Home » කල්පනා ලෝකයේ සැරිසරන ජන්ම අංක 5 හිමියෝ

කල්පනා ලෝකයේ සැරිසරන ජන්ම අංක 5 හිමියෝ

මෙවර ජන්ම අංක 05 හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන

by gayan
September 28, 2024 12:30 am 0 comment

අංක විද්‍යා ‌ෙජ්‍යාතිෂයට අනුව ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හඳුනාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වන අතර පහුගිය කලාපවලින් ජන්ම අංක 1 සිට 4 දක්වා අයට අදාළ පලාපල විස්තර සඳහන් කරන ලදී.

මෙහිදී ඔබ කුමන අවුරුද්දක කුමන මාසයක ඉපදුණත් ඔබගේ උපන් දිනය පමණක් සැලකිල්ලට ගනු ලබයි. මෙම ලිපියෙන් ඕනම මාසයක 5, 14, 23, යන දිනවල උපන් අයගේ සෞඛ්‍ය තත්ත්වය සහ වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ අනුව මේ ලිපිය කියවා ඔබට වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව කල් තියා දැන හඳුනා ගැනීමට හැකියාව ලැබෙන අතර, එමඟින් එම අවදානම් තත්ත්වයන්ට කලින් සූදානම් වීමටත් එම රෝගාබාධයන්ගෙන් වැළකී සිටීමටත් නිරෝගී ප්‍රීතිමත් සතුටුදායක ජීවිතයක් උරුම කර ගැනීමටත් ඔබට හැකියාව ලැබෙන බව සඳහන් කරනු කැමැත්තෙමි.

ඔබ ඉපදුනේ ඕනෙම මාසයක පහ, දාහතර, විසිතුන (5, 14, 23) යන දිනයක නම් බුධ ග්‍රහයාගේ කම්පන බලවේගයට ඔබ යටත් වෙයි. එමෙන්ම අංක පහ ඔබගේ ජන්මාංකය බවට පත්වෙයි. කුඩා කල සිටම නිදහසේ සතුටින් විනෝදයෙන් සිනහවෙන් යුතුව කාලය ගත කිරීමට කැමැත්තක් දක්වන ඔබට අධික ලෙස මොළය වෙහෙසවීම සහ කල්පනා කිරීම එතරම් සුදුසු නැත. අධික වෙහෙස නිසා ස්නායු පද්ධතියේ ආබාධ ඉක්මනින් හට ගැනීමේ අවදානමක් ඔබට පවතී. විශේෂයෙන් වැඩි කාලයක් රූපවාහිනී, පරිගණක තිර ස්මාට් තිර අසල වැඩිපුර ඔබ කාලයක් ගත කරනවා නම් අන් අයට සාපේක්ෂව ඔබ වඩා ඉක්මනින් රෝගී බවට පත්වීමේ අවදානම පවතී. අධික ලෙස මනස වෙහෙසා කටයුතු කරන ඔබට රාත්‍රියට නින්ද නොයාම වැනි රෝගී තත්ත්වයන් පහසුවෙන් ඇති කළ හැකිය. විශේෂයෙන් කල්පනා ලෝකවල වැඩියෙන් සැරිසැරීමට කැමැත්තක් දක්වන ඔබට දිනකට පැය අටක පමණ සුවදායක නින්දක් ලබා ගැනීම සහ අවශ්‍ය තරම් කායික මානසික විවේකය ලබා ගැනීම ඔබව බොහෝ කල් නීරෝගිව සතුටින් තැබීමට හේතුවනු ඇත. ස්නායු පද්ධතියේ බිඳවැටීම් නිසා සිදුවන මොළයේ ගැටලුකාරී තත්ත්වයන්, අමතක වීම, නින්ද නොයාම, කල්පනාව අඩුකම, එවැනි තත්ත්වයන් පහසුවෙන් ඇතිවීමේ හැකියාව පවතී. ඔබට මානසික විවේකය මෙන්ම සතුට විනෝදය ඇති කරන ක්‍රීඩාවන් වැනි දේවල් නිසි ශාරීරික ව්‍යායාම, ආදිය මඟින් මේ තත්ත්වයන් අවම කර ගැනීමේ හැකියාව පවතී. ඉටු කළ නොහැකි තරම් වගකීම් භාර ගැනීම සහ අධික ලෙස කාර්යබහුල වීම අඩු කරගත යුතු අතර සෑම දෙයක් පිළිබඳවම සුභවාදීව සරලව සිතා ජීවත්වීමට පුරුදුවන්න. සම ආශ්‍රිත රෝග තත්ත්ව ද, කොණ්ඩය යාම හිස කෙස් පැසීම වැනි හිස සමඟ සම්බන්ධ රෝග තත්වයන්ද පහසුවෙන් ඇති කළ හැකි අතර කුඩා කල කතා කිරීමේ අපසුතා මෙන්ම වචන ගොත ගැසීම් වැනි තත්ත්වයන්ද ඇතිවිය හැකිය. ඔබට නිසි ක්‍රමවේද අනුගමනය කර පච්ච ගලක් හෝ පබලු පැලඳීම මගින් මේ ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක් අවම කරගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන් වර්ෂය තුළ ජූනි, සැප්තැම්බර් සහ දෙසැම්බර් යන මාස වඩාත් ප්‍රවේශම් විය යුතු කාලවකවානු විදියට සඳහන් කළ හැකිය. ඔබට වයස අවුරුදු දාහතර, විසිතුන, හතළිස් එක සහ පනහ යන වයස්වලදී සෞඛ්‍ය සම්බන්ධ වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු වෙයි. ඔබ මේ තත්ත්වයන් හොඳින් තේරුම් ගෙන නිසි ක්‍රමවේද අනුගමනය කරමින් ඔබගේ සෞඛ්‍ය ආරක්ෂා කරගෙන නීරෝගිව ජීවත් වෙන්නට උත්සාහ ගන්න. ජන්ම අංක 6 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division