Home » ශිෂ්‍යත්වය ගැන සීඅයිඩී විමර්ශන දිගටම

ශිෂ්‍යත්වය ගැන සීඅයිඩී විමර්ශන දිගටම

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment
අමිල මලවිසූරිය

පසුගිය 15 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට ලබාදුන් ප්‍රශ්න කිහිපයක් කලින් පිටවීම පිළිබඳව මාපිය විරෝධය හමුවේ විභාග දෙපාර්තමේන්තුව සහ මාපියන් විසින් විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිලි ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතින බව පොලිස් මූලස්ථානයෙන් වාර්තා වේ.

මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනය අනුව පසුගිය 22 වැනිදා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලැසුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අයි.ජී.එස්. ප්‍රේමතිලක සහ පසුගිය 25 වැනිදා ශිෂ්‍යත්ව පළමු පත්‍රයේ ප්‍රශ්න කීපයක් ආදර්ශ ප්‍රශ්න පත්‍රයකට ඇතුළුකොට වට්ස්ඇප් සමූහ ඔස්සේ බෙදාහැරි රජයේ ගුරුවරයකු මෙන්ම උපකාරක පන්ති ගුරුවරයකු ලෙස කටයුතු කළ අලව්ව, තුල්හිරිය, අරලිය උයනේ පදිංචි එම්.සී. කුමාර ඉලංගසේකර නමැත්තා ද අත්අඩංගුවට ගෙන ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණියගේ උපදෙස් මත මූල්‍ය විමර්ශන අංශ (iV) ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් ද සිල්වා ඇතුළු කණ්ඩායමක් මෙහෙයවති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division