Home » මහ මැතිවරණයට නාම යෝජනා ඔක්තෝබර් 04 සිට 11 දක්වා

මහ මැතිවරණයට නාම යෝජනා ඔක්තෝබර් 04 සිට 11 දක්වා

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන අතර, ඒ සඳහා නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 04 වැනිදා සිට 11 වැනිදා දක්වා සිදු කෙරේ.

එම පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විටත් නිවේදනය කර ඇත. ඒ අනුව වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 19කි. අඩුම මන්ත්‍රීවරු සංඛ්‍යාව වන 4 තෝරා ගැනීමට නියමිතව ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. පිළිගත් දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා සඳහා ඇප මුදල් තැන්පත් නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division