රජයේ වාහන අවභාවිත කිරීම බරපතළම වරදකි. හිටපු අමාත්‍යවරයකු වූ ඒ.එච්.එම් ෆවුසි මහතාට වසර දෙකක සිර දඬුවම නියම වූයේද (අත්හිට වූ සිර දඬුවම්) රජයේ වාහනයක් අවභාවිත කිරීම නිසාය. මහජන මුදලින් මිල දී ගත් වාහන භාවිත කළ යුත්තේ ජනතාවට සේවය කිරීම පිණිසය. එහෙත් එසේ ජනතා සේවය සපයන මුවාවෙන් කාලාන්තරයක් තිස්සේ වාහන අවභාවිත කිරීම රටේ ජනතාවට ප්‍රධාන සේවා සපයන ජනාධිපති කාර්යාලය හරහා සිදුවීම සැබැවින්ම ශෝකාකූලය. එහිදී අවභාවිත මෙන්ම වංචාවන්ද කාලාන්තරයක් තිස්සේ සිදුවීම රටේම අභාග්‍යයකි. ඇමැතිවරයකුට අමාත්‍යාංශ ලේකම්වරයකුට හෝ අතිරේක ලේකම්වරයකුට හෝ වෙනත් අනුමත නිලධාරියකුට වාහනයක් ලබා දීම නීත්‍යනුකූලය. එහි කිසිදු ගැටලුවක් නැත. ඇමැතිවරයාට හෝ ලේකම්වරයාට බස් රථයක හෝ ත්‍රි රෝද රථයක් නැඟී පැමිණ මහජන සේවාවන් කළ නොහැකිය.
එහෙත් අනුමත කාර්ය මණ්ඩලයෙන් බාහිර පුද්ගලයන්ට වාහන ලබා දීම සිදු කරන්නේ නම් එය අනිවාර්යයෙන් අවභාවිතයක් වන්නේය.
එහෙත් අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා ගොස් වෙනත් කාර්ය මණ්ඩල උපදේශක තනතුරු නිර්මාණය කරමින් ඒ වෙනුවෙන් වාහන, ඉන්ධන හා රජයේ වැටුප් ගෙවන්නේ නම් එතන ඇත්තේ අවභාවිතයක් මෙන්ම දූෂණයකි. වංචාවකි.
එසේම රජයේ වාහන හෝ පෞද්ගලික ආයතනයන්ගෙන් අධික මුදල් ගෙවා කුලී පදනම මත වාහන ලබාගෙන ඒවා තම හිතවතුන්ගේ ප්‍රයෝජනය පිණිස ලබා දෙන්නේ නම් එතැන ඇත්තේ ද අවභාවිතයක් නොව පැහැදිලි වංචනික හොරකමකි.
ඉහළින් සිදුවන හොරකම් නොනවත්වා පහළ හොරකම් නැවැත්වීම කළ නොහැකිය.
ජනාධිපති කාර්යාලය හරහා වසර 2012 සිට අඛණ්ඩව මේ අවභාවිතාවන් මෙන්ම වංචාවන් දූෂණයන් සිදු කර ඇති බව දැන් පැහැදිලිය.
රජයේ ඇමැතිවරයෙක් හෝ ලේකම්වරයෙක් හෝ වෙනත නිලධාරියෙක් භාවිත කරනු ලබන වාහනයක් වේ නම් එය තම නිල කාලය අවසන් වූ විට තමාට ලබා දුන් ප්‍රවාහන අංශ නිලධාරියාට හෝ ලේකම්වරයාට හෝ අදාළ නිලධාරියාට විධිමත් ලෙසින් ආපසු භාර දිය යුතුය. එසේ නොකර තැන් තැන්වල ඒවා දමා යන්නේ නම් හෝ රියදුරන් අත එම වාහන ආපසු එවන්නේ නම් හෝ අනිවාර්යෙන්ම එතැන ඇත්තේ අප පෙර කී අවභාවිතයක් හෝ වංචාවකි, දූෂණයකි.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන ජනාධිපති කාර්යාලය අසල බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලේ සහ පදනම් ආයතනය ආසන්නයේත් ලක්සල ආසන්නයේත් ශ්රාවස්තියේත් ගාල්කර තබා ගොස් ඇත.
පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය අසල රථ ගාලට ගිය ජාතික ජල බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසුවේ මෙලෙස රථ වාහන දමා ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශන සිදු කරන බවයි.
සිළුමිණ කළ විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ ජනාධිපති කාර්යාලයට අයිති වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛනවල ඇති බවයි.
‘‘ ඒ වාහන 833න් වාහන 29ක් 2022 වනවිටත් අතුරුදන් වෙලා. එම වාහන කවුරුන් භාවිත කළේ ද ඒවා වෙනුවෙන් අදාළ වගකිව යුත්තන් විසින් ගත් පියවර මොනවාද යන්න අප සොයා බලනවා. මේ සියල්ල කෙරෙන්නේ රටේ නීතියට අනුවයි. ඒ අනුව පරීක්ෂණ නිලධාරීන් ගාලු මුවදොර ඇතුළු වාහන නවත්වා ඇති ස්ථාන වෙත ගොස් අදාළ පරීක්ෂණ කටයුතු සිකුරාදා ආරම්භ කළා.
ජනාධිපතිවරයකුට සියලු නිලධාරීන්ගේ වගකීමක් තියෙනවා අදාළ ධුර කාලය හෝ නිල කාලය අවසන් වූ විට එම වාහන නිසිපරිදි ලබා දීමට. ඒ වාහන භාර දුන්නේ කාටද කොහොමද කියන එක අපි සොයනවා ඊට අදාළ නීතිමය පියවර ගන්නවා”
ජනාධිපති ලේකම් කාර්යාලය හරහා විවිධ කාර්යයන් සඳහා අනුයුක්ත කර සිටි නිලධාරීන්ට නිකුත් කර තිබූ රජයේ වාහන 107ක් මෙලෙස ගාල් කර ඇති බව අනාවරණය විය. ගැටලුව වන්නේ මෙලෙස ගාල් කර ඇති වාහන බොහොමයක් නිසි ලෙසින් ආපසු භාර නොදීමය. වාර්තා වන අන්දමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් විවිධ ව්‍යාපෘති හා කාර්යයන් වෙනුවෙන් යැයි අනුමත කර 253ක් භාවිත කර ඇති අතර එම වාහන බාහිර පාර්ශ්වයන්ට ලබා දී ඇති බවයි. එම වාහන එලෙස භාවිත කිරීම නීති විරෝධී වුව ද ඔවුන්ට එකල ලැබුණු එම අයථා නිදහසින් ප්‍රයෝජන ගත්තද වර්තමානයේ එවැනි දූෂණ වංචාවන්ට වැට බැඳෙමින් පවතින හෙයින් කඩිමුඩියේ එම වාහන ගෙනවිත් දමන බව හෙළිව ඇත.
එපමණක් නොව වහාම අවධානය යොමු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා වාහන ලබා දී ඇති නිලධාරීන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුය. ජනාධිපති කාර්යාලයේ පමණක් රථවාහන 92ක් එක් එක් නිලධාරීන්ට ලබා දී ඇත. එම ලබා දී ඇති රථ අතර ජනාධිපති උපදේශකවරුන් පමණක් කෙතරම් සිටීදැයි පහතින් බලාගත හැකිය.
ජනාධිපති කාර්යාලයේ වාහන භාවිත කළ නිලධාරීන්ගේ ලේඛනය මෙසේ දැක්විය හැකිය.
1. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක – විමධ්‍යගත
පරිපාලන,
2. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දේශගුණ
විපර්යාස,
3. ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු කටයුතු
4. ජනාධිපති උපදේශක – පළාත් සභා කටයුතු.
5. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කඳුකර දෙමළ ජනතාව ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීම.
6. හා 7 (ජනාධිපති විශේෂ සහායකවරු
දෙදෙනෙකි)
8. අධ්යක්ෂ ජනරාල් ( ප්‍රජා කටයුතු)
9. අධ්යක්ෂ ජනරාල් – වෘත්තීය සමිති.
10. ජනාධිපති උපදේශක (ආහාර සුරක්ෂිතතාව)
11. ජනාධිපති උපදේශක (නීති කටයුතු)
12. ජනාධිපති උපදේශක (මාධ්‍ය හා
සන්නිවේදන)
13. ජනාධිපති උපදේශක ( ආර්ථික ප්‍රතිපත්ති
ක්‍රියාත්මක කිරීම)
14. ජනාධිපති උපදේශක ( ආර්ථික
ප්‍රතිසංස්කරණ)
15. ජනාධිපති උපදේශක ( යුරෝපා, ආසියානු,
අප්‍රිකානු කැරිබියන් සහ පැසිෆික් රටවල්
සහ බ්‍රිතාන්‍ය කටයුතු)
16. ජනාධිපති උපදේශක ( උඩරට
සම්බන්ධිකරණ කටයුතු)
17. ජනාධිපති උපදේශක (සන්නිවේදන)
18. ජනාධිපති උපදේශක ( පරිසර, දේශගුණ
විපර්යාස හා හරිත ආර්ථික)
19. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක –
(ආර්ථික ස්ථාවරත්වය ප්‍රකෘතිමත් වීම
සහ වර්ධනය)
20. ජනාධිපති උපදේශක ( විද්‍යාත්මක කටයුතු)
21. ජනාධිපති උපදේශක (ජාත්‍යන්තර කටයුතු)
22. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය)
23. ජනාධිපති උපදේශක (උපායමාර්ගික
වෙළෙඳ ප්‍රතිපත්ති සහ පර්යේෂණ)
24. ජනාධිපති උපදේශක ( ව්‍යවසාය සංවර්ධන)
25. ජනාධිපති උපදේශක (ආර්ථික ප්‍රතිපත්ති
ක්‍රියාත්මක කිරීම)
26. ජනාධිපති උපදේශක (පාර්ලිමේන්තු
කටයුතු)
27. ජනාධිපති උපදේශක (භාණ්ඩාගාර කටයුතු)
28. හා 29 ජනාධිපති විශේෂ සහායකවරු
දෙදෙනෙක් (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
දෙදෙනෙක්).
30. අධ්යක්ෂ ජනරාල් (ජනාධිපති මාධ්‍ය අංශය)
31. අධ්යක්ෂ ජනරාල් (විශේෂ ව්‍යාපෘති)
32. අධ්යක්ෂ ජනරාල් (මහජන සම්බන්ධතා)
33. අධ්යක්ෂ ජනරාල් (කාර්යාල මණ්ඩල ප්‍රධානී
කාර්යාලය)
34. අධ්යක්ෂ ජනරාල් (දේශපාලන කටයුතු)
35. අධ්යක්ෂ ජනරාල් (ජනාධිපති මන්දිර,
කොළඹින් බැහැර)
36. අධ්යක්ෂ ජනරාල් (විදේශගත ශ්‍රී ලංකා
කටයුතු සඳහා කාර්යාලය,)
37. අධ්යක්ෂ ජනරාල් (ජාතික ජන සභා ලේකම්
කාර්යාලය)
38. අධ්යක්ෂ ජනරාල් (සංවර්ධන ව්‍යාපෘති
අධීක්ෂණ)
39. අධ්යක්ෂ ජනරාල් (කාර්යාල මණ්ඩල ප්‍රධානී
කාර්යාලය)
40. අධ්යක්ෂ ජෙනරාල් (සත්‍යය හා ප්රතිසන්ධාන
යාන්ත්‍රණය සඳහා වූ අතුරු ලේකම්
කාර්යාලය)
41. 42 හා 43 ජනාධිපති සම්බන්ධීකරණ
ලේකම්වරුන් තිදෙනෙක්
44. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්
(බෞද්ධ කටයුතු).
45. ජනාධිපති සම්බන්ධකරණ. ලේකම් –
බෞද්ධ කටයුතු (විශේෂ ව්‍යාපෘති)
46. සම්බන්ධීකරණ අධ්යක්ෂ (ජනාධිපති
මාධ්‍ය අංශය)
47. සම්බන්ධීකරණ අධ්යක්ෂ (ජනාධිපති
මාධ්‍ය ය)
48.49 හා 50 සම්බන්ධීකරණ අධ්යක්ෂවරුන්
තිදෙනෙක් – ජනාධිපති පෞද්ගලික
ලේකම් කාර්යාලය.
51. ව්‍යාපෘති කළමනාකරු උපදේශක – ජාතික
ජන සභා ලේකම් කාර්යාලය,
52. නියෝජ්‍ය අධ්‍යක්ෂිකා – ජනාධිපති මාධ්‍ය
අංශය.
53. හා 54 නියෝජ්‍ය අධ්යක්ෂවරුන් දෙදෙනෙක්
– ජනාධිපති මාධ්‍ය අංශය.
55. නියෝජ්‍ය අධ්යක්ෂ (විදත් මාධ්‍ය) ජනාධිපති
මාධ්‍ය අංශය,
56. නියෝජ්‍ය අධ්යක්ෂ (කර්තෘ මණ්ඩල –
දෙමළ) ජනාධිපති මාධ්‍ය අංශය.
57. නියෝජ්‍ය අධ්යක්ෂ (කර්තෘ මණ්ඩල ඉංග්‍රීසි)
ජනාධිපති මාධ්‍ය අංශය.
58. හා 59 නියෝජ්‍ය අධ්යක්ෂවරුන් දෙදෙනෙක්
– ජනාධිපති මාධ්‍ය අංශය.
60. නියෝජ්‍ය අධ්යක්ෂ (මාධ්‍ය සම්බන්ධීකරණ)
ජනාධිපති මාධ්‍ය අංශය.
61. හා 62 සහකාර අධ්යක්ෂවරුන් දෙදෙනෙක් –
ජනාධිපති මාධ්‍ය අංගය.
63. ලේකම් (ජාතික ජන සභා ලේකම්
කාර්යාලය)
64. නීති උපදේශක (කාර්ය මණ්ඩල ප්‍රධානී
කාර්යාලය)
65. ආර්ථික උපදේශක (කාර්ය මණ්ඩල ප්‍රධානි
කාර්යාලය)
66. උපදේශක (විදේශගත ශ්‍රී ලංකා කටයුතු
සඳහා කාර්යාලය)
67. අධ්යක්ෂ – (ජාතික ජන සභා ලේකම්
කාර්යාලය)
68. අධ්යක්ෂ (මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.
69. අධ්යක්ෂ (මුද්‍රිත මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය
අංශය.
70, 71, 72 හා 73 අධ්යක්ෂවරුන් සිවු දෙනෙක්
ජනාධිපති මාධ්‍ය අංශය.
74. අධ්යක්ෂ (සංවර්ධන සන්නිවේදන)
ජනාධිපති මාධ්‍ය අංශය.
75. අධ්යක්ෂ (මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.
76. අධ්යක්ෂ (සංවර්ධන සන්නිවේදන) ජනාධිපති
මාධ්‍ය අංශය.
77. අධ්යක්ෂ (ඩිජිටල් මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය
අංශය.
78. අධ්යක්ෂ (දේශපාලන කටයුතු
සම්බන්ධීකරණය) කාර්ය මණ්ඩල ප්‍රධානී
කාර්යාලය.
79. අධ්යක්ෂ (විදත් මාධ්‍ය) විශේෂ ව්‍යාපෘති
අංශය.
80. අධ්යක්ෂ (තොරතුරු) ජනාධිපති මාධ්‍ය
අංශය.
81. අධ්යක්ෂ (පහසුකම්) ජනාධිපති මාධ්‍ය
අංශය.
82. අධ්යක්ෂ (ඡායාරූපකරණය හා
නිර්මාණාත්මක ඡායාරූපකරණය),
83. අධ්යක්ෂ (ඉංජිනේරු) ජනාධිපති මාධ්‍ය
අංශය.
84. වී.එස්. ආර්. කොඩිතුවක්කු, අධ්යක්ෂ
(ඉලෙක්ට්‍රෝනික හා මෙහෙයුම්).
85. අධ්යක්ෂ – (නව මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය
අංශය.
86. අධ්යක්ෂ – ජාතික ජන සභා ලේකම්
කාර්යාලය.
87. අධ්යක්ෂ – ජාතික ජන සභා ලේකම්
කාර්යාලය.
88. අධ්යක්ෂ – ජාතික ජන සභා ලේකම්
කාර්යාලය.
89. අධ්යක්ෂ – ජාතික ජන සභා ලේකම්
කාර්යාලය.
90. අධ්යක්ෂ – (නිර්මාණාත්මක) ජනාධිපති
මාධ්‍ය අංශය.
91. අධ්යක්ෂ (ඩිජිටල් මාධ්‍ය) විශේෂ ව්‍යාපෘති
අංශය.
92. අධ්යක්ෂ – (තොරතුරු) ජනාධිපති මාධ්‍ය
අංශය.
මෙසේ ලබා දී ඇති වාහන ලක්ෂ 60 සිට ලක්ෂ 350 පමණ දක්වා වන බවත් මේ වන විට වාර්තා වී ඇත.
එපමණක් නොව එයින් වාහන 59ක් පෞද්ගලික ආයතන හා පුද්ගලයන්ගෙන් කුලී පදනම මත ලබාගත් ඒවාය.
ඒ හා සමඟම අවධානය යොමු කළ යුතු තවත් විශේෂිත කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත.
ඒ අප පෙර කී ලෙසින් අවභාවිතයන් පමණක් නොව මේ හරහා සිදුව ඇති දූෂණයන් ගැන අවධානය යොමු කිරීමටය.
අප කී ලෙසින්ම වසර 2012 එසේත් නැත්නම් 2014 සිටම මේ දූෂණ හා වංචා සිදුව ඇත. එයින් එක් දූෂණ වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින්ද අවධානය යොමු කර තිබුණි.
එය ඇත්තෙන්ම අසන්නට සොයා බලන්නට රසවත් කතාවකි.
කතාවේ එක් මූලයක් ජනාධිපති ලේකම් කාර්යාලයයි. අනෙක් කෙළවර ඇත්තේ නැඟෙනහිර කෙළවර පුල්මුඩේය.
2014 වසරේ අවසානය දක්වාම ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ධාවනය වන බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර එම වාහන උදෙසා පුල්මුඩේ ‘ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ‘ ආයතනයෙන් මුදල් ගෙවා ඇත. රජයට අයත් සමාගමක් වුවත් ජනාධිපති ලේකම් කාර්යාලයට කිසිදු ආකාරයක සම්බන්ධයක් නැති ‘ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ‘ ආයතනයේ ගිණුමෙන් අදාළ වාහන වෙනුවෙන් මුදල් ගෙවා ඇතැයි පැවසෙන මේ මහා පරිමාණ ජාවාරම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කෙරිණි.
‘ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ්‘ යනු රජයට අයත් සමාගමක් වන අතර එය හුදෙක් පුල්මුඩේ පිහිටි ඛනිජ වැලි සම්බන්ධ කටයුතුවල පමණක් නියැළී සිටින සමාගමකි. ජනාධිපති කාර්යාලයේ කටයුතු වෙනුවෙන් එහි කිසිදු සම්බන්ධයක් නැත. 2014 වසරේදී සමාගමේ මාසික වියදම රුපියල් මිලියන 100ක් බවට වාර්තා වී තිබුණි.
පුල්මුඩේ පිහිටි යන්ත්‍රාගාරයට හෝ රාජගිරිය ප්‍රධාන කාර්යාලයට හෝ සබඳතාවක් නොමැති ජනාධිපති ලේකම් කාර්යාලයේ අවශ්‍යතා සඳහා ලබා ගත් වාහන සඳහා ගෙවීම් කිරීමට සමාගමට කිසිදු නීතිමය හැකියාවක්ද නැත.
එසේ වුවත් මේ ආයතනය විශේෂයෙන්ම පුල්මුඩේ වැනි ඉතා දුර බැහැර ජනතා ඇසට වැඩි වශයෙන් යොමු නොවන ආයතනයක් නිසා දෝ එම ආයතනය නමින් ගසා කෑම පහසු වන්නට ඇතැයි ඇතැමකුට සිතුණා විය හැකිය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ධාවනය වන බව පවසා ඒ සඳහා ගෙවීම් ‘ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ්‘ ආයතනයෙන් සිදු කළත් එවන් කිසිදු වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ භාවිතයට ගෙන නැත.
මෙහි අරුමය වන්නේ එවකට ජනාධිපති සම්බන්ධීකරණ අධ්යක්ෂවරයකු මේ ගෙවීම් අනුමත කර ඇත්තේ එම වාහන ජනාධිපති කාර්යාලයේ ධාවනය වන බව පවසමිනි.
මෙසේ අයථා ලෙසින් ව්‍යාජ ලේඛන මඟින් මුදල් ලබා ගත් වාහන දෙකක් පිළිබඳව ස්ථිරවම වාර්තා වී ඇති අතර එසේ ව්‍යාජ ලෙසින් මුදල් ලබාගෙන ඇති අනෙක් වාහන සම්බන්ධව පරීක්ෂණ සිදු කෙරුණද විවිධ බලපෑම් හමුවේ ඒවා යට ගියේය.
පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ එසේ ව්‍යාජ ලෙසින් මුදල් ලබා ගෙන ඇති කිසිදු වාහනයක් ජනාධිපති කාර්යාලයේ ධාවනය කර නොමැති බවයි.
එසේ නම් ඒ සඳහා ජනාධිපති සම්බන්ධීකරණ අධ්යක්ෂවරයා මුදල් ගෙවන ලෙස අනුමත කෙළේ කෙසේද? ගණකාධිකාරිවරුන් සෙවීමක් සිදු නොකර එක දිගටම මුදල් ලබා දුන්නේ කෙසේද? එම වාහන කවුරුන් උදෙසා කුමන අංශයක ධාවනය වන්නේදැයි කිසිවෙකු විසින් හෝ සොයා නොබැලුවේ ඇයිද යන්න ගැටලුවකි. මේ නිසා වාහන ධාවනය වන බවට ලබාගත් සියලු මුදල් ඇස් පනා පිටම වංචා කර ඇති බවට විශ්වාස කෙරේ.
ගෙවීම් සිදු කළ වාහන සම්බන්ධව විමර්ශනයේදී වාහන දෙකට අදාළ වවුචර්පත් ලබා දී ඇති ආයතන කෙරෙහිද පරීක්ෂණ ඇස යොමු විය.
එක් වාහනයක් සම්බන්ධව වවුචර් පතක් ඉදිරිපත් කර ඇත්තේ නුගේගොඩ සුභද්‍රාරාම පාරේ අංක 170ඒ හි ප්‍රෙස්කෝ ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් විසිනි. ඒ අංක ඩබ්.පී. wp KB 5303 දරන වාහනය සඳහාය. 2014 වසරේ හෝ ආසනන කාලයේදී එම වාහනයට මාසිකව රුපියල් 64,000.00 ක අතිවිශාල මුදලක් ගෙවා ඇති අතර අදාළ වවුචර් පත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයාට අමතරව ජ්‍යෙෂ්ඨ ගිණුම් කළමනාකරු ඇතුළු කිහිප දෙනකු විසින්ම අනුමත කර ඇත. මීට අමතරව wp PB XXXX නම් වාහනයක් සඳහාද රුපියල් 75000.00ක විශාල මුදලක් මාසිකව ගෙවා ඇති අතර එම වාහනය සඳහා අදාළ වවුචර් පත් ඉදිරිපත් කර ඇත්තේ කැලණිය, වෙදමුල්ලේ නුවර පාරේ ඒ.පී.ල්. ගෲප් ඔෆ් කම්පැනි ආයතනය විසිනි. ඒ සඳහා ද පෙර කී නිලධාරීන් විසින් ගෙවීම් අත්සන් කර අනුමැතිය ලබා දී තිබේ.
එසේ අනුමැතිය ලබා දුන් පසු එම වවුචර් පත් සඳහා ගෙවීම් සිදු කර තිබෙන්නේ ‘ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ‘ ආයතනය විසිනි.
මේ අනුව ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ‘ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ‘ සමාගමේ නිලධාරීන්ද මේ වංවාවට ඍජුව හෝ වක්‍රව හෝ සම්බන්ධ වන්නට ඇතැයි සැක කළ හැකිය. එසේ නොමැති නම් කිසිදා ධාවනය නොවන ලද තමන් නොදුටු වාහන සඳහා මෙසේ අනුමැතිය ලබා දුන්නේ කෙසේද යන පැනය මතු වනු ඇත.
අඩුම වශයෙන් ආරක්ෂක අංශයක හෝ එම වාහන පැමිණියා නම් ඒ බව සඳහන් විය යුතුය. වාහනය භාරව සිටි අංශයක් තිබිය යුතුය. එහෙත් ගැටලුව වී ඇත්තේ පරීක්ෂණ පවත්වනු ලබන ඇතැම් නිලධාරීන්ගේ අලසකම්ය. එසේ නොමැතිනම් මේ වංචා සිදු කළ පුද්ගලයන් හොරුන් බව පැහැදිලිවම පෙනී පෙනී රාජ්‍ය මුදල් ජනාධිපති කාර්යාලයේ හා රජයේ සමාගමක කිහිප දෙනෙක් එක්ව ගසා කෑ කල තවත් බලා සිටිනුයේ මන්ද? ඒ විනාශය කළවුන් දඬු කඳේ නොගසා තවත් සීත කාමරවල තබන්නද?
ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජයපාල මහතා පසුගිය 26 වෙනිදා ගාලු මුවදොරට පැමිණ අදාළ වාහන පරීක්ෂා කර බැලුවේය. ඒ අතර වාහන ආනයනය තහනම් කළ සමයේ හම්බන්තොට වරාය හරහා ගෙන් වූ වාහන 16ක් ඇති බව ද ඔහු පැවසුවේය. එම වාහනවල වෙළෙඳපොළ වටිනාමක රුපියල් කෝටි 100ක් බව තක්සේරු කර ඇත.
මෙහි තිබූ සුපිරි වාහන අතර V 8 ලෑන්ඩ් කෘෘෂර්, මොන්ටෙරෝ ඇතුළු සුපිරි වාහනද ඇති අතර ඇතැම් සුපිරි වාහන ඉන්ධන ලීටරයකින් ධාවනය වන්නේ කිලෝමීටර් 2ත් 3ත් අතර දුරක් බව හඳුනා ගෙන ඇත.
අතුරුදන් වාහන සම්බන්ධයෙන් සොයා බැලීම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. මේ සියලු වාහන ඉදිරියේදී අධ්‍යාපන, පොලිසිය හා සෞඛ්‍ය ක්ෂේත්රයන්ට ලබාදීමට පියවර ගැනෙනු ඇත.
ගාලු මුවදොර ගාල් කර ඇති වාහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසා ඇත්තේ අදාළ වාහන ලබාගත් නිලධාරීන් ඒවා නිසි ලෙසින් භාර දී ඇති බවයි.
එසේ භාර දුන් නිලධාරීන්ට ගැටලුවක් නැත. එහෙත් අප ඉහත දැක්වූ පරිදි තමන්ට හිමි නැති හෝ වෙනත් ව්‍යාපෘති මවා පාමින් හෝ පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයෙන් ගෙවීම් සිදු කළා සේ ඇති වංචා සෙවීම කළ යුතුය. වාහන නිසි පරිදි භාර දී ඇති අය කලබල විය යුතු නොවේ.
සේයාරූ – රුක්මල් ගමගේ
තාරක වික්‍රමසේකර