග යෝගිනි විචාර ආදී විස්තරයන් අනුව නිසි ලෙස කළොත් මෙහි නිසිපල ඔබට ලබාගත හැක. එමෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රය නොදන්නා ආධුනිකයින් මෙය ජපකරනවිට තම ශරීර ආරක්ෂාව පැලඳ එය සිදුකිරීම වැදගත්වේ.
පළමුව රන් හෝ රිදී තඹ පතක පුරපක්ෂයේ කුජ දිනක කුජහෝරාව තුළදී නැඟෙනහිර දිශාව බලා යන්ත්‍රය ඇඳගන්න. ඊටපසු එහි ‘කොකුම්’ ආලේප කරන්න. එසේ අලේප කරගත් යන්ත්‍රය සහ අඳුන පංචෝපාකාර මල් යහනක් මත තබා රතුමල්, පලතුරු 9ක් තබා මෛත්‍රිය වඩා ශිව ස්ත්‍රෝත්‍ර ගායනා කරමින් සුවඳ ධූප අල්ලා පහත සඳහන් මන්ත්‍රයෙන් 301 වර ගයා ජප කරන්න.
මන්ත්‍රය :-
ඕං හුං හුං භෘං හේරං හේරං හුඃ මම
පරභ්‍යව ත්‍රිභූවන පුරුෂ ස්ත්‍රී නපුංසකාත්මක සර්ව
ජීවජාතං වශ්‍ය වශමමාඥාකාරකං සම්ප්‍රදාය සම්ප්‍රදාය
නානා නාම ධෙයාන් සර්වාන්ථඥාත් සපරිවා රාන්
මම සේවකාන් කුරු කුරු සර්ව ශස්ත්‍රාන්ත්‍ර විෂාණි
විද්වංශ විද්වංශය හුං හිං හ්රූං හ්රාං හ්රාං
හීංහ්රුං එභ්‍යාහිහ සෞභස්ටේප්‍රෙශ සෞංහ
ස්විප්‍රෙං භස්වේ ප්‍රෙං සර්ව ශතඃ හන හන පර
දලානිජරසෛන්‍යානක්ෂොභය කෂොභයවම
සර්ව කාර්ය ජාතං සාධක සාධක ඝර්ෂේඨ දුර්ජන
මුවනි කීලය කීලය සෙ සෙ හා හා හුං
හුං එට් එට් එස්වාහා
මෙය ජප කිරීමට පළමුව නව නීල දිෂ්ඨියෙන් 41ක් වරක් දිෂ්ඨි කර ප්‍රාණ පලිප්පු සිද්ධි ආදියෙන් ශාස්ත්‍ර විධි අනුගමනය කරන්න. බිත්තියේ සවිකරන යන්ත්‍රය අඟල් 7 ” – 7″ සහ කර පැලඳීමට අඟල් 2″ – 2″ ගන්න. නැතිනම් මාරකයි.
අඳුන සඳහා ඖෂධ වර්ග:-
වඳුරු මෑ ඇට, බෙලිලාටු, අඹකිරි, පරවි බෙටි, කෝමාරිකා මුල්, ලුණුවිල, වදකහ, මුවාගේ කස්තුරි – ගෝරෝචන, කරල් සැබෝ, ගොඩ මානෙල් කළුදුරු, හිරියල්, මනෝසිල, ගෙන්දගම්, අමුකපුරු මේවා එළකිරි, එළුකිරි සමඟ ගස් බෙනයක වතුරෙන් අඹරා රසදිය සමඟ මිශ්‍රකර අඹරා ගන්න සඳුන් තෙලින්.
මෙයින් ලැබෙන ශුභ පල වන්නේ නිවසේ, භූමියේ, ව්‍යාපාරික ස්ථානයේ ඇති කොඩිවින භංගවී සුන්වී යාමයි. විනයක් කළොත් වැළලුවොත් පසුදා තමාට හීනෙන් විනය වළදැමූ තැන පෙන්වයි. විස්තර ද කියයි. ව්‍යාපාරික ස්ථාන, කඩ, නිවාස, ගෙවතු මුරකරුවකු සිටිනවා වගේ ආරක්ෂා වෙන අතර සතුරුකම් කරන්නට එන අයව ද පෙනේ. සතුරු කරදර නැතිවේ. යක්ෂ, භූත, ප්‍රේත අමනුෂ්‍ය දෝෂ මඟ හැරේ. දරුවන් නැති අයගේ ඉන බඳිනු. දරුවන් ලැබේ. විවාහ බාධා දුරුවී යහපත් ඉක්මන් විවාහ ඇතිවේ. පෙර කර්ම දෝෂ භංගවේ. පුරුෂ ස්ත්‍රී කාම නිල ඇවිස්සී කාම ආශ්වාදයට ප්‍රියවේ. දුර්වල ලිංග අප්‍රාණිකත්වය පහවී යයි. විභාග, නඩු සම්මුඛ පරීක්ෂණ ජයගනී. රාජ වශීයකි. වසංගත රෝග බෝ නොවේ. දරුණු මාරක ග්‍රහ දෝෂ භංගවේ. ධන සම්පත්, මැණික්, නිධන් ලැබේ. සිතූ පැතූ සම්පත් පහළ වේ. ස්ත්‍රීන්ගේ ලිංගික දුබලතා මග හැරේ. පෙම්වතුන්ගේ වතියන්ගේ සිත් පෙමින් බැඳී රන් රසසේ එක්වීමට උතුම් යන්ත්‍රයකි. මෙය රාම සීතා ද ප්‍රේමයෙන් මන්මත් කළ හනුමාන් වශී යන්ත්‍රයක් බව ද භාරතීය මන්ත්‍රවේදයේ ප්‍රකාශිතය.
මෙම යන්ත්‍රයට ගුප්ත ශබ්ද ආකර්ශණය ඇතිවීමට හා කිරණ පරාවර්තනයවීම සඳහා අංක අනුව මන්ත්‍ර ලියන්න යන්ත්‍රය තුළ.
1. ඕං පිංඟල මහරෞද්‍ර මහාදෘඨ ග්‍රහාරීන් ගගනේ
ගගනේවර ඒහ්යෝහි මහා රෞද්‍ර හිඤජය
2. මජ්ර කාය උර්ධව කේශ දෘෂ්ට්‍රොන්
ලංකේශ්වර වධාය
එහ්යෙ භගවන් දීර්ඝ ප්‍රච්ජෙනහං
3. වජ්රෙ කුණ්ඩෙ මහාබල රක්ත මූර්ශකට
කහහ මහා සේත බන්ධ මහා බල පරාක්‍රම ඓෂ්ඨය වෛරීනාංඑට්
4. කපිල තඩ්ජ ජින්වකරා ලිනේ මහා ගෛල ජුවාන භෛරවඥ ජයභඤජය