Home » වියදම් ඉදිරිපත් නොකරන සියලු අපේක්ෂකයන්ට නඩු
ඔක්තෝබර් 12 දිනට පෙර

වියදම් ඉදිරිපත් නොකරන සියලු අපේක්ෂකයන්ට නඩු

ඕනෑම පුරවැසියෙකුට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි

by Mahesh Lakehouse
September 28, 2024 12:40 am 0 comment

නාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන් ඔක්තෝබර් 12 වැනිදාට පෙර තම මැතිවරණ වියදම් වාර්තා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු බවත් එසේ ඉදිරිපත් නොකරන සියලු අපේක්ෂකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සිළුමිණට කීය.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත ඉකුත් ජනාධිපතිවරණයේදී පළමු වරට ක්‍රියාත්මක වූ අතර, ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වී දින 21ක් ඇතුළත සියලු අපේක්ෂකයන් සිය වියදම් වාර්තාව මැතිවරණ කොමිසමට භාර දීම අනිවාර්ය වේ. ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන් ඔක්තෝබර් 12 වැනිදාට පෙර වියදම් වාර්තා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුය.

නියමිත දිනට වාර්තා ඉදිරිපත් නොකිරීම සහ දෝෂ සහිත වාර්තා ඉදිරිපත් කිරීම නීත්‍යනුකූල වරදක් බැවින් පනත යටතේ පනවා ඇති දණ්ඩනයන්ට යටත් වන බවද සභාපතිවරයා පැවැසීය.

ඒ අනුව මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකරන හෝ සීමාව ඉක්මවා වූ හෝ අනීතික වියදම් සම්බන්ධයෙන් ඕනෑම අයකුට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, ඒ සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමටත් නීතිපතිවරයා මාර්ගයෙන් නඩු පැවරීමටත් පොලිසියට බලය පැවරී ඇත.

සුරේකා නිල්මිණී ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division