මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් 27 දක්වා වූ කාලය තුළ දිවයින පුරා කළ වැටලීම්වලින් පාරිභෝගික අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 1420ක දඩ මුදලක් අය කරගෙන ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර සිළුමිණට පැවැසීය.
එම කාලය තුළ තුළ කරන ලද මුළු වැටලීම් සංඛ්‍යාව 17,815 ක් වන අතර ඉන් සහල් සම්බන්ධව කළ වැටලීම් සංඛ්‍යාව 2619 කි. පාන් සඳහා කරන ලද වැටලීම සංඛ්‍යාව 1594 කි.
එම වැටලීම්වලදි කල් ඉකුත් වූ ආහාර, මිල වෙනස් කිරීම් ආදි හේතුන් මත සුපිරි වෙළෙඳසල් 552 වටලා නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
මෙම වැරදි සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් නීතිය දැඩි සේ ක්‍රියාත්මක කරන අතර මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ට නඩු පවරා ඇතැයි ද එහි සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය
ඉනෝකා සමරවික්‍රම