953
සමගි ජන බලවේගයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් පත්කර ඇත. එසේම සමගි ජන සන්ධානයේ මහලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කර තිබේ.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සජබ ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයා ලෙස පත්කර ඇත.
එළැඹෙන මහ මැතිවරණයේදී පක්ෂය වඩාත් ස්ථාවරත්වයෙන් ශක්තිමත් කිරීම වෙනුවෙන් මේ පියවර ගෙන ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් පෙන්වා දුන්නේය.