Home » පාරිභෝගිකයන්ට වංචා කර ලක්ෂ 1420ක දඩ කති

පාරිභෝගිකයන්ට වංචා කර ලක්ෂ 1420ක දඩ කති

by Mahesh Lakehouse
September 28, 2024 12:39 am 0 comment

මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් 27 දක්වා වූ කාලය තුළ දිවයින පුරා කළ වැටලීම්වලින් පාරිභෝගික අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 1420ක දඩ මුදලක් අය කරගෙන ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර සිළුමිණට පැවැසීය.

එම කාලය තුළ තුළ කරන ලද මුළු වැටලීම් සංඛ්‍යාව 17,815 ක් වන අතර ඉන් සහල් සම්බන්ධව කළ වැටලීම් සංඛ­්‍යාව 2619 කි. පාන් සඳහා කරන ලද වැටලීම සංඛ්‍යාව 1594 කි.

එම වැටලීම්වලදි කල් ඉකුත් වූ ආහාර, මිල වෙනස් කිරීම් ආදි හේතුන් මත සුපිරි වෙළෙඳසල් 552 වටලා නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

මෙම වැරදි සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් නීතිය දැඩි සේ ක්‍රියාත්මක කරන අතර මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ට නඩු පවරා ඇතැයි ද එහි සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division