පරිසරය යනු අපට සොබාදහමෙන් ලැබුණු අගනාම දායාදයයි.
ගස් වැල් ගංගා ඇළ දොළ මල් ආදිය අපට පරිසරය ලෙසින් හැඳින්විය හැකිය.
එය රැක ගැනීම අප සතු වගකීමකි.
එම නිසා අප පරිසරය පිරිසිදුව ලස්සනට තබාගත යුතුය පරිසරයට අප ආදරය කළ විට පරිසරයද අපට ආදරය කරයි.
නිමංසා තරුනෙතු හෙට්ටිආරච්චි
4 ශ්‍රේණිය ‘බී‘
විශාකා විද්‍යාලය,
කොළඹ – 05.
වැහිබර හැන්දෑව
මුළු අහසම කළුවර වුණා
ගිගුරුම් හඬ වැඩි වුණා
වැහි බිඳු එක දෙක වැටුණා
හිත මගෙ සතුටින් පිරුණා
කුකුළා පියපත් සැලුවා
තද සුළඟ හමා ගියා
වැස්සක් ළඟ ළඟ කියා
ගහකොළ මල් හිනැහෙනවා
මහෝෂධ හස්තික
9 ශ්‍රේණිය,
ජනාධිපති විද්‍යාලය,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
ආදරණීය දුවේ පුතේ,
ඔබේ කවි, රචනා, චිත්‍ර ආදී නිර්මාණ සිළුමිණ පුවත් පතේ පළකර ගැනීම සඳහා ඔබටත් අවස්ථාව හිමියි. පන්ති භාර ගුරුවරයා විසින් සහතික කළ ඔබේ නිර්මාණ අප වෙත යොමු කරන්න.
සිළුමිණ දූ දරුවෝ
සිළුමිණ කර්තෘ මණ්ඩලය,
ලේක්හවුස් ආයතනය,
කොළඹ 10.
editor.silumina@lakehouse.lk
වැස්ස
වැස්ස යනු අපට සොබා දහමෙන් ලැබුණු දායාදයකි. වැහි බින්දු පොළොවට පතිත වීමෙන් මුළු පරිසරයම සිසිල් වෙයි. වැස්ස නිසා ගස්වැල්වල දූවිලි පිසදමා මුළු පරිසරයම අලංකාර වෙයි. වැස්ස අපගේ කුසගින්න නිවන ගොවියාගේ කුඹුරුවලට ජලය සැපයීමට උදව් කරයි. වැස්සෙන් ලැබෙන ජලය රැක ගැනීම අපේ යුතුකමකි.
ආර්. එම්. ඉසෙලි ආර්යා සමාධි
4 ‘බී‘ ශ්‍රේණිය
අලුත්වැව කුමාර මහා විද්‍යාලය
අලුත්වැව.
මල්… මල්
උදේ පිපෙන මල්
ඕලු නෙළුම් මල්
පාට පාට මල්
හරි ලස්සන මල්
රෑට පිපෙන මල්
සමන් කුමුදු මල්
සුදු පාටයි මල්
හරි සුවඳයි මල්
බුදුන් පුදන මල්
දෙවිඳු කැමති මල්
සිනා කැකුළු මල්
පුංචි ළමයි මල්
ආහල්‍යා වික්‍රමසිංහ
3 වසර,
කාන්තා විදුහල,
කොළඹ 7.
සවස
සවසට ඉර බැහැගෙන යයි. සවසට වවුලෝ කෑම සොයා පියඹා යති. කෑම සොයා ගිය කුරුල්ලන් ආයෙත් කූඩුවලට එයි. වැඩට ගිය අම්මලා ගෙවල් වලට එයි.
ලොහස් සෙනෝද් උඩුගම
2 ශ්‍රේණිය ‘ඒ‘
ශාන්ත මරියා ජාතික පාසල,
වේයන්ගොඩ.
සරුංගලේ
නිකිණි මහේ කුරුල්ලෙකි ගුවනේ රජ කරන
නෙක පැහැ සව් කොළත් ගත වට දවට ගෙන
පිහාටු නැතත් නිල් අඹරේ සැරි සරන
සකියනි සරුංගලයකි අර අහසේ දිලෙන
දිල්නුක සිල්වා
9 ශ්‍රේණිය
මහරගම මධ්‍ය මහා විද්‍යාලය,
මහරගම.
සාගරයේ මුතු කැටයයි
ලස්සන ශ්‍රී ලංකාව යි
සාගරයේ මුතු කැටයයි
ලොව බබළන පුංචි රටේ
අපි සැවොමත් එකමුතුවේ
මහවැලි කැලණි කළු වලවේ
මනරම් ගංගා බොහොමයි
කඳු අතරින් උපදින මේ
මහවැලි යනු දිගම ගඟයි
මනරම් දිවයින මැද්දේ
සුන්දර කඳු පන්ති පෙළයි
ඒ අතුරින් උසම කන්ද
පිදුරුතලාගල කන්දයි
දේශගුණය සෞම්‍ය වේ
වර්ෂා අඩු වැඩි නැති වේ
වාසනාව පිරී ඇතේ
වටිනා ශ්‍රී ලංකා වේ
සුන්දර ජල ධාරාවන්
ගහකොළ වන සිවුපාවන්
අනාගතේ පරපුරටත්
ඉතිරි කරමු ආදරයෙන්
දිලුනි නෙහාරා
9 ශ්‍රේණිය,
ගෝතමී බාලිකා විද්‍යාලය,
කොළඹ 10.